තාරකා කැට අතර,
පාළු රාත්රි කලුවර.....
නුඹ ගෙන ගිය බව
කෙසේ නම් අදහමි ද.............!!!
ලිලී මල් පෙති මතට
වැටුණු මේ කදුළු කැට
කියන්නේ තවත් මෙහි
ඩොලී නැති බව නොවෙද.........???
අමාවක කළුවරක
තනිය ඉකිබිදින විට
පුංචි තරු එලියක්ව
එබීයන් මතකයට..............
නුඹ නොමැති අදුරු හද
කෙළවරක එලිය වී
මිණි සිනා පොකුරු කැට
මතකයට ගෙන එන්න.......
මද නලට සසල වන
තරුවකින් එළිය වන
වැහි පොදට කිති කැවෙන
නුඹේ ගැන මතකයන්..............
..................
..........
...
................!!!!!!
කදුළට හැලෙන්නට ඉඩ දී
නුඹ ගැනම සිහි කරමි......
නුඹ නොමැති පාළුවේ
රුදුරු බව අත් විදිමි..............!!!!!