මේ කියන දේවල් කියන එක්කෙනාටවත් තේරෙනවාද දන්නේ නැහැ.
ශවේන්ද්‍ර සිල්වා මහත්තයා ගෙදර ගියාම එයාගේ වයිෆ්, කවද්ද ඒයි සංචරණ සීමා ඉවර වෙන්නේ කියලා එයාගෙන් ඇහුවොත්? ,
මිනිහා ඔලුව කසලා, එය ළඟ තියන මාධ්‍ය නිවේදන කොළ මිටිය අරගෙන, පලවෙනි කොලේ බලලා,
විසි හතර වෙනිදා,
එතකොටම ඊළඟට තියන කොලේ දැකලා,
නෑ නෑ විසි අටවෙනිදා,
නෑ නෑ විසි පහේ ඉඳන් විසි අට වෙනකම් විතරයි.
නෑ නෑ විසි අටෙන් පස්සෙත් තියනවා.
ඒ උනාට ගෙදරින් එක්කෙනෙකුට එලියට යන්න පුළුවන්නේ.
ඒත් ඔත්තේ ඉරට්ටේ බලන්නත් ඕනැද කොහෙද?
අනේ මන්දා ඕයි, මට නිකං කරකැවිල්ල වගේ.
තමුසේ ඕක දන්නා කෙනෙකුගෙන් අහලා මටත් කියනවා.