oka karanna mokatada ban degree ekak![]()
dgreeyata wadaa SEO and E Marketing waladi experience ekai ban one.
i agree with you



oka karanna mokatada ban degree ekak![]()




Lankawa wage rataka thamai ban wibawaya wadima, salli tikak mulin gemak gahala hadaganna kattak kanna wenawa, ita passe hariyata gema gahuwoth goda, ekata politics karana ewunta wiyadam karala hitiyama income eka double karaganna puluwan, customs walata pagawa dela badu genna puluwan, wena ratawal wala ehema bahane![]()
rich ewunta perfect ratak mekaඅනිවා බං මෙන්න මේ දේ IT Field එකට ආස කරන හැම එකාගෙම ඔලුවට යනවා නම් අපේ රටත් පොඩි වුණාට ලොකු ආදායමක් තියෙන ආර්ථිකයෙන් ලොකු තැනකට ආපු රටක් වෙන්න තිබ්බා, ඒක් තාමත් ඒ ටාගට් එකට අපිට යන්න පුලුවන්කම තියෙනවා බං,
මේ ළඟකදි මාත් එක්ක කතා කරපු එකෙක් මට කියනවා මේ රටේ ඉඳලා කිසි දියුණුවක් නෑ, අපි ඇමරිකාව වගේ රටකට මාරු වෙන්න ඕන එහේ තමයි ගොඩ යාමක් තියෙන්නේ කියලා, මම ඒක කියපු කෙනාට එවෙල එකම එක දෙයයි කිව්වේ බං "උඹල වගේ එදා Bill Gatesල mark zuckerberg ල හිතුව නම් අද ඇමරිකාවත් අපේ වගේ රටක් වෙලා" ඔන්න ඔච්චරයි බං මම කිව්වේ ඒක කියපු එකාට, මෙතැන ඉන්න හැමෝමත් මේ දේ තේරුම් ගත්ත නම් අපිටත් ලොකු තැනකට ගිහිල්ලා රටටත් වැඩක් කරන්න පුලුවන් වෙනවා බං, අපේ අවාසනාවකටද දන්නේ නෑ මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නෑ බං,
උමේ කතාවට මම එකඟ වෙනවා එක තැනක් ඇරෙන්න,
"විදේශ විනිමය උබට රටට ගේන්න පුලුවන් නම් ගොඩක් හොදයි, ඇත්තටම උබට කරන්න පුලුවන් දේවල් ගොඩයි විදේශ මාර්කට් එකකට යනකොට, නමුත් කම්පිටිෂන් එක වැඩියි,"
මම දකින විදියට මේකට තමයි බං කම්පිරිෂන් එක අඩුම, තව දෙයක් බං ලංකාවෙ ඇත්තම පුරවැසියෙක් විදියට අපි රටට කරන්න ඕන දේත් මෙන්න මේකම තමයි බං,
මම පොඩි උදාහරණයක් දෙන්නම් මේ කියන පොඩි වාක්‍යයෙ ලොකු තේරුමක් තියේවි උඹලට ගන්න
"අපි හිඟන්නෙක්ගෙන්(ආදායම හා වත්කම් අඩු කෙනෙක්) යැපෙන්න ගියොත් අපිට ගොඩක් අමාරුයි ඒ වගේම අපිටත් ලොකු කට්ටක් කන්න වෙනවා ඒ වගේම ලොකු තැනකට යන්නත් බෑ නිකං හති වැටෙනවා විතරයි ඒත් අපි පොහොසත් තැනකින්(සල්ලි උල්පතක් වගේ තැනක) සල්ලි අදින්න ගේමක් ගැහුවොත් අපිට සල්ලි වපුරන්න පුලුවන්" මම උඹ කිව්ව වැරදි දේට උත්තරයකුත් දෙන්නම් බං හිඟන්නෙක්ගෙන් සල්ලි ගන්න එකද ලේසි? සල්ලි තියෙන තැනකින් සල්ලි ගන්න එකද? අන්න ඒක තමයි බං Main Point එක,



ඕක කෙලින්ම එන්නේ Risk Factor එක... අපේ අම්මල උනත් කැමති stable income එකක් තියන ජොබ් එකකට... අනික main stream තමා education එක දෙන්නේ.. එක්කෝ දොස්තර engineer lawyer වගේ දැන් IT එහෙම කරලා කාට හරි වැඩ කරලා stable වෙන එකට තමා කැමති හුගක් අය එහමයි.. කසාදයක් උනත් බදින්න හොයන්නේ එහෙම... එතකොට risk එක අරන් තව job දීලා අලුත් idea එකක් ඉදිරිපත් කරන එකාව දකින්නේ පිස්සෙක් විදිහට... ගැනුත් කැමති නැහැනේ risk එක ගන්න එහෙම... ඉදල හිටලා විතරයි එහෙම ගැනු අය ඉන්නේ..
US වගේ degree නෙවේ ඕනෑම දෙයක් ගන්නේ profession එකක් විදිහට.. Econ වගේ degree තියන high scale salaries තිබ්බට හුගක් ස්ට්‍රෙස්ස් ඒ උනාට උන්ගෙ mind සෙට් එක වෙනස් හැදිලා තියනවා අලුත් idea තියනවා... ඉතින් ලංකාව වගේ රටක ඉගෙන ගෙන කාට හරි වැඩ කරලා billionaire කෙනෙක් වෙන්න බැහැ ... එක්කෝ ඉගෙන ගෙන අර කියන risk එක ගැන හිතල වැඩ කරන්න ඕන ... එහෙම කරපු නිසා තමා ධම්මික පෙරේරා සුමල් පෙරේරා දාස මුදලාලි වගේ අය ආවේ .... පරම්පරාවෙන්ම සල්ලි තියන ඉගෙන ගෙන ඒවා double කරන අයත් ඉන්නවා සෙල්වනාතන් වගේ
සෙල්වනාතන් වගේ කිවුවෙ DR. T.Senthilverl ද මචන්.. share market එකෙ මෙයටනම් කියන්නෙ sri lankan warren buffet කියල බන්..
දම්මික පෙරෙරට නම් ඔය වගෙ තැනකට එන්න වටෙන් ගොඩක් ලොකු උද්වු තිබුන මචන්.. මහින්දගෙන් ලොකු support එකක් තිබුන මචන්. තව නිමල් පෙරෙරගෙ support එකත් ලොකු හෙතුවක් උන මචන්..
ඔව් ඔය හැමෝටම දේශපාලන sup එක තිබ්බා .... සෙල්වනතන් කියන්නේ carsons අයති අය (මනෝ & හැරී ) නැත්තම් Lions beer එහෙම
මචන්,,උබ උපතින්ම සල්ලි කාරයෙක්ද, උපතින්ම දුප්පත්ද කියන එක නෙවේයි ටොපිය..උබ සල්ලි කීයක් මොන කාලෙදි ( වයස ) හම්බ කරනවා කියන එක ඉල්ලක්ක කරගන්නයි ඕනේ..
මෙතන කියලා තියනවා උබ උගත් වෙන්න ඕනිද? නැද්ද යන්න? ඕකට කියන්න තියෙන්නේ මචන් අනිවා ඕනේ..මොකද සමහර මිනිස්සු උපදින්නේම පට්ට මොලයක් එක්ක..සමහරු කොවේ දාලා මැකුවත් දැනුමක් ගන්න දන්නේ නෑ..මේක තමයි ජීවිතේ...
උබ ඉගෙන ගන්න තරමට යන්න පුලුවන් දුර වැඩි..ඒක තමයි ඔය ලොක්කන් තාමත් ඉගෙන ගන්නේ..මොකද උන් දන්නවා උන්ගෙන් පස්සෙන් අපි වගේ තරුන රැල්ලක් ඇරගෙන එන බව..
අධ්යාපනය කියන්නේ බන් අඳුරේ යන එකෙක්ට ටෝච් එකක් වගේ දෙයක්..උබ එකෙන් හරියට වැඩේ කරගන්න ඕනි..
නිකන් හිතපන් 2+2=4 බැරි එකෙක් කොහොමද බන් මිලියනයෙන් 4ක් අඩු කරන්නේ..ප්‍රාතමිකවම ගත්තොත්, උබට සල්ලි ගනින්නම දැනුමක් ඕනේ. වියාපාරයක් කරන්න ගහෙන් ගෙඩි එන්න වගේ කරන්න බෑ මචන්..එකට මුල් ප්‍රග්ඪනයක් ඕනේ. ඒක කොහොමද ඉන්වෙස්ට් කරන්නේ..ඒ කියුවේ උබ බිස්නස් කරන්න හදන ස්ට්‍රරිම් එක මොකද්ද? උබ යොදන මුදල ආපසු ගන්න යන කාලය..වගේ ගොඩාක් දේවල් කරන්න් ඕනේ..දැන් ඉන්න වැඩි හරියක් කොටි, ප්‍රකෝටිපතියෝ මචන් දැනට අවුරුදු ගානකට කලින් අතගහලා අමාරුවෙන් මේ මොනවත් නැතුව කොහොමද අද මෙහෙම ඉන්නේ කියලා උබට හිතෙනවා ඇති..අහෙම අද කරන්න බැරි ඇයි කියලත් හිතෙනවා ඇති..ඕකට උත්තරය මෙකයි.. ඒකාලේ රුපියලේ අගය අඩුයි..තරගකාරීත්වය අඩුයි,, දැනුම අඩුයි.. වගේ බොහොමයක් දේවල් ඉන්වෙස්ටෙර් ට වාසියට හිටියා..දැන් මචන් නිකන් බලපන් කොච්චර තරඟයක්ද තියෙන්නේ කියලා..නිකන් 5 ශිස්සතේ පේපර් එක අරන් බලපන් හික් ගෑවෙනවා..එතකොට තේරෙන්නේ දැන් මම අතගන්නේ මම ඉන්න තැනට තව අවුරුදු පොඩි ගානකින් එන්න ඉන්න තරුන පිරිසක් එක්ක කියලා..එතකොට උබට ඕනවෙන දැනුම් සම්භාරය ගැන මොකට කතාද? මුලින්ම සල්ලි ඉතුරු කරන්න ඉගෙන ගන්න,,එක තමයි මූලික දේ..පස්සේ දැන් යන ට්‍රෙන්ඩ් එක බලලා පටන් ගනින් දෙයක් උබට එකාදිපතිත්වයක් තියාගන්න පුලුවන් එකක්..එතකොට උබට තියන තරගය අඩුයි...හැම එකාම කෑම කඩ දානවා,, කොම්පුටර් කඩ දානවා කියලා එකම කරන්න ගිහින් පුක බිම ඇනගන්නේ නැතුව, වෙනස්ම දෙයක් කරපන්..එතකොට උබ කෙටි කාලෙකින් ගොඩ..අනිත් උන් ඒක කරන්න ලෑස්ති වෙනකොට උබට උබේ එකෙන් අයින් වෙලා හරි අලුත් එකක් පටන් ගන්න හරි සල්ලියක්, දැනුමක් හැදිලා ඉවරයි. මනුස්ස හිත මචන් පට්ටම දෙයක්..දෙයක් හිතුවොත් හරියටම, උබට වත් එක වෙනස් කරන්න බැරි වෙනවා..එක නිසා මමත් සල්ලි කාරයෙක් වෙනවා කියලා හැමවෙලේම හිතලා එකට දැන්ම සැලසුම කරපන්..නිකන් ඉද්දි කල්පනා කරපන්.පොත් පත්තර කියවපන්..සල්ලි බිස්නස් ගැන තියන ඒව,,වෙන එව්වා නෙවෙයි.. හැම දෙයකින්ම දැනුමක් ගන්න බලපන්..මගේ තාත්තා අදටත්, තාමත් මට කියන්නේ ඒකයි..පත්තරේ බැලුවත් දැනුමක් තියන එකක් කියවාපන්..මම එකපාරක් තාත්තා එක්ක බෙහෙත් ගන්න ගිය වේලාවේ තිබුන පත්තරක් කියවන්න ගත්තා..ගන්න හේතුව මුල් පිටුවේ ඉදපු පට්ට සුද්දි..දැන් හරව හරව බලනවා, පස්සේ පිතූරේ බලලා තිබ්බා පැත්තකින්..තාත්තා මට කියනවා බන් පුතේ ඔකේ ගැනි වගේ එකක් ගන්න පුලුවන් උබ දැනුමක් ගන්න යටින් තියන ඩේලි එෆ්ටී පත්තරේ කියේව්වා නන් කියලා..මට පොලවා පලාගන යන්න හිතුනා බන්..පස්සේ තේරුනේ ඒ කියුව කතාවේ තිබූනු ගැබුර..
අදටත් මම දෙවියෝ විස්වාස කරන්නේ නෑ..මගේ දෙවියෝ අම්මයි තාත්තයි..දෙමාපියන්ගේන් ඕන දෙයක් අගපන් හොදක් මිස නරකක් කියන්නේ නෑ...උබ කවදා හරි රජවෙලා ඉන්නවා දැක්කොත් ඇත්තටම සතුටු වෙන්නේත් ඒගොල්ලන් කියලා මතක තියා ගනින්.. උබලාට ජයෙන් ජය,, හොද දේ කරපන් අනිවා ඒක පස්සේන් එනවා..
