උමේ කතාවට මම එකඟ වෙනවා එක තැනක් ඇරෙන්න,
"විදේශ විනිමය උබට රටට ගේන්න පුලුවන් නම් ගොඩක් හොදයි, ඇත්තටම උබට කරන්න පුලුවන් දේවල් ගොඩයි විදේශ මාර්කට් එකකට යනකොට, නමුත් කම්පිටිෂන් එක වැඩියි,"
මම දකින විදියට මේකට තමයි බං කම්පිරිෂන් එක අඩුම, තව දෙයක් බං ලංකාවෙ ඇත්තම පුරවැසියෙක් විදියට අපි රටට කරන්න ඕන දේත් මෙන්න මේකම තමයි බං,
මම පොඩි උදාහරණයක් දෙන්නම් මේ කියන පොඩි වාක්‍යයෙ ලොකු තේරුමක් තියේවි උඹලට ගන්න
"අපි හිඟන්නෙක්ගෙන්(ආදායම හා වත්කම් අඩු කෙනෙක්) යැපෙන්න ගියොත් අපිට ගොඩක් අමාරුයි ඒ වගේම අපිටත් ලොකු කට්ටක් කන්න වෙනවා ඒ වගේම ලොකු තැනකට යන්නත් බෑ නිකං හති වැටෙනවා විතරයි ඒත් අපි පොහොසත් තැනකින්(සල්ලි උල්පතක් වගේ තැනක) සල්ලි අදින්න ගේමක් ගැහුවොත් අපිට සල්ලි වපුරන්න පුලුවන්" මම උඹ කිව්ව වැරදි දේට උත්තරයකුත් දෙන්නම් බං හිඟන්නෙක්ගෙන් සල්ලි ගන්න එකද ලේසි? සල්ලි තියෙන තැනකින් සල්ලි ගන්න එකද? අන්න ඒක තමයි බං Main Point එක,
උඹ කියලා තියෙන අනිත් හැම දේම සුපිරියටම කියලා තියෙනවා,
මේ ත්‍රෙඩ් එක දාපු කෙනාටත් යමක් කියන්නම් බං, සල්ලි හොයන එක ගොඩක් ලේසියි හරියට විදිය දැනගත්තොත්, ඒ Method එක අල්ලගන්න එක තමයි අමාරු බං, නැත්නම් මොළේ පාවිච්චි කරනවා නම් සල්ලි හොයන එක ලොකු දෙයක් නෙමෙයි බං, තව දෙයක් මම මගේ අත්දැකීම් වලින් දෙයක් කියන්නම් සල්ලි හොයද්දි රටටත් වැඩක් වෙන්න අපේ රටේ රුපියලේ වටිනාකම පොඩ්ඩකින් හරි උස්සන්න පුලුවන් විදේශ විිනිමය මෙහාට ගේන්න පුලුවන් වැඩක් කරපං බං, සල්ලි හොයන්න ලේසිත් ඒ ක්‍රමේටම තමයි බං, තව දෙයක් අපේ ලංකාවේ සල්ලි හොල්ලගෙන ඉන්න කම්පැනි ටිකක් තියෙනවා නේ SLT, Mobitel, Dialog වගේ මොබයිල් කම්පැනි වලට තමයි ලොකුවටම සල්ලි තියෙන්නේ අපේ රටේ, ඒත් ඔය එක කම්පැනි එකක්වත් රටට වැඩක් කරන්නේ නෑ(ආර්ථිකමය වශයෙන්) ඒ කියන්නේ රටේම මිනිස්සුන්ගෙ සල්ලි රට ඇතුලෙම ගොඩ ගැහෙන එක වෙන්නේ, ඔය කම්පැනි වලට වඩා ලොකු සේවයක් කරනවා Garment වලින් ඇඳුම් අපනයනය කරන සේවය, ඒකෙන් රටට ලොකු වැඩක් වෙනවා බං,
ඇත්තටම මේ රට ආර්ථිකමය වශයෙන් මෙයිට වැඩිය ලොකු තැනකට ගේන්න පුලුවන් බං IT Field එකෙන්, ඒත් මිනිස්සු ඒවට උනන්දුවක් නැති කමයි තියෙන්නේ බං, ඒකයි ලොකුම ප්‍රශ්නේ,
රටේ මුදල් කැරකැවෙන විදිය, Business Knowledge එක, Technology Knowledge එක මේ ඔක්කොම එකට එකතු වුණ තැන උඹ කියන මේ Target එක අත උඩ තියෙන්නේ බං, මම කියපු දේ මොනව හරි වැරද්දක් තියේ නම් ඕන එකෙක් Argue කරපං අවුලක් නෑ,
එල
Rep 9++ කමෙන්ට් එක & තෙඩ් එක දාපු දෙන්නටම