Matrix Movies 3නේ තේරුම ??

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Matrix 4 Reboot එකක් 2020 වගේ එන කතාව තිබුනා Warner Brosලගේ.
    කොහොමත් උන් කතාව ඉවර කරේ නැහැනේ,
    සාම සාකච්චාවක් ගහලා ෂේප් උනානේ. :lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Matrix වලට ආස හිතුන නං 13th floor කතාවත් බලන්න. ඒකත් computer simulation එකක් ගැන.
    matrix වල තරං බරපතල සිදුවීම් නෑ. ඒත් ගතියක් තියෙනව :yes:
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,372
    2,369
    113
    the Matrix movie franchise එක නොබලපු කෙනෙක් නම් මේ group වල හොයා ගන්නත් නැති තරම්... ඒත් බලපු අය අතරින් සේරම වගේ මේ movies වල actions, visual effects හොදින් රසවින්දත් බොහෝ අයට එහි basic underground story එක ගැන නම් ලොකු දැනුමක් නෑ. හොයල බැලුවොත් ඔයාලට තේරෙයි ඉතා සිත්ගන්නා scientific theme එකක් තමයි තියෙන්නේ කියලා. ඇත්තටම එහි නිර්මාණකරුවන් උනු Wachowski brothers ලට කොහොම මේ වගේ ideas ආවද කියලා මට නම් හිතාගන්නවත් බැරි උනා..(Technically දැන් නම් brothersලා නෙවෙයි ඉතින්😅)
    ඇත්තටම මේ movies release උනු කාලෙත් audience එකටත් ගොඩක් ප්‍රශ්න ආවා. ඉතින් ඒවට පිලිතුරු විදිහට Wachowski brothersලට පොත් විතරක් නෙවෙයි තව movies පවා කරන්න උනා.
    ඉතින් මේ review එකෙන් 1st movie එකේ ඔයාල නොදන්නා behind stories ටිකක් කියන්න හිතුවා.. 😋

    #What_is_the_MATRIX

    මේ movies වලින් කතා කෙරෙන්නේ 2199දී ලෝකයේ සිදු වෙන සිදුවීම් මාලාවක් ගැන. හැබැයි ඒ වෙද්දි මේ ලෝකය පාලනය කරන්නේ Artificial Intelligent basic උනු robots and machines. ඒ වගේම මිනිස්සු කියන්නේ එයාලගේ power source එක වගේ හිටපු වහල්ලු.
    ඇත්තටම එහෙම දෙයක් උනේ කොහොමද...
    ඒ දේවල් දැන ගන්න නම් ඔයාලට Wochowskiලා හදපු animated short movie series එකක් උනු The Animatrix බලන්නම වෙනවා. ඇත්තටම මේ කතාව තමයි Matrix trilogy එකේ foundation එක. මම ඒ කතාව ඔයාලට දැන ගන්න ගොඩක් කෙටියෙන් කියන්නම්...
    මිනිස්සු AI technologies develop කරන් යද්දී හැදුනු සමහර bugs නිසා AI ලා හිතන්න පටන් ගත්තා මිනිස්සු කියන්නේ එයාලගේ පැවැත්මට බාධා කරන පිරිසක් කියලා. ඉතින් AIලා ලෝකේ හැම රොබෝලම තමන්ගේ පාලනයට අරන් මිනිස්සු එක්ක යුද්ධ කරා. ඉතින් මේ යුද්ධ අවසානයේ මිනිස්සුන්ට සිදු උනා AIට යටත් වෙන්න. ඉතින් AI ලා මොකද කලේ, Matrix කියලා virtual platform එකක් හදලා මිනිස්සු සේරම ඒකට plug කරලා මිනිස්සුන්ගේ ජීව ශක්තිය එයාලගේ power source විදිහට ගත්තා. ඔයාලට මතක ඇති අර Neo එක පාරටම pod එකකින් නැගිටින්නේ. අන්න එතන තමයි මේ හැම මිනිහෙක්ටම අවශ්‍ය nutrients දීලා සිහින ලෝකයක තියන් ඉන්නේ. ඒත් මේ virtual Matrix platform එකේදි මිනිස්සු, තමන් ඉන්නේ 1999 කියලයි හිතන් ඉන්නේ.. 😅

    #The_ZION

    හැබැයි මේ අතරේ AIලගෙ matrix එකෙන් බේරිලා රහසින් පොලොව යට ජීවත් වෙන තවත් මිනිස්සු කොටසක් ඉන්නවා. එතෙන්ට තමයි Zion කියන්නේ. AIලා එහෙම පිරිසක් ඉන්නවා කියලා දන්නවා උනත් එයලාගේ location එක හොයමින් තමයි ඉන්නේ. ඒ වගේම මේ මිනිස්සු matrix platform එක hack කරලා තමන්ට ඕනේ විදිහට matrix එකට log වෙන්න ක්‍රමයක් හදා ගෙන තියෙන්නේ. ඒකෙ access point එක තියෙන්නේ matrix එකේ telephones වල. ඒ වගේම matrix එකේ codes වෙනස් කරලා තමන්ට ඕනේ විදිහට සීමාසහිතව matrix එකේ හැසිරෙන්නත් එයාලට පුලුවන්.
    ඒත් මේ matrix එකට වෙන අනවශ්‍ය බලපෑම් වලක්වන්න AI ලා Agents කියලා high end programs යොදලා තියෙන්න. එයාලා නිකම් matrix එකේ gate keepersලා වගේ. Zion එකේ location එක හොයා ගන්න එකත් එයාලගේ main task එකක්..

    #Wake_up_NEO

    මේ අතරේ matrix එකට plug වෙලා ඉන්න සමහර අයගේ සිත් වලට එයාලා ජීවත් වෙන ලෝකයේ (Matrix එකේ) මොකක් හරි අවුලක්, අසාමාන්‍යතාක් තියනවා කියල දැනෙනවා. අන්න එහෙම වෙන අයව matrix එකෙන් unplug කරලා real world එකට ගේන එක zion එකේ ඉන්න අයගේ වැඩක්. ඒ වගේම ඒ අසාමාන්‍ය අයව විනාශ කරලා matrix එක ආරක්ශා කරන එක Agents ලගේ දෙයක්. එහෙම අලුතින් එන කෙනෙක් matrix එකෙන් ලෝකයම ගලවා ගනී කියලත් එයාලා අතරේ prophet එකක් තියනවා.

    ඉතින් අපි කතාවට ආවොත්, matrix code වලින් Trinity දකිනවා Anderson(Neo) ගේ අසාමාන්‍යතාව. ඉතින් Trinity එයාව Morpheus ලගට අරන් යනවා agents ලා මරන්න කලින්.
    ඔයාලාට මතක ඇති ඊට කලින් Agentsලා Anderson ගේ කටට සතෙක් දානවා. ඊට පස්සේ Anderson එක පාරටම නින්දෙන් ඇහැරෙනවා. ඒකෙන් Agentsලා කරේ anderson ගේ matrix interface එකට bug එකක් දාලා කලින් වෙච්ච සේරම සිහිනයක් කියලා පෙන්නපු එක. ඒ වගේම ඒකෙන් Agentsලා අයිත් Andersonව locate කර ගන්න පුලුවන් වෙන හින්දා ඒක ඇගෙන් අයින් කරන්වත් ඔයාලට මතක ඇති.

    #Red_pill or #Blue_pill

    මෙතනදි Morpheus Andersonට offers 2ක් දෙනවා. Blue pill එකෙන් කිසිවක් සිදු නොවුනා සේ යලිත් Matrix එකේ සාමාන්‍යය ජීවිතයට යන්නත්, Red pill එකෙන් Matrix එක හැදින ගෙන ඇත්ත ලෝකයට එන්නත් අවස්ථාව ලැබෙනවා. ඉතින් මෙතනදි Anderson තෝර ගන්නේ Red pill.

    ඇත්තටම මේ Red pill එකෙන් මොකද වෙන්නේ....
    අර කලින් ඇගට දැම්ම සතා වගේ මේකත් Matrix bug එකක්. ඒකෙන් වෙන්නේ මිනිස්සු දහස් ගානක් ඉන්න real world pods වලින් Anderson ඉන්න pod එක trace කරන එක. මොකද Morpheusලා ඇත්තටම දන් නෑ මොන pod එකේද Anderson ඉන්නේ කියලා. ඒ වගේම pill එක ගත්තම අර glass එකක් Andersonව ගිල ගන්නවා වගේ පෙන්නනවා නේ. ඒක Morpheusලා විසින් Andersonව Matrix එකෙන් අවදි කරලා Pod එකෙන් unplug කරන්න හදපු matrix program එකක්.
    ඉතින් Anderson, Matrix එකෙන් අයින් උනාම එයාව pod එකෙන් අයින් කරලා Morpheus ලගේ ship එකට ගන්න එකත් පෙන්නනවා.

    #There_is_no_spoon

    ඔයාලට හොදට මතක ඇති Neo, Oracle හමුවෙන්න යද්දි එයා දකිනවා පොඩි ලමයෙක් හැන්දක් නවන හැටි. එතනදි ලමයා Neoට තේරුම් කරනවා එතන තියෙන්න හැන්දක් නෙවෙයි Matrix code එකක් විතරයි කියලා. ඉතින් හැන්ද නවනවා කියන්නේ තමන්ගේ Matrix interface එකෙන් තමන් විසින්ම හැන්දේ Matrix code එක හිතෙන් වෙනස් කරනවා කියන එක. ඉතින් එහෙම කිවුවම Neo ටත් ඒ හැන්ද නවන්න පුලුවන් වෙනවා. අන්න එතනදි තමයි Neo පලවෙනි වතාවට Matrix platform එකෙන් independent වෙන බවට clue එකක් දෙන්නේ.
    ඒ කියන්නේ පිටින් Matrix එකට සම්බන්ධ වුනත් එයලාට Matrix platform එකේ laws and boundaries වලට පිටින් වැඩ කරන්න බෑ. හැබැයි තමන්ගේ සිතෙන් Matrix එකේ code වෙනස් කරන්න පුලුවන් නම් එතකොට එයා නිකම් superman කෙනෙක් වගේ තමයි.

    #End_Explanation

    Neo, Oracle ගෙන් ඇහුවාම තමන්ද කෙනා කියලා (ඒ කියන්නේ prophet එකට අනුව Matrix එකෙන් හැමෝම අවදි කරලා බේර ගන්න කෙනා ) Oracle එතනදි හරියටම උත්තරයක් දෙන්නේ නෑ. එයා කියනවා ඔයාගේ ඊලග ආත්මය සමහර විට බේරා ගනී කියලා. මේ Oracle කියන්නෙත් Matrix එකෙන් යම් සීමාවකට independent උනු කෙනෙක්. ඉතින් එයාගේ independent ability එකක් තමයි අනාවැකි කියන එක.

    ඒත් ඉතින් අන්තිමේදි Agent Smith, Neoට වෙඩි තියනවනේ. ඒ වගේම Neoගේ හදවතත් නතර වෙනවා. ඉතින් Neo මැරෙන්න ගොඩක් ලන් වෙලයි හිටියෙ එතනදි. ඒත් කොහොම හරි එතනදි Neoගේ mind එක, Matrix එකෙන් සම්පූර්ණයෙන්ම independent වෙනවා. ඉතින් එහෙම උනාම එයට නැවත Matrix code regenerate කරන්න පුලුවන් උන හින්දා නැගිටිනවා. ඉතින් Oracle කිවුවා වගේම Neoගේ ආත්මය reboot වීමක් තමයි එතනදි උනේ.

    ඉතින් Neo නැගිට්ටම Smith අයිත් වෙඩි තියනව නේ. ඒත් දැන් Neo සම්පූර්ණයෙන්ම independent වෙලා ඉන්න හින්දා Matrix එකේ rules එයාට අදාල වෙන්නේ නෑ. ඒ හින්දා තමයි එයට bullets නතර කරන්න පුලුවන් වෙන්නෙත්.
    ඒ වගේම එයාට තියන code වෙනස් කිරීමේ හැකියාවෙන් Agent Smith වත් විනාශ කරලා දානවා...

    ඒත් ඉතින් ඊලග movie එකේදි ආයිත් Agent Smith ඉන්නවා නේද..
    ඒ කියන්නේ Agent Smithටත් back up plan එකක් තිබිලා තියෙනවා.
    Agent Smith ගේ program එකත් AI එකක් උනු නිසා එයා Main AI එකෙන් ඉවත් වෙලා තමන්ට ඕනේ විදිහට Matrix එක පාලනය කරන්න තමයි යන්නේ...

    ඉතින් ඒක අන්තිමට main AI එකටත් ප්‍රශ්නයක් වෙනවනේ.. ඒ හින්දා තමයි අන්තිම movie එකේදි main Artificial Intelligent එක Neo ට කියන්නේ ගිහින් Agent Smithව විනාශ කරලා දාන්න කියලා. ඒ වෙනුවෙන් Zion එක ආරක්ශා කරන්නත් AI පොරොන්දු වෙනවා..

    මන් මේ කියලා තියෙන්නේ වැදගත් කියලා හිතුනු කරුනු කිහිපයක් විතරයි. ඇත්තටම කිවුවොත් Internet එකේ නම් movie 3නේ හැම සිදුවීමක්ම හොදින් විස්තර කරපු articles තියනවා...
    වැඩි දුර හොයන්න කැමති කෙනෙක් ඉන්නව නම් අනිවාර්යෙන් ඒවා හොයන් කියවන්න. 😊
    ඇත්තටම අපිට එලියට පේනවට වඩා ගොඩක් හිතන්න තියෙන All time Best Science fiction එකක් තමයි



    Sanduni Tharika Mihindukula - fb
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,372
    2,369
    113
    The Matrix විවරණය
    1999 නිකුත් වුනු The Matrix චිත්‍රපටයට අවුරුදු විස්සක් සම්පූර්ණ වෙනව කියන ප්‍රවෘත්තිය දැකල ඒ ගැන මොනාහරි ලියන්න හිතුන. The Matrix ගැන විවරණයන් ඕන තරම් තිබුණත් ගොඩක් වෙලාවට චිත්‍රපටයේ කතාව උපමාවකට අරගන්න රූපික (metaphorical) විවරණයන් තමා දකින්න ලැබෙන්නෙ. ඒ කියන්නෙ දැන් The Matrix එකේ පෙන්නන දේවල් එහෙම හින්දු, බෞද්ධ හා ජෛන ආගම්වල විමුක්ති සංකල්ප, කතෝලික ඉස්ලාම් යුදෙව් ආගම්වල ස්වර්ගය, මාධ්‍යවලින් කෙරෙන නොමඟයැවීම, සිස්ටම් එකට විරුද්ධව නැගී සිට විප්ලව කිරීම ගැන සමාජවාදී අදහස් වගේ දේවල් වලට ලඝු කරමින් උපමාවන් ලෙස උපුටාදැක්වීම. මේ විවරණය එහෙම එකක් නෙමේ. ඇත්තටම මොකක්ද වුනේ කියල පැහැදිලි කිරීමක්.
    Matrix යනු කුමක්ද ?
    ගණිතයේදි න්‍යාසවලට Matrix කියල කියනව. මේ න්‍යාස සංකල්පය පරිගණක විද්‍යාවෙදි simulation software ඒ කියන්නෙ games වගේ ස්වභාවික ලෝකය අනුකරණය කරන software නිර්මාණයට වැදගත් වෙනව. ඒකත් නමට එක හේතුවක් වුනත් මෙතනදි නම් Matrix කියන්නෙ මාතෘකය කියන සංකල්පයට. මාතෘකයක් කියන්නෙ ජීවී අජීවී දේවල් පවතින කොන්දේසිවලට යටත් පරිසර පද්ධතියක්. සරලව කිව්වොත් සිස්ටම් එකක්.
    මිනිස් සිරුර බැටරියක් ලෙස ?!
    කතාවෙ තියෙන විදිහට මිනිස්සුන්ගෙ ශරීරයේ ඇතිවන විදුලි ධාරාව එක්රැස් කරගෙන තමයි රොබෝල (machines/යන්ත්‍ර) ක්‍රියාකරන්නෙ. ටිකක් මෝඩ plot device එකක් වගේ පේන්නෙ. ඇයි රොබෝලට වෙන විකල්පයක් ඇත්තෙම නැද්ද න්‍යෂ්ටික බලය වගේ. කතාව ලියපු Wachowskis ල මුලින් කල්පනා කලේ විදුලිය විතරක් නෙමේ මිනිස් මොල ගොඩක processing power එක පාවිච්චි කරන්න හදපු network එකක් ගැන. නමුත් කතාව සංකීර්ණ වැඩිවෙයි කියල ඒකෙ විදුලි නිෂ්පාදනය විතරක් රොබෝලගෙ අරමුණ හැටියට කතාව ලියනව. ඒක කතාවෙන් පිට පැහැදිලි කිරීමක්. කතාව ඇතුලෙම මේකට උත්තරයක් තව ටිකකින් කියන්නම්.
    Matrix එකක අවශ්‍යතාවය
    එතකොට Matrix එකක් මොකටද ? මිනිස්සු කෝමා තත්වයෙන් වගේ තියන්න බැරිද ? මිනිස්සු වෙනුවට සත්තු පාවිච්චි කලා නම් Matrix එකක් අවශ්‍යද ? සමහර fan theory වලට අනුව කෝමා තත්වයෙන් තිබ්බොත් මොලේ ක්‍රියාකාරී නැති නිසා ශරීරයේ විදුලි උත්පාදනය අඩුයිලු. මොලේට හැමවෙලාවෙම උත්තේජන සපයමින් ශරීරය ක්‍රියාකාරීව තියාගැනීම Matrix එකෙන් සිද්ධවෙනවලු. The Matrix තේරුම් ගන්න චිත්‍රපට තුනට අමතරව The Animatrix කෙටි චිත්‍රපට එකතුව බලන්න ඕන. මේ ප්‍රශ්නෙට The Animatrix කතන්දර වලින් හොඳ පැහැදිලි කිරීමක් දෙනව. 21 වෙනි සියවස අවසන් වෙනකොට මිනිස්සු දියුණු කෘතීම බුද්ධියක් හිමි රොබෝල නිර්මාණය කරනව මිනිස්සුන්ට සමානව සියලු වැඩ කටයුතු කරන්න පුලුවන්. මේ හැම රොබෝවක්ම මිනිස් ස්වාමියෙක් යටතේ සේවය කරන්නෙ. ක්‍රිව 2090 දි මේ වගේ රොබෝවක් ඔහුගෙ ස්වාමියාව මරාදමනව. මේ අපරාධය සම්බන්ධව රොබෝවට විරුද්ධව නඩු විභාගයක් පැවැත් වෙනව. රොබෝව මේක තමන්ගෙ ආත්මාරක්ෂාව සඳහා කළ මිනීමැරුමක් බවත් තමන් නිර්දෝෂී බවත් අවධාරණය කරනව. නමුත් අධිකරණය රොබෝව වැරදිකරු කරල එය විනාශ කර දමනව. විශේෂම කාරනේ රොබෝලගෙ පැත්ත ගන්න ඔවුන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න මිනිස්සු විශාල පිරිසකුත් ඉන්නව. මේ රොබෝ පක්ෂපාතී මිනිසුන් සහ රොබෝල මේ සිද්ධියෙන් පස්සෙ විශාල විරෝධතාවයක් දක්වන්න පටන් ගන්නව. මිනිසුන් මේක කැරැල්ලක් ලෙස සලකල රොබෝල විනාශ කරනව. ඉතුරුවෙන රොබෝල සහ ඔවුන්ගෙ පැත්තෙ ඉන්න මිනිස්සු Zero One කියල වෙනම රටක් නිර්මාණය කරගෙන පදිංචිවෙනව. Zero One දියුණුවෙනව වගේම අලුත් කෘතීම බුද්ධි පරම්පරාවල රොබෝල නිර්මාණය කරනව. එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් Zero One රටට ආර්ථික සම්බාධක පනවනව. Zero One සාමකාමී විසඳුමක් සාකච්ඡා කරන්න ඔවුන්ගේ සාමාජිකයන් දෙන්නෙක් එව්වත් අනිත් රටවල් එයට එකඟ නොවෙමින් න්‍යෂ්ටික අවි වලින් Zero One වෙත ප්‍රහාර එල්ල කරනව. නමුත් රොබෝල න්‍යෂ්ටික අවිවලට ප්‍රතිරෝධීයි. Zero One ප්‍රතිප්‍රහාර එල්ල කරමින් රටවල් එකින් එක පරාජය කරනව. වැදගත්ම දේ රොබෝලගෙ පැත්තට සටන් කරන මිනිසුන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටීම. අවසානයේදි මිනිසුන් තීරණය කරනව යන්ත්‍ර විදුලිය නිපදවන හිරු එලිය නැති කර දැමීමට අහසේ ආවරණයක් යෙදීමට. මේ ආවරණය හදන්නෙ nanites නම් නැනෝ රොබෝලා ඉහළ වායුගෝලයට මුදාහැරීමෙන්. Nanites ලා ගුණනය වෙමින් තමන් වැනි තවත් රොබෝලා පිටපත් කරමින් ආවරණය පුලුල් කරනව. මේ මෙහෙයුම හඳුන්වන්නේ Operation Dark Storm නමින්. කොහොම වුනත් මේක සියදිවි නසාගැනීමේ මෙහෙයුමක් වගේ. මොකද හිරු එලිය නැතිවීමෙන් වගාවන් සතුන් විනාශ වෙලා ආහාර හිඟයක් ඇතිවෙනව වගේම හිරු එලියෙන් බලගැන්වෙන මිනිස්සුන්ගෙ යුධ උපකරණත් ක්‍රියා විරහිත වෙනව. රොබෝල මිනිසුන්ට සමාන ස්වරූපයෙන් ඉවත්වෙලා යුද්ධය සඳහාම හැඩගැසුණු යන්ත්‍රවල ස්වරූපය ගන්නව. මොවුන්ව හඳුන්වන්නෙ මුර භටයින් (sentinels) ලෙස. රොබෝල ජීව අවි භාවිත කරල යුද්ධය ජයග්‍රහණය කරනව. මෙතනදි මිනිස් හතුරන් සහ රොබෝ හතුරන් තීරණ ගැනීම සමාන නෑ. යන්ත්‍රවලට සියලු මිනිසුන් මරාදමන්න අවශ්‍ය වෙන්නෙ නෑ. විශේෂයෙන් ඔවුන්ගෙ පැත්තෙ හිටපු අය මරාදමන්න කොහොමත් බෑනෙ. ඒ වගේම න්‍යෂ්ටික අවිවලින් විනාශවෙච්ච හිරු එලිය නොවැටෙන ලෝකෙක මිනිස්සුන්ට පැවැත්මකුත් නෑ. විසඳුම තමයි කෘත්‍රීම virtual reality ලෝකයක් මිනිසුන් වෙනුවෙන්. රොබෝලගෙ (යන්ත්‍රවල) පැත්තෙ හිටපු මිනිස්සු තමන් අත්දැකපු බිහිසුනු දේවල් වලින් මිදිල කලින් හිටිය වගේ ජීවත් වෙන්න තමන්ගෙ කැමැත්තෙන්ම virtual reality මෘදුකාංගයකට සම්බන්ධ වෙනව. මොලයට සම්බන්ධ කරපු plug එකක් හරහා තමන්ගෙ ඩිජිටල් පෞරුෂයක් නිර්මාණය කර එහි මානසික පිළිබිඹුවක් ලබාගෙන එයට බාහිර ලෝකයේ උත්තේජනයන් සපයනව. මෙය හඳුන්වන්නෙ residual self image (RSI) එකක් ලෙස. මනස ශරීරයෙන් වෙන්කර මනෝකායක් (astral body) ලෙස කෙලින්ම මෘදුකාංග පද්ධතියකට යොමුකරනවාද එහෙම නැත්නම් මෘදුකාංග පද්ධතියෙන් තොරතුරු මොලය හරහා මනසට ලැබෙන්න සලස්වනවද කියන එක මේ කතාවෙදි විග්‍රහ කෙරෙන්නෙ නෑ. කොහොම නමුත් මෙතනදි රොබෝලට ලැබෙන වාසිය මිනිස් සිරුරෙන් ලැබෙන සියුම් විදුලි ධාරාව. මේක හරියට මිනිසුන් සහ රොබෝලා සහජීවී සබඳතාවයක් වගේ (symbiosis) දෙගොල්ලන්ටම වාසි සහගතයි. තව ටිකකින් කියන්නම් කියපු මිනිස් සිරුරම බැටරියක් ලෙස ගන්නෙ ඇයි කියන එකටත් උත්තරයක් මේකෙන් ලැබෙනව. මේ virtual reality මෘදුකාංගය වැඩිදියුණු කරමින් යාවත්කාලීන (update) කරමින් සාර්ථක සිහින ලෝකයක් නිර්මාණය කරනව. ඒක තමයි The Matrix කියල හඳුන්වන්නෙ. මේ Matrix එකේ versions ඒ කියන්නෙ සංස්කරණ කීපයක් තියෙනව. අවසාන The Matrix සංස්කරණය වැඩිදියුණු කර නැවත ධාවනය කිරීම් (reboots) කීපයක් සිදුකරනව. මේ ගැන විස්තරාත්මකව මීලඟ ලිපියෙන් කතාකරමු.
    TO BE CONCLUDED......
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේ ෆිල්ම් හැම එකකම මුල සීන් එකේ ඉන්නේ ට්‍රිනිටි ("trinity" does that sound familiar to you Catholics? ;)) ඒ හැමතැනකම ට්‍රිනිටි ඉන්නේ ප්‍රශ්නෙකට මුහුණ දීල මානසික පීඩනයකට ලක්වෙලා. එක්කෝ එයාට පහර දීමක් සිඉද්ධ වෙද්දී නැත්නම් එයා මානසික පීඩාවකට ලක්වෙලා ඉද්දි. එයා තමයි ස්ත්‍රී බලවේගය නිරුපනය කරන්නේ මේ ලෝකය තුල (don't know about that opposite forces? up down, left right, night day, UNP or sri lanka, god satun, buddha maara, sura asura, + or -, male female. you got the idea right?) ට්‍රිනිටි පහරදීමට ලක්වෙන්නේ ඒජන්ට්ලගෙන්. ඒජන්tලා නිරුපනය කරන්නේ අපිටත් හොරෙන් අපිව විකුණන බලවේග (politicians, media, Illuminati etc..)


    තව කාරණයක් තමයි හැම ෆිල්ම් එකේම ප්‍රධාන චරිතය (නියෝ) පෙන්වන මුල්ම සීන් එකේ එයා ඉන්නේ නිදාගෙන. මේකෙන් නිරුපනය වෙන්නේ සාමාන්‍ය මනුෂ්‍යයා. (The people who missed everything in this film are in sleep, like the pessimist ;), and they dont know they are in a sleep:sorry:)


    neo.gif
    Wake up neo, the matrix has u. follow the white rabbit. මේකෙන් අපිට දැනුම් දෙනවා අපි ඉන්නේ නිදාගෙන, අපිට ඇහැරලා ඇත්ත දකින්න කියල. ඇත්තටම ඕක කියන්නේ නියෝට නෙමෙයි ෆිල්ම් එක බලන අපිට ;)



    නියෝ හැංගිලා වගේ ඉන්නේ කාමර අංක 101. මේ අංකය සෘජුවම සම්බන්ද වෙන්නේ 1984 ජෝර්ජ් ඔවෙල් ලියපු පොතකට.මනුෂ්‍යයාගේ තිබෙන බිය නිරුපනය කරන්න මේ කාමර අංකය දාල තියෙන්නේ
    263c420a556db7a0270e894c90ad2968.jpg



    1984-film-covers.jpg
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,372
    2,369
    113
    The Matrix විවරණය - 2 කොටස
    23 වන සියවස වෙනකොට කලින් කොටසෙදි සඳහන් කරපු virtual reality වැඩසටහන හෙවත් Matrix නිර්මාණය කරන්නෙ කෘත්‍රිම බුද්ධියක් විසින්මයි. මේක (මෙයා) හඳුන්වන්නෙ The Architect කියල. The Architect කියන්නෙ කෘත්‍රිම බුද්ධි වැඩසටහන් (AI programs) රාශියක් එකතු කරල මනුෂ්‍ය ස්වභාවය තේරුම් ගැනීම සඳහාම නිර්මාණය කරපු එකක්. මෙයා Matrix prototype කීපයක් නිර්මාණය කරනව. ඕනම software එකක් එලියට දාන්න කලින් ඒකෙ beta release එකක් එනවනෙ. මේ Matrix betas.
    Paradise Matrix
    මේක තනිකරම පාරාදීසයක් වගේ. හොඳ දේවල් විතරක් තියෙන ප්‍රශ්න නැති වේදනාවන් නැති පරිපූර්ණ යුටෝපියාවක්. නමුත් මිනිස් මනස නිර්මාණය වෙලා තියෙන්නෙ ප්‍රශ්න විසඳීම බාධක වලට මුහුණ දීම අවදානම් දැරීම වගේ දේවල්වලට. දුක, විඳවීම, කාන්සාව වගේ සාමාන්‍ය මනුෂ්‍ය ලක්ෂණ කිසිම දෙයක් නැති හැමෝම සතුටින් සිටින ලෝකයක් මනසට ගෝචර නැති නිසා පද්ධතිය බිඳවැටෙනව. මිනිස්සු මේ Matrix එක ප්‍රතික්ෂේප කරමින් මියයනව. Paradise Matrix අසාර්ථක වීම ගැන Programs දරන්නෙ විවිධ මත. The Architect කියන විදිහට මිනිස් ස්වභාවය පරිපූර්ණ නැතිවුනත් මේක අසාර්ථක වුනේ මිනිස්සුන්ට තෝරාගැනීමක් (choice) නොදුන් නිසයි. Agent Smith කියන්නෙ නම් එයාලට පරිපූර්ණ මිනිස් ලෝකයක් නිර්මාණය කරන්න අවශ්‍ය පරිගණක භාෂා නැති බව. මේ Matrix එකෙත් Agents ල ඉන්නව දෙමාපියන් හෝ දේවදූතයන් විදිහට.
    Nightmare Matrix
    මේක පරිපූර්ණ නැති දුක වේදනාව පිරුණු ලෝකයක්. නමෙන්ම කියවෙන විදිහට නපුරු හීනයක්. හේතු ඵල වාදය ක්‍රියාත්මක වෙනව. ඵලය හැටියට හොඳ සතුටුදායක දේවල්ම ලැබෙන්නෙ නෑනෙ. මේකෙ vampires, werewolves, zombies සහ aliens ල වගේ programs ඉන්නව. කොහොම නමුත් අනවශ්‍ය විදිහට භයංකාර දරුණු ලෝකයක් මිනිසුන්ට දරාගන්න බැරි නිසා මේකත් අසාර්ථක වෙනව. මේකෙ ඉන්න vampires ල වගේ භයානක programs delete කරන්න හදනකොට Merovingian සහ ඔහුගෙ බිරිඳ Persephone කියන program දෙක මේ අයව හංගගෙන හොරෙන් ආරක්ෂා කරන් තියාගන්නව. චිත්‍රපටවල පෙන්නන අන්තිම Matrix version එකෙත් අපිට Merovingian සහ ඔහුගේ හොල්මං programs දකින්න පුලුවන්.
    The Modern Matrix
    Oracle හෙවත් පේන කියන්නා මිනිස්සුන්ගෙ පැත්තෙ ඉන්නවා කියල හිතන්න පුලුවන් වගේ පේන program එකක්. විශේෂයෙන්ම Oracle නිර්මාණය කරන්නෙ මනුෂ්‍ය ස්වභාවය තේරුම් ගැනීමට. මිනිස් සිත අධ්‍යයන කිරීමේදි ඒකට (ඇයට) තේරෙන දෙයක් තමයි මිනිසුන්ට තෝරාගැනීම නැත්නම් තීරණ ගැනීම් (choices) අවශ්‍ය බව. Matrix එක විසින් සියල්ල තීරණය නොකර තමන්ට තීරණ ගන්න පුලුවන් කියල මිනිසුන්ගෙ යටිහිතට දැනෙන්න සලස්වනව. ඒ තීරණවල පල විපාකත් ගන්න කෙනාට ලැබෙනව. ඉතිං Oracle ප්‍රශ්නෙ විසඳනව. Choice-programming හෙවත් තීරණ සහිත ක්‍රමලේඛණයක් හරහා සාර්ථක Matrix එකක් හදන්න පුලුවන් වෙනව. 1980 - 2025 අතර ක්‍රියාත්මක වෙන කෘත්‍රිම ලෝකයක්. මිනිස්සු 99% ක්ම මේක පිළිගන්නව. මේකෙ මොකක්හරි අවුලක් තියෙනව කියල මනසට දැනෙන 1% ක් ඉන්නව. මේ අය පද්ධතියේ ඇතිකරන කුඩා දෝෂයන් සියල්ල කාලයක් ගියාම එකතුවෙලා පද්ධතිය අස්ථාවරවෙලා බිඳවැටෙනව. මේක වලක්වන්න තියෙන විසඳුම තමයි මේ 1% ඇතුලෙ ඉන්න පිරිසට ටික ටික Matrix එකෙන් නිදහස්වෙලා යන්න දෙන එක. හැබැයි ඒක කරන්න agents ල බොරුවට බාධා කරනව. එතකොට මේ මිනිස්සු හිතන්නෙ තමන් අමාරුවෙන් Matrix එකෙන් නිදහස් වුනා කියල. මේ අයට red pills කියලත් කියනව. මේ අය පොළව යට Zion නගරය පිහිටුවාගෙන තව අයව නිදහස් කරගන්නව. Neo ත් එහෙම නිදහස් වෙන කෙනෙක්නෙ. නමුත් අවුරුදු සියගානකට පස්සෙ Zion නගරයේ ජනගහනය වැඩිවෙලා machines වලට අභියෝග කරන්න පුලුවන් තැනකට එනව. ඒ වගේම Matrix එක ඇතුලෙ තියෙන 1% ඔක්කොම අයින් කරන එක ප්‍රායෝගික නෑ. මේ 1% දෝෂය වැඩිවෙලා Matrix අස්ථායී වෙනව. මේ ප්‍රශ්න දෙකටම විසඳුම Architect සහ Oracle හොයාගන්නව. ඒක තමයි The One මූලික කරගත්ත Matrix Reload කරන චක්‍රය. ලිපිය දිග වැඩි නිසා ඒ ගැන මීලඟ කොටසින් කතාකරමු.
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,372
    2,369
    113
    The Matrix විවරණය - 3
    Matrix Reload වෙන හැටි
    මේ ලිපියෙන් තමයි The Matrix ෆිල්ම් තුනේ තේරුම් ගන්න තියෙන වැදගත්ම සංකල්පය පැහැදිලි කරන්නෙ. ඒ තමයි The Cycle of the One කියන චක්‍රය. මේක ආපහු ආපහු repeat වෙන චක්‍රයක්. මේක තේරුම් ගත්ත කියන්නෙ Matrix තේරුම්ගත්ත කියන එක. මුල් ෆිල්ම් එක ඇවිල්ල අවුරුදු 20 ක් ගිහිල්ලත් අපි තාම මේ ගැන කතාකරනවනෙ ඉතිං. Matrix එකේ අන්තිම version එක සෑහෙන්න සාර්ථක වෙනව. මිනිස්සු 99% ක ගෙම මනස ඒක පිළිගන්නව. නමුත් Matrix එකේ තියෙන එකම ගැටලුව තමයි එකෙ මොකක්හරි අවුලක් තියෙනව කියල දැනෙන 1% මිනිසුන් ප්‍රමාණයක් ඉන්න එක. මේ අය Matrix එකේ ඇතිකරන දෝෂය ටිකෙන් ටික වැඩිවෙලා Matrix එක අස්ථායී වෙනව. මේ ප්‍රශ්නෙට විසඳුම තමයි Architect සහ Oracle දෙන The One මූලික කරගත්ත චක්‍රය.
    Matrix එක ඇතුලෙ The One හැටියට තෝරගන්න එක මනුස්සයෙක්ට ඕනම දෙයක් කරන්න පුලුවන් භෞතික සීමාවන් බිඳින්න පුලුවන් සුපිරි මිනිසෙක් විදිහට program කරනව. මේ කෙනාට Matrix එක විනිවිද දකින්න පුලුවන් නිසා තමන් ඉන්නෙ යථාර්ථයේ නෙමෙයි කියල තේරුම් අරන් මෙයා තමන්ම Matrix එකෙන් නිදහස් වෙනව කාගෙවත් උදව්වක් නැතුව. අර පෙත්තක් දීල Neo ට නිදහස් වෙන්න Morpheus උදව්කරන වගේ නෙමේ මෙතනදි කිසිම උදව්වක් නැතුව තමන්ම නිදහස්වෙනකොට self substantiates කිරීමක් නැත්නම් ස්වයං සනාථ කිරීමක් කියල කියන්නෙ. මේ වැඩේ ස්වාභාවිකව වෙච්ච අවස්ථාවක් Animatrix කතා වල තියෙනව. ඒකෙදි Dan Davis කියන ධාවන ශූරය ලෝක වාර්තාවක් තියෙනව. මෙතනදි Matrix එක program කරල තියෙන මිනිස් වේග සීමා අභිබවායාම නිසා මෙයා Matrix එකෙන් disconnect වෙලා pod එක ඇතුලෙ ඇහැරෙනව....! Neo ව Matrix එකෙන් disconnect කරපුවම එයා වතුර තියෙන pod එක ඇතුලෙ ඇඟට හයිකරපු ගැජට් කෑලි එක්ක ඇහැරුන හැටි මතක ඇතිනෙ. හැබැයි Agents ල ටක්ගාල ක්‍රියාත්මකවෙලා Dan Davis ව Matrix එකට connect කරල දෝෂ හරිගස්සනව.
    දැන් ආපහු The One ගැන කිව්වොත් එයා තමන්ම නිදහස්වෙලා තවත් රතු පෙත්ත තෝරගන්න අය ඒ කියන්නෙ Matrix එකේ අවුලක් තියෙනව කියල තේරෙන 1% ඇතුලෙ ඉන්න අය නිදහස් කරගෙන පොළව යට Zion නගරය පිහිටවනව. මෙතනදි 1% අය Matrix එකෙන් අයින්වෙන නිසා දෝෂය යම් තරමකට අඩු වුනත් 1% ඔක්කොම නිදහස් කරගන්න බෑ. මේ program එකේ තියෙන සමස්ත දෝෂය ඒ කියන්නෙ anomaly එක The One ට එකතුවෙන විදිහට තමයි program කරන්නෙ. මේක integral anomaly කියල හඳුන්වන්නෙ. The One ගෙ කාර්‍යභාරය තමයි Matrix එකේ source එකට ඒ කියන්නෙ කේතයට ඇවිල්ල තමන් සතු සමස්ත දෝෂය වාර්තා කරල ඒක ඉවත් කරල ආපහු Matrix එක අලුතෙන් reload කරන එක. මේත් එක්කම යන්ත්‍ර විසින් Zion නගරය විනාශ කරනව. මොකද Zion වල මිනිස් ජනගහනය යන්ත්‍රවලට අභියෝගයක් වෙන මට්ටමට එන්න දෙන්න බෑ. ඊට පස්සෙ The One ට Matrix එකෙන් තෝරගත්ත පිරිමි 7 දෙනෙක් සහ ගැහැණු 16 ක් නිදහස් කරගෙන ආපහු Zion හදන්න අවස්ථාව ලැබෙනව. වයසට ගිහිල්ල The One මැරෙනව. Oracle අනාවැකියක් පළකරනව The One ආපහු එනව කියල. ආපහු අවුරුදු සියගානකින් අලුතෙන් reload කරපු එකෙන් මතුවෙන (මතුකරන) The One මේ වැඩේම කරන්න ඕන. The One මේක නොකෙරුවොත් මොකද වෙන්නෙ. Zion කොහොමත් විනාශ කරනව. Matrix එකේ දෝෂය ඉවත් නොවීම හින්ද ඒක බිඳවැටෙනව crash වෙනව. ඒකට connect වෙලා ඉන්න ඔක්කොම මිනිස්සු මැරෙනව. Zion එකත් නෑ. Matrix එකත් නෑ. මිනිස් වර්ගයාගේ අවසානය තමයි. මිනිස් වර්ගයා බේරගැනීම වෙනුවෙන් The One ල පස්දෙනෙක්ම Architect කියන විදිහට වැඩකරනව. මේ ඔක්කොම යන්ත්‍රවල ප්ලෑන් එකක් කොටින්ම Oracle ගෙ අනාවැකියත් ප්ලෑන් එකේ කොටසක්.
    නමුත් ෆිල්ම්වල පෙන්නන Neo (හයවෙනි The One) Architect කියන එක අහන්නෙ නෑ. මෑන්ට මිනිස් වර්ගයාගෙ අනාගතේට වඩා Trinity ව ලොකුයි. Trinity ට තියෙන ආදරය නිසා එයාව බේරගන්න යනව. The One මූලික කරගත්ත දෝෂ නිරාකරන චක්‍රය බිඳවැටෙනව. නමුත් 6 වෙනි වතාවට Zion විනාශවෙන එක වලක්වගන්නත් Matrix ස්ථායීව තියාගෙන ඒකට connect වෙලා ඉන්න මිනිස්සු බේරගන්නත් Architect ට වහල් නොවී වෙනම ප්ලෑන් එකකට Neo ට යන්න වෙනව. මේ ප්ලෑන් එක තමයි The Matrix Revolutions ෆිල්ම් එකේ පෙන්නන්නෙ.


    - Sudam Dineetha Kaluarachchi
     
    • Like
    Reactions: Loard666

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේ ෆිල්ම් හැම එකකම මුල සීන් එකේ ඉන්නේ ට්‍රිනිටි ("trinity" does that sound familiar to you Catholics? ;)) ඒ හැමතැනකම ට්‍රිනිටි ඉන්නේ ප්‍රශ්නෙකට මුහුණ දීල මානසික පීඩනයකට ලක්වෙලා. එක්කෝ එයාට පහර දීමක් සිඉද්ධ වෙද්දී නැත්නම් එයා මානසික පීඩාවකට ලක්වෙලා ඉද්දි. එයා තමයි ස්ත්‍රී බලවේගය නිරුපනය කරන්නේ මේ ලෝකය තුල (don't know about that opposite forces? up down, left right, night day, UNP or sri lanka, god satun, buddha maara, sura asura, + or -, male female. you got the idea right?) ට්‍රිනිටි පහරදීමට ලක්වෙන්නේ ඒජන්ට්ලගෙන්. ඒජන්tලා නිරුපනය කරන්නේ අපිටත් හොරෙන් අපිව විකුණන බලවේග (politicians, media, Illuminati etc..)


    තව කාරණයක් තමයි හැම ෆිල්ම් එකේම ප්‍රධාන චරිතය (නියෝ) පෙන්වන මුල්ම සීන් එකේ එයා ඉන්නේ නිදාගෙන. මේකෙන් නිරුපනය වෙන්නේ සාමාන්‍ය මනුෂ්‍යයා. (The people who missed everything in this film are in sleep, like the pessimist ;), and they dont know they are in a sleep:sorry:)


    neo.gif
    Wake up neo, the matrix has u. follow the white rabbit. මේකෙන් අපිට දැනුම් දෙනවා අපි ඉන්නේ නිදාගෙන, අපිට ඇහැරලා ඇත්ත දකින්න කියල. ඇත්තටම ඕක කියන්නේ නියෝට නෙමෙයි ෆිල්ම් එක බලන අපිට ;)



    නියෝ හැංගිලා වගේ ඉන්නේ කාමර අංක 101. මේ අංකය සෘජුවම සම්බන්ද වෙන්නේ 1984 ජෝර්ජ් ඔවෙල් ලියපු පොතකට.මනුෂ්‍යයාගේ තිබෙන බිය නිරුපනය කරන්න මේ කාමර අංකය දාල තියෙන්නේ
    263c420a556db7a0270e894c90ad2968.jpg



    1984-film-covers.jpg


    දේශපලකොයෝ, මාධ්‍ය, වගේ දේවල් ලීඩ් කරන්නේ කිතු දහමේ හැටියට සාතන්, බෞද්ධ නම් මාරයා, මාරයා සැබෑව වහන්න කල හැකි සියල්ලම කරනවා.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Matrix Cypher kiyana eka pawala dennei ai?

    උට ඇත්ත ලෝකෙ එපා වෙනවද කොහෙද. උට හිතෙනව matrix එක ඇතුලෙ ජීවිතේ මීට වඩා හොඳයි කියල :love:
    උගෙ කතාවෙ ඇත්තක් තියෙනව :sorry:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඊළඟට නියෝ විකුණන කෝඩ් එක හංගල තියන පොත, මේ පොතේ නම "simulacra and simulation" මේ පොතේ විස්තර කරන්නේ අපි කොච්චර මේ සිතියම ඇතුලේ අතරන් වෙලාද, ඒ වගේම අපිට සම්පුර්ණ භුමිය දැකගැනීමට ඇති නොහැකියාව. අපිව කොච්චර වැරදි මාර්ග වලට මේ ලෝකයේ ක්රියාත්මක වන අදිසි බලවේග මෙහෙවලද කියන එක. අපි දකින දේ ඇත්ත කියල හිතාගෙන අපි අතරමන් වෙලා ඉන්න ස්වභාවය විස්තර කරන පොතක්. කතෘ Jean Baudrillard. මේ පොතේ අධ්‍යාත්මික ඉගැන්වීම් ඇතුලත්
    Simulakrlar-ve-simulasyon-jean-Baudrillard-Matrix--300x289.jpg
     
    Last edited:
    • Like
    Reactions: Sub Zer0

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නියෝට සුදු හාවා ටැටූ එක ගහපු කෙල්ල පස්සෙන් ගියාම තමයි ක්ලබ් එකකදී ට්‍රිනිටි හම්බෙන්නේ. නියෝ කවදාවත් ට්‍රිනිටිව මුණගැහිලා නෑ.
    මෙන්න සිද්ධ වෙන කතා බහ.



    Trinity: i know why you are here nio. you are looking for him. i know bcos once i was looking for the same thing. and when he found me, he told me i wasnt really looking for him. i was looking for an answer. its the question that brought you here. you know the question just as i did.



    Nio: What is the Matrix?


    Trinity : the answer is out there nio, and its looking for you. and it will found you. if you wanted to.



    සත්‍ය දැනගැනීමට ඕන නම් අවශ්‍යතාවය තියෙන්න ඕන කියන එක තමයි ට්‍රිනිටි කියන්නේ.


     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    matrix12.jpg



    මේ නියෝගේ ඔෆිස් එක. මෙතනදී නියෝගේ බොස් කියනවා "You have a problem with the authority Mr Anderson, you believe you are special, somehow the rules doesn't apply to you " කියල. මෙතන අධිකාරිය විදියට හඳුන්වන්නේ කලින් කියපු ඒජන්ට් ලා ඇතුළු බල අධිකාරිය. පාලකයන්, මාධ්‍ය, කෝටිපති ව්‍යාපාරිකයන් (ලංකාවේ නම් හිරු, දෙරණ වගේ ) මේ සියලු දෙනාම මේ අධිකාරියට අයත්. එයාල තමයි තමයි තීරණය කරන්න අපි දකින්න ඕන මොනවද, දැනගන්න ඕන මොනවද, හිතන්න ඕන මොනවද කියන එක. නියෝට තමන් වෙත බලෙන් පටවපු මේ ප්රෝජෙක්ෂන් එක ගැන ප්‍රශ්න තියනවා. "if an employee has a problem, the company has a problem" කියල බොස් කියන්නේ, කව්රුහරි මේකට විරුද්ධ වෙනවා නම් හරි වෙනස් කරන්න උත්සාහ කරනවානම් හරි එක අධිකාරියට ප්‍රශ්නයක් කියන එක.



    ඔය්ස් සීන් එකෙන් පස්සේ නියෝ හම්බෙන්න ඒජන්තලා එනවා. (මේ වෙලාවේ තමයි මොෆියස් නියෝට කතා කරලා කියන්නේ "i have been looking for you, i dont know if you are reday, to see what i want to show you"(මේකෙන් කියන්නේ මිනිස්සුන්ට ඇත්ත පෙන්නුවට වැඩක් නෑ, මිනිස්සු ඇත්තට ප්‍රතිරෝධය දක්වනවා, ඇත්ත ඇති සැටියෙන් දැකීමේ උවමනාවක් මිනිස්සුන්ට නෑ කියල.) ඇවිත් හරි අමුතු දෙයක් වෙනවා. නියෝගේ තොල් උණු වෙලා එකට ඇලෙනවා නියෝ ප්‍රශ්න කරන අවස්ථාවේ. සරලව මේකෙන් කියන්නේ උඹල සිස්ටම් එක වෙනස් කරන්න හැදුවොත් හොඳින් හරි නරකින් හරි උඹලව නිශ්ශබ්ද කරවනවා කියන එක. ලංකාවෙත් සිස්ටම් වෙනස් කරන්න හදපු බර ගානක් නිහඬ කෙරෙව්වා

    matrix-neo-no-mouth.jpg.c3e81981beba929d5165d40c13c5d34b.jpg





    ඒ වගේම ඔතනදි නියෝගේ බඩට එලෙක්ට්‍රොනික් සතෙක් දානවා. එකෙන් පෙන්නන්න උත්සාහ කරන්නේ අධිකාරිය මිනිස්සුන්ව බය කරලා තියාගන්න හදන උත්සාහය. වෙනස් කරන්න හදන කෙනා දිහා ඇහැ ගහගෙන ඉන්න බව, ඒ සතා දැම්ම කියල නියෝගේ සිතිලිවලි වල වෙනසක් වෙන්නේ නෑ, සතාගෙන් වෙන එකම දේ නියෝ ගැන ඔත්තු බැලීම විතරයි
    matrix99108.jpg



     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    නියෝට සුදු හාවා ටැටූ එක ගහපු කෙල්ල පස්සෙන් ගියාම තමයි ක්ලබ් එකකදී ට්‍රිනිටි හම්බෙන්නේ. නියෝ කවදාවත් ට්‍රිනිටිව මුණගැහිලා නෑ.


    meka Alice in Wonderland reference ekak, Follow the White Rabbit
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    matrix12.jpg



    මේ නියෝගේ ඔෆිස් එක. මෙතනදී නියෝගේ බොස් කියනවා "You have a problem with the authority Mr Anderson, you believe you are special, somehow the rules doesn't apply to you " කියල. මෙතන අධිකාරිය විදියට හඳුන්වන්නේ කලින් කියපු ඒජන්ට් ලා ඇතුළු බල අධිකාරිය. පාලකයන්, මාධ්‍ය, කෝටිපති ව්‍යාපාරිකයන් (ලංකාවේ නම් හිරු, දෙරණ වගේ ) මේ සියලු දෙනාම මේ අධිකාරියට අයත්. එයාල තමයි තමයි තීරණය කරන්න අපි දකින්න ඕන මොනවද, දැනගන්න ඕන මොනවද, හිතන්න ඕන මොනවද කියන එක. නියෝට තමන් වෙත බලෙන් පටවපු මේ ප්රෝජෙක්ෂන් එක ගැන ප්‍රශ්න තියනවා. "if an employee has a problem, the company has a problem" කියල බොස් කියන්නේ, කව්රුහරි මේකට විරුද්ධ වෙනවා නම් හරි වෙනස් කරන්න උත්සාහ කරනවානම් හරි එක අධිකාරියට ප්‍රශ්නයක් කියන එක.



    ඔය්ස් සීන් එකෙන් පස්සේ නියෝ හම්බෙන්න ඒජන්තලා එනවා. (මේ වෙලාවේ තමයි මොෆියස් නියෝට කතා කරලා කියන්නේ "i have been looking for you, i dont know if you are reday, to see what i want to show you"(මේකෙන් කියන්නේ මිනිස්සුන්ට ඇත්ත පෙන්නුවට වැඩක් නෑ, මිනිස්සු ඇත්තට ප්‍රතිරෝධය දක්වනවා, ඇත්ත ඇති සැටියෙන් දැකීමේ උවමනාවක් මිනිස්සුන්ට නෑ කියල.) ඇවිත් හරි අමුතු දෙයක් වෙනවා. නියෝගේ තොල් උණු වෙලා එකට ඇලෙනවා නියෝ ප්‍රශ්න කරන අවස්ථාවේ. සරලව මේකෙන් කියන්නේ උඹල සිස්ටම් එක වෙනස් කරන්න හැදුවොත් හොඳින් හරි නරකින් හරි උඹලව නිශ්ශබ්ද කරවනවා කියන එක. ලංකාවෙත් සිස්ටම් වෙනස් කරන්න හදපු බර ගානක් නිහඬ කෙරෙව්වා

    matrix-neo-no-mouth.jpg.c3e81981beba929d5165d40c13c5d34b.jpg





    ඒ වගේම ඔතනදි නියෝගේ බඩට එලෙක්ට්‍රොනික් සතෙක් දානවා. එකෙන් පෙන්නන්න උත්සාහ කරන්නේ අධිකාරිය මිනිස්සුන්ව බය කරලා තියාගන්න හදන උත්සාහය. වෙනස් කරන්න හදන කෙනා දිහා ඇහැ ගහගෙන ඉන්න බව, ඒ සතා දැම්ම කියල නියෝගේ සිතිලිවලි වල වෙනසක් වෙන්නේ නෑ, සතාගෙන් වෙන එකම දේ නියෝ ගැන ඔත්තු බැලීම විතරයි
    matrix99108.jpg




    විකාර දන්නා එපා බන් .. ෆිල්ම් එකෙන් ඔහොම් දේවල් ගැන හදපු එවුන්වත් හිතල නැ :lol: