ප්‍රධාන වශයෙන් මේ කාර් එකට තියෙන්නෙ චෝදනා 2යි.
1. චීන බඩුවක් ඉක්මනට කැඩෙනවා.
2. සෙකන්ඩ් හෑන්ඩ් value එකක් නැහැ.
මගෙන් ඇහුවොත් මම දෙන පිළිතුරු
1. වෙන්න පුලුවන්. හැබැයි ඔය අවුරුදු 20ක් පරණ ජපන් චාර් එකකට වඩා නම් ලෙඩ එනවා අඩුයි. මොකද මේක බ්‍රෑන්ඩ් නිව් නිසා. මේ කරුණට මොකද ඔය කෑගහන අය කියන්නෙ? මතක තියාගන්න ඔය ගන්න කාර් එකේ හැම කෑල්ලක් ම අවු. 20ක් පරණයි. (බොඩි පාර්ට්ස් නම් ජපන් වාහනයේ ලාබයි. මොකද ඒවා වෙන වාහනයකින් ගලවපු කෑලි නිසා)
2. සෙකන්ඩ් හෑන්ඩ් ගැන කතාකරාම කියන්න තියෙන්නෙ, අවුරුදු 5ක් කාර් එක පාවිච්චි කරා කියලා හිතමු. එතකොට තව අවුරුදු 5කින් ඔයා ලග තියෙන්නෙ අවු.25ක් පරන කාර් එකක්. මතක තියාගන්න, අවු.5ක් ඇතුලත fixed deposit දාලා තිබුනොත් ඒකත් දෙගුණයක් වෙනවා (approx 14% interest rate).
ඇත්තටම තමන්ට වෙන කරදර, මුදල් නාස්තිය, රස්තියාදුව සහ කාලය එක්ක ඔය කියන සෙකන්ඩ් හෑන්ඩ් මිළ සසදන්න පුලුවන්නම්, මම ඔය කියල සැසදීමට එකගයි.
මේ ත්‍රෙඩ් එකේ මුලින්ම සමහර අය කිව්වෙ, චීන එකක් ගන්න එපා කියලා. ඇත්තටම කාර් එක පාවිච්චි කරන උන් ඊට පස්සෙ රිප්ලයි කරාම කිව්වා කිලෝ මීටර ගාන දාපන් කියලා. ඒක දැම්මාම කියනවා, වාහනය ගැන කියන්න දුවලා මදි ලු. ටුවර් යන උන් ඉන්නව කිව්වම කියනවා, කම්පනි වලින් අම්බානක දුවලා ඒව විසිකරත් ගෙදර පාවිච්චියට හරි නැහැ ලු. කොහොමද බං එහෙම වෙන්නෙ. ගෙදර නවත්තලා තිබ්බත් මීටරය කැරකෙනව කියලා හිතා ගෙන ඉන්නවද කොහෙද.
ඊට පස්සෙ කියනව second hand විකුණන්න බැරිලු. second hand විකුණන්න බැරි ඔය වගේ ගොන් හැත්තවල් ලංකාවෙ ඉන්න නිසා මිසක් කාර් එක හොද නැති නිසා නෙවෙයි.
දැන් මට කියයි, "උබට නම් චීනෙක් **කේ ඇරල කියලා". මට කියන්න තියෙන්නෙ උබලාට ජපන්නු පරම්පරා ගානක් **කේ ඇරල කියලා තමයි.
මුලින්ම මගෙ කමෙන්ට්වලින් හිත රිදුනානම් සමාව ඉල්ලනවා.තමන් හාපුරා කියලා ගන්න වාහනෙ අඩු පාඩු කියනකොට ඕන කෙනෙකුට හිතරිදෙනවා තමයි.
තමන්ගෙ සල්ලිනම් තමන්ගෙ කැමැත්තනම් අනුන්ට මොකද ..ඒකත් ඇත්ත.
ඒත් මේක කියවලා එකෙක් හරි අමාරුවෙ නොවැටෙනවානම් ලොකු දෙයක්නෙ
ලංකාවෙ තියෙන ගනන් අඩුම බ්‍රෑන්ඩ්නිව් සෙඩාන් කාර් එක තමයි මේ කාර් එක.ඒක ඇත්ත.නමුත් ඒකත් ලක්ෂ විසිහතරක් විතර වෙනවා.සියලු බදු සමග(මගෙ මතකයෙ හැටියට).
දැන් මචන් උඹ කියලා තියෙනවා ඒ ගනනට අවුරුදු 20ක් විතර පරන ජපන් කාර් එකක් ගන්න වෙන්නෙ කියල.නෑ මචන් මම හිතන්නෙ තව පොඩ්ඩක් කාර් මාර්කට් එක ගැන හොයලා බලලා කතා කෙරුවොත් හොඳයි වගෙ.
මගෙ අත්දැකීමෙන් කතාකලොත් මම සාමාන්‍යයෙන් මාසෙකට කි.මී 1500ක් වගෙ දුවන්නෙ.දැන් පාවිච්චි කරන්නෙ අවුරුදු 5ක් පරන කාර් එකක්.සර්විස් කරලා ටයර් දානවා ඇරෙන්න කිසිම ලොකු දෙයක් මේ වනතුරු කරලා නෑ.මීට අවුරුදු 3කට කලින් තිබුනා කොරොල්ලා ඩීසල් කාර් එකක්.ඒක අවුරුදු 17ක් පරනයි.කි.මී190000.නමුත් ගරාජ් ගානෙ නම් මම හිටියෙ නෑ.හොඳින් නඩත්තු කලාම.ඔරිජිනල් ජපන් අමතර කොටස් දැම්මාම ගරාජ්වල ඉන්න ඕන නෑ.ලොකුම වාසිය තමයි ඕන තැනක් පාර්ට්ස් තියෙනවා.ඒක මම විකුනුවෙ සෑහෙන්න ලාබයකුත් තියාගෙන.
චීන වාහන ගැන කතාකලොත් බ්‍රෑන්ඩ්නිව් වීම නිසාම අරගෙන අමාරුවෙ වැටුන මගෙ යලුවො ඉන්නව.කිමී 20000 පනිනකොට සී වී දාන්න වුන යාලුවෙක් ඉන්නව.(මයික්‍රො ගීලී නෙවෙයි)
කිමී 5000 න් 6000න් පුෂ් බයිසිකලයක්වත් හොඳද නරකද කියලා කියන්න බැ.නමුත් 35-40ක් දුවලාම අපි හොඳ නරක කතා කරමු.මම කියන්නෙ දැන් අවුරුදු 20ක් පරන හොඳින් නඩත්තු කල කොරොල්ල ඒ.ඊ100 වගෙ වාහනයක් එක්කවත් ඔය වාහනෙ සන්සන්දනය කරන්න බෑ.ඒ වාහනයක් ඇතුලට ගිහින් බැලුවොත් තේරෙයි.අලුත් වුනාට ඇතුලෙ තියෙන්නෙ බාල ප්ලාස්ටික්.තහඩුවල තත්වය පොඩි තට්ටුවක් දැම්මත් තේරෙනවා.අවුරුදු 5ක් පරන ගීලි වාහනේකදිරුම් තියෙනව මම දැකලා තියෙනව,අවුරුදු 1.5ක් 2ක් යනකොට ලයිට් කහ පාට වෙනවා.කොලඹට කිමී 100-150ක දුර කෙනෙක් ගත්තොත් ඉතින් පාර්ට්ස් හොයන්න රහස් පොලිසිය දාන්න වෙනවා.
ඔබතුමාගෙ වාහනෙට එසේ නොවේවා කියලත් මම පතනවා!!ඒ වගෙම බ්‍රෑන්ඩ් නිව් නිසාම ලෙඩ එනව අඩුයි කියන මතයෙ ඉන්න පුලුවන් මාසෙකට කිමී 100ක් විතර දුවනවානම්, එහෙමනම් අවුරුදු 5ක් යනකම් කිසිම ලෙඩක් නැතිවෙයි.හැබැයි මේක දුවන්නෙ ලංකාවෙ පාරවල්වල වීම නිසා තමයි ප්‍රශ්නෙ
ඒ වගෙම මට 300%ක් විශ්වාසයි අවුරුදු 5ක් ගිහිල්ලා මේ වාහනෙ අනිවා පාඩුවට දෙන්න වෙන්නෙ,
කොහොමවුනත් මම උඹට එක දෙයක් කියන්නම්..ගත්ත එකෙ හොඳයි කියලා පාවිච්චි කරමුඅමතර කොටස් දාන්නට වුනොත් පුලුවන් තරම් ගැලපෙන ජපන් ඒවම දාන්න.ටිකක් හරි ගරාජ්වල ඉන්නකාලෙ අඩුකරගන්න පුලුවන් වෙයි!!