යාලුවනේ මට ලොකු උදව්වක් ඕනෙ. මම මේක කොරියාවෙන් ගෙන්නව ගත්තෙ කොන්ඩෙ යන නිසා ගාන්න. සාමාන්‍යයෙන් මම කොන්ඩෙ පීරනකොට සාමාන්‍යප්‍රමාණයට වඩා ටිකක් වැඩිපුර කෙස් යනවා. කොන්ඩෙ ගොඩක් තුනී. ටිකක් තඹ පාටයි. මම තයිරොයිඩ් වලට බෙහෙත් ගන්නවා. කලින් රීබෝන් කරලා තිබුනෙ. ඊට පස්සෙ යන එක වැඩි උනා. ඒත් සාමාන්‍ය කොන්ඩයක් තියෙනවා.
මේක ගැන මගේ යාලුවෙක් මට කියුවෙ. එයාගෙ යාලුවෙක්ට මේක ගාලා කොන්ඩෙ යන එක හරි ගියා කියලා. ඒක නිසා මම ගෙන්නවගත්තෙ. මේකෙ තියෙනවාජානමය විදියට කොන්ඩෙ යන්නෙ නැත්නම් ගාන්න එපා කියලා. තව තයිරොක්සීන් කතාවකුත් තිබුනා. කොරියන් වලින් තියෙන්නෙ. මම ට්‍රාන්ස්ලේට් කරලාබැලුවෙ.
මේකෙ තියෙනවා කොන්ඩෙ යන තැන විතරක් ගාන්න කියලා.මගේ එහෙම එක තැනක් කියලා නෑ. මම මේක ගෑවොත් ප්‍රශ්නයක් වෙයිද.. මේක පාවිච්චි කරපුකෙනෙක් හරි මේ ගැන දන්න කෙනෙක් හරි ඉන්නවනම් පොඩ්ඩක් කියනවද.. ලොකු උදව්වක්.. මොකද මේක ගාලා මගේ තියෙන කොන්ඩෙත් නැති වෙයිදදන්නෙ නැහැ.. බොහොම ස්තූතියි ..

Last edited:


