මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය, මර්වින් සිල්වා මහතා හසලක ප‍්‍රදේශයේ දී අද අකරතැබ්බයකට මුහුණ දුන්නා. හසලක, පල්ලේවත්ත ගාමිණි දිසානායක ආදර්ශ විද්‍යාලයේ පැවති ජංගම සේවාවකට අමාත්‍යවරයා සහභාගි වී තිබුණා. ජංගම සේවාව පැවති ස්ථානයෙන් අමාත්‍යවරයා පිටතට පැමිණි අවස්ථාවේ ඔහුගේ රථය එහි තීබි නැහැ. අනතුරුව මර්වින් සිල්වා මහතා මහියංගණය නුවර මාර්ගයේ, නුවර දෙසට ධාවනය වන බස් රථයක නැගී කිලෝ මීටර් 03 ක පමණ දුරක් පැමිණ තිබෙනවා. එම අවස්ථාවේ අදාල රථය පැමිණ අමාත්‍යවරයා නංවා ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. රියදුරා සහ ආරක්‍ෂකයින් අදාල රථයෙන් පිටස්තර ස්ථානයකට ගොස් සිටි බව ද වාර්තාවනවා.
-nethfm-