more ඇම්ඩන්

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මංත්‍රීබබා;8181481 said:
    මගදී යෙදුණ වෙන වෙන වැඩ නිසා ගුරු නිවාසයට යද්දී හැන්දෑ වී තිබිණ. ගුරු නිවාසයට ඇතුළු වුණ සැණින් ඇම්ඩා ගල් ගැහී නැවතුණේය. ගුරු නිවාසය මිදුලේ 2-බී පන්තියේ නස්කූනියා වන ලොකුගේ ළමයා දර පලමින් උන් අතර ඊට ටිකක් එහායින් ළිඳ ළඟ 1-ඒ පන්තියේ ජොහොරයා වූ විමලයා ටීචර්ගේ පරණ සරොම් කලිසම් යට ඇඳුම් බේසමක් හෝදමින් සිටියේය. එතනම, බංකුවක් තියාගෙන 3-ඊ එකේ සෝමාරියා වූ ඇල්.ජී. පේරැස් ළමයා, ටීචර්ගේ බේබි ව හිල් පොල්කට්ටකින් නාවමින් සිටියේය.

    ''අම්මත දෙඟ! චීච චීච මේ සේලම මෙහෙද?''
    ''ඔව් ළමයා... මේ සේරම අපේ ඉස්කෝලෙ ළමයි. දැං මේ සේරම මෙහෙ බෝඩ් වෙලා ඉන්නේ. සමහරු මං එක්ක ගෙන ආව ළමයි. සමහරු බලෙන් බෝඩ් වෙච්ච ළමයි. ඔය ළමයත් අද ඉඳං....''

    එතකොටම තුවායක් ඇඳගෙන 3-සී එකේ ජොනී ළමයා පොල් කොස්සකුත් ගෙන ටොයිලට් එකෙන් මතු වුනේය. රතු කොට කලිසමක් ඇඳගත් ඩිව් නුගුණසේකර් ළමයා සහ කට සැර වූෂුදේව ළමයා මිදුලේ තැන තැන තිබූ බලු ජරාව ඉවත් කරමින් සිටිනු පෙණින. සාලෙට ඇතුළ් වෙන තැනම 1-බී එකේ ප.ච.මු. බිග්පන්ටාර ළමයා ටීචර්ගේ පූසාට ශ්ලෝකයක් කට පාඩම් කරවීමට ට්‍රයි කරමින් සිටියේය. බලන බලන අත වයිවාරන ළමයින් සිටි නිසා ඇම්ඩාට මාරම චූන් ය.

    ''චීච... මත පාලු නැතුව ඉතියෑකි....''
    ''නිකං ඉන්ඩ බෑ... වැඩ තියනවා... පේනවනේ කට්ටිය?''
    ''අලි අලි චීච, මං දෙන්නං පොලි හැලෙන්ද!''

    ජොලිය වැඩිකමට ඇම්ඩා ටීචර්ගේ සරමේ එල්ලුණෙන්, ටීචර්ගේ සරම එතනම බිම හැලී (කොටු කොටු කොටු කොටු) වූ නිසා, ටීචර් නැමී සරම අහුලන්නටත් කලින්, ගහකට නැග පොල් බාමින් සිටි 5-ඊ පන්තියේ, කරුණා ළමයා ගරිල්ලා බල්ටියක් ගසා ගහෙන් බිමට පැන සරම ඇන්දවූයේය. එවිටම සියලු වැඩ දමා එතැනට දුවගෙන ආ දඟ ළමයි සේරම එක හඬින් කියා සිටියේ ''ඊගාව පාර සරම කැඩුනොත් අන්දන්නේ මමයි'' කියාය.

    ඇම්ඩා ගෙට යද්දී කල්පනා කළේ, කුස්සිය පැත්තේ ටීචර්ගේ ටොමියාගේ මැක්කො කඩ කඩ ඉඳලා සරම වැටෙන සද්දෙට දුවගෙන ආව දැකලා පුරුදු ගෑණු ළමයා කවුද කියාය. ඇම්ඩා මීටරේ කරකෝ කරකෝ යද්දී එක පාරටම ඒ ආවේ ''5-බී'' එකේ මාලුනී අක්කියා බව මතක් වී ආයෙම ජොලියක් ආව හන්දා ආයෙමත් සරමෙ එල්ලෙන්ඩ ඕනෑ කියා හිතා වට පිට බලන ඇහිල්ලේ ටීචර් නැති බව දැක්කේය. ටීචර් ගලවා ගිය සරම අවුවේ දැමීමට තවත් ළමයි පස් දෙනෙක් හෝ හය දෙනෙක් පමණ එතැනට දුව ගෙන ආවෝය.

    *******

    එදාම රෑ.

    ටීචර් ඇඳේ නිදන්නට සැරසෙයි. ටිකකට කලින් ටීචර්ගේ දෙපා නැමද විසි හත් වතාවක් ගුඩ් නයිට් කිවූ ඇම්ඩා එතනම බිම ඇලවී සිටියි.

    විනාඩි දෙකකින්- ටීචර් ගොරවන හඬ.

    ඇම්ඩා බිම පැදුරේ එහෙට මෙහෙට පෙරලෙයි... මහ හඬින් කෑ ගහයි.
    ''චීච... චීච... ඉහි ඉහි ඈ ඈ''
    ටීචර් මෝටාරයක් වැදුනාක් සේ උඩ ගොස් ඇහැරෙයි.
    ''මොකද ළමයො?''
    ''මත බිම දොය්යල පුලුදු නෑ. මාවත් උදත ගන්නවද චීච ගාව දොයියන්ද. ඉහි ඉහි ඈ ඈ.''
    මූ කොහොමත් නස්කූනියාය. උඩට නොගත්තොත් නිදලා හමාරය.
    ''හා එන්නකො''
    දෙන්නාම ඇඳ උඩ නිදි.
    ''චීච... චීච... ඉහි ඉහි ඈ ඈ''
    ''මොකද ඒ පාර?''
    ''අපේ අම්ම නං දොයිය යනකල් මගෙ ඔලුව අත ගානවා''
    ලෝක කඩයක් වගේ මේකා... ටීචර් හිතයි... ඔලුව අතගායි....
    කොල්ලා නිදිය... ටීචර්ටත් කෙමෙන් නින්ද යයි.
    විනාඩි පහකින්....
    ''චීච... චීච... ඉහි ඉහි ඈ ඈ''
    ''මොකද යකෝ ඒ සැරේ'' ටීචර් ඉන්නේ අඩ නින්දේ.
    ''මත හොතු එනවා නහයෙං''
    ''ඉතිං හූරපන්කෝ මං නිදි'' අඩ නින්දෙන්ම කියයි.
    ඇමඩා එතනම හූරයි.
    දෙන්නම ආයෙ නිදි.
    තවත් විනාඩි පහකින්....
    ''චීච... චීච... ඉහි ඉහි ඈ ඈ.. මත තූ බලයි''
    ''ඉතිං කරපන්කෝ මං නිදි'' අඩ නින්දෙන්ම ටීචර් කියයි.
    ඒ වැඩේ ද එතනම කෙරෙයි.
    දැන්, දෙන්නාම හොඳ ගානට නිදිය.
    පැය කාලකට පසු...
    ''චීච චීච මත අමතක වුනා...''
    ටීචර් උඩ ගොස් බිම වැටේ. කේන්තියෙන් ඇඳේ ඉඳ ගනී.
    ''චීච මගෙ කකුලෙ ඌයියා එකක් තීනවා... අපේ අම්මිය නං ඒක කතනවා මත දොයිය යනකල්ම... කතන ගමං ඒකත පිඹින්නත් ඕනෙ පූ කියලා...''
    නොදමකින් මූ වගේ යක් පැටියෙක්.
    ලයිට් එක දමා ටීචර් ඇම්ඩාගෙ කකුල බලයි.
    වර්ග හෙක්ටයාරයක පමණ විශාල හොරි පැල්ලමක් ඇම්ඩාගේ කකුලේ තිබෙයි.
    ''චීච කතන්නකෝ''
    ටීචර් හිතෙන් කුණුහරුප කියමින් හොරි පැල්ලම කසයි.
    ''චීච පිඹින්නකෝ''
    පිඹියි. කසයි.
    ''අනේ තනීපයි! තනීපයි! කතන්න.... කතන්න.... දිගතම කතන්න.... මං දොයියියි....''
    ටීචර් දිගටම කසයි. පිඹියි. කසයි. පිඹියි. කසයි.
    ඇම්ඩාට නින්ද යා ගෙන එද්දී කැසිල්ල නවත්වයි.
    එවිට ම ඇම්ඩා ගැස්සී ඇහැරී ආයෙත් කසන්නට කියයි.
    ටීචර් වෙන කරන්නට දෙයක් නැති කමට දිගටම කසයි. පිඹියි.
    මෙසේ එළි වෙන තුරු හොරි කැසීමෙන් ද ගිනි පිඹීමෙන් ද විඩාබරව ඇහැ පියා ගැනීමට නොහැකි වීමෙන් ද ටීචර් ට ඇම්ඩාව විශාල බෝල්ට් ඇණයක් ලෙස පෙනෙන්නට ගනියි.


    මේ සිදුවීම සතියක් ම නැවත නැවත සිදු වෙයි.

    *******

    අන්තිම සිකුරාදාවේ ටීචර් තීරණයක් ගනියි.

    ඇම්ඩා මොනිටර් කමේ දිගටම උන්නොත් පහුවදා ඉස්කෝලේ කිසිම වැඩක් කරගන්නට බැරි තරමට නිදිමතය. හොරි කසලා නියපොතු ටික ද ගෙවිලාය. ගිනි පිඹලා හුස්ම ටික ද ඉවරය. හොරි කැසිල්ල ලීක් වීම නිසා (ඇම්ඩාම ලීක් කරලා වෙන්නට ඕනෑය!) දැන් දැන් තමා විහිළුවක් වේගෙන එන හැටියක් ද පෙනේ. ජාමේ බේර ගන්ට නම් කළ හැකි එකම දේ ඇම්ඩාට උඩින් වෙන මොනිටාරයෙකු දැමීමය. ඒ සඳහා සුදුසුම ළමයා ලෙස ටීචර්ගේ ඔලුවට ආවේ පෙත්තප්පු හෙවත් ගිරවා හෙවත් ''හෙයාර් පැරට්වැල්ල'' ළමයාය. ඒ ළමයා ටීචර්ව බේරා ගැනීමට බේරෙට උනත් පනින තාලේ ළමයෙක් හන්දා ඒ තීරණය ගැන ටීචර්ට කහටක් තිබුණේම නැත.

    *******

    එදාම හවස.
    ඉස්කෝලෙ ඇරෙන බෙල් එක ඇහෙයි.
    පාසැලේ ගුරු විවේකාගාරය.

    ඇම්ඩා අඬයි.
    ''චීච චීච ඇයි මෙහෙම කළේ? මං කෝමද ගිලවා එක්ක වැද කොලන්නෙ?''
    ''ළමයෝ ඔය ළමයගෙ හොරි කසලා ගිනි පිඹලා මට දැං මේ ටීචර්කොමත් එපා වෙලා.''
    ''ඉතිං එහෙනං චීචගෙ හොලියි කුස්තයි තුවාලයි ලපයි කැලලුයි සේලම මං හංගං ඉන්නෙ''
    ''ඒක හරි ළමයා. ඒත්, මේ අහපං. මං ගැන හිතපං. නිදිමතේ පුළුවං ද ඉස්කෝලෙක උගන්නන්න?''
    ''හා මං යන්නං... ඉහි ඉහි... සේලම හලිනේ එතකොත?''
    ''හරි පුතෝ දැනටමත් මම උඹගෙ හොරි කසනවය කියන ආරංචිය ඉස්කෝලෙ පුරාම ගිහිං තියෙන්නෙ. මේකුන්ට ඕක ටික කාලෙකින් අමතක වෙනවා. එතකල් ටිකක් සද්ද නොකර හිටපං. උඹට එළියෙ ඉඳං කොරන්ඩ වැඩ මම කල්පනා කරලා තියෙන්නෙ..''

    ''ඉහි ඉහි ඈ ඈ''
    හද බිඳුණු ඇම්ඩන් යන්නට යයි.

    ටීචර් ජනේලයෙන් බලා සිටී.
    ඈත සිහින් වෙමින් පාසැල් ඇරී ගෙදර යන ඇම්ඩන් සිල්වා ගේ රුව දෙස බලා සිටින ටීචර් ලොකු හුස්මකින් පෙණහළු පුරවා තමන්ටම මෙසේ කියා ගනී.

    ''ංහ්ම්! පව් දෙයියනේ..... හොරි පැල්ලමක් තිබ්බට.... අපේ එකෙක් නේ!''
    Iwarayi.jpg


    :P:rolleyes:
    3.gif
    3.gif
    3.gif
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    විනිශ්චයකාර තුමා - “තමන් තමුන්ගේ බිරිඳ මරණයට පත් කිරීම සම්බන්ධව වැරදි කරුද? නිවැරදි කරුද ?

    විත්තිකරු - “නිවැරදිකරු ස්වාමීණී”

    විනිශ්චය කරු - “නිවැරදිකරු !!”

    විත්තිකරු - “එසේය ස්වාමීණී”

    විනිශ්චයකාරතුමා - “එසේ වන්නේ කෙසේද ?”

    විත්තිකරු - “ජීවිත ගණනක් බේරාගැනීමට ඒක ජීවිතයක් රකිනවාඩ වඩා හොඳයැයි මම සිතන නිසා ස්වාමීණී”

    විනිශ්චයකරු - “ඔව්, පැහැදිලි කරනු !”

    විත්තිකරු - “මාගේ බිරිඳගේ පහස ලැබීමට එන මිනිසුන් සියල්ල බේරීමටයි ස්වාමීණි මා එසේ කළේ”




     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    දිනක් වේගයෙන් සිය රථය ධාවනය කළ පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් පොලිස් නිලධාරියෙකු..

    පොලිස් නිලධාරියා - "තමුසෙව මම දැන් දානව කූඩුවට. රේස් ගිහින් මින්ස්සු මරන්න"
    අත්අඩංගුවට පත් තැනැත්තා - "අනේ මට හදිසියක් ...."
    පොලිස් නිලධරියා - "වචනයක් කථා කරන්න එපා.. අද අපේ ලොක්කාගේ දුව බඳිනවා. හොඳ මූඩ් එකේ ආවොත් තමුසෙව එලියට ගන්නම් නැත්තං කූඩුවේ තමයි"
    අත්අඩංගුවට පත් තැනැත්තා - "එහෙනම් මට කූඩුවේම තමයි ඉන්න වෙන්නේ"
    පොලිස් නිලධාරියා - "ඒ මොකද ?"
    අත් අඩංගුවට පත් තැනැත්තා - "මම තමයි ඕයි තමුසෙගේ ලොක්කගේ දුව බඳින එකා"

     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    ගුරුවරයා - "පිරිමි ළමයා තනිවී සිටියාය." ඇම්ඩන් ! මේකේ වැරැද්ද තියෙන්නේ කොතැනද ?ඇම්ඩන් - "දෙමාපියන්ගේ ..."
    ගුරුවරයා - "ඒ..... කොහොමද මිනිහෝ එහෙම වෙන්නේ ?"
    ඇම්ඩන් - "කෙල්ලෙක් ආශ්‍රය කරන්න දුන්නනම් තනියක් කොහෙද ස...ර්"
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    දිනක් ඇම්ඩන්ගේ තාත්තා කන්නාඩි කඩයකට ගොඩවිය. ඉතා අධික මිලකට විකිනීමට ඇති කන්නාඩියක් දැක මේකේ මොකක්ද තියෙන විශේෂත්වය යි කළමණාකරුගෙන් විමසීය.

    කළමණාකරු - "ආ... ඕක මහත්තයා එක්ස් -රේ ග්ලාස් එකක්. ඕක දාල බැලුවහම ඇඳුම් නැතිව තමයි පේන්නේ"

    ප්‍රීතියෙන් පිනාගිය ඇම්ඩන්ගේ තාත්තා ක්‍රෙඩිට් කාඩ් එකෙන් අදාල මුදල ගෙවා එය රැගෙන ගෙදර ගියේ එයින් ඉමහත් දේ දැක ගැනීමේ අටියෙන්. ගෙදර ගොස් එය පැළඳගෙන හොරෙන් හොරෙන් සිය බිරිඳ සොයා ගිය ඔහු........ නිදන කාමරයට එබිකම් කර බැලීය. පුදුමයකි අල්ලපු ගෙදර මිනිහා සහ සිය බිරිඳ නිරුවත්ව ඇඳ උඩ අල්ලාප සල්ලාපයේ යෙදී සිටී. ඔහු වහා කණ්නාඩිය ගලවා බැලීය. ඒත් ඔවුන් දෙදෙනා ඉන්නේ නිරුවත්වය.

    වහ වහා කඩයට දිව් ඇම්ඩන්ගේ තාත්තා....

    "අනේ තමුසෙල වගේ බො‍රු කාරයෝ ටිකක් මේ කන්නාඩිය හරියට වැඩ කරන්නේ නෑ... මට මගේ සල්ලි ආපහු දෙනවා " යි කීවාලු.



     
    Aug 29, 2010
    299
    111
    0
    colombo

    යෝගියා බොහොම උනන්දුවෙන් පාසල් ගිය එකෙක් නෙමේ නේ කවදාවත්.
    ඒ දවස්වල දෙකට පාසල ඇරිලා ගෙදර ආවොත් තුනහමාරවත් වෙනවා. හැබැයි ඉතිං ‍යාළුවොනං කියන්නේ යෝගියා දෙකට පාසල් ඇරිලා ගෙදර ගියොත් අම්මා , තාත්තටත් call කරලා ගමේ මිනිස්සුන්ටත් කියලා , හදිසි අවස්ථාවත් ප්‍රකාශයට පත්කරලා යෝගියව හොයන්ඩ පටං අරං කියලා මොකවත් කරදරයක් ද බලන්ඩ. මොකද හැමදාම උදේ පන්තියේ Register එක ලකුණු කරනකං ඉඳලා 10.00 වෙනකොට යෝගියා මාරු. ( කොහොමද කියලනං අහන්ඩ එපා.ඇහුවට දැං වැඩක් නෑ .. ඉස්කෝ‍ලේ ව‍ටේ තාප්පේ ආපහු උස්සලා අඩි 12කටත් වැඩී වගේ ). තුනහමාර කියන්නේ පැය පහක් විතර ප්‍රමාදයි .
    හැබැයි උසස් පෙළ ලංවෙච්චි කාලේ නං යෝගියා හුඟක් මහන්සිවෙලා පාඩං කළා.තනියෙං නං නෙමේ.යාළු මිත්තරයො රොත්තයි ගෙදර.බහු බුද්ධී විනාසාය ද මොකද්ද කියනවනේ.. චතුර , වරුණ , අංජු , බුද්ධික, නිශාන්ත .. සාක්කුවත් එනව ඉඳල හිටලා …
    අම්මා හැමදාම උයනව දහයකට විතර. ගෙදර නිකං දානේ ගෙයක් වගේ. හැබැයි ඉතිං යාළුවොත් තමංගෙ ගෙදර වගේ හැමදේම බලාකියාගෙන හිටියා. හරිම සුන්දර කාලයක්.. ජීවිතේ ‍බලාපොරොත්තු වලින් පිරිච්ච ඒත් වගකීම් ගොඩක් හිතේ නැති , ‍කොහොම හරි පේරා ගිහිං ඉංජිනේරුවෙක් වෙන එක විතරක් හිතේ තිබුන හරිම සුන්දර කාලයක්.(ඒ බලාපොරොත්තුවනං ඉතිං සුං වෙලා ගියා – අපි ෂැලෙයිද අයියා ඕවට :P )
    ඒ කාලේ ගැන වෙනම සටහනක් ලියන්නං. අද කියන්ඩ යන්නේ ඒක ගැන නෙමේ.
    මේ පාඩං කරන කාලේ ඔය කලිං කියපු අංජුවා ගේ අයියා කෙනෙක් හිටියා පේරාදෙණියේ ඉංජිනියරිං ‍ෆැකල්ටි එකේ.ආදරේට කවුරුත් කිව්වේ ඌට අප්පච්චි කියලා.පාරෙ යන ගමං “මේ මචං, අප්පච්චි මේක පොඩ්ඩක් බලහංකෝ බං” කිව්වම වටේ පිටේ පොරවල් මූන ලන්ත්‍රාස් කරගෙන බලනව කව්ද බොල ‍අප්පච්චිට අඩෝ කියන පුතයා කියලා. මිනිහා ඉතිං හුදී ජන හිතසුව පිණිස හැම සෙනසුරාදම ඇවිත් අපිට Maths කියල දෙනවා – පිනට.
    කොහොම හරි මිනිහ හැමදාම නුවර ඉඳං ඇවිල්ලා ගම්පහ Railway Station එකෙං බැහැලා යෝගියට call එකක් දෙනවා. ඉතිං පහසුකම් සලසන්නා වශයෙන් ඒ කාලේ යෝගියට තිබුනු පරණ Mate කට්ට පැදගෙන යෝගියා යනව මේකව කුදලං එන්ට.-වැරදුනා, කැන්දං එන්ට.
    ඉතිං දවසද්දා මේකා පුරුදු පරිදි ගම්පහට ඇවිල්ලා යෝගියට call එකක් දීලා.මුගේ කරුමෙට ද මගේ කරුමෙටද නැත්තං අපේ තාත්ත‍ගේ කරුමෙටද දන්නෑ ඒක අපිට ඇහුන් නෑ.තුං හතරවෙනි පාර ඔන්න ට්‍රයි කරල කොහොම හරි ගත්ත කියමුකෝ.
    Answer කලේ යෝගියා නෙමේ තාත්තා.
    මූ ගත්තු ගමං කියපි , “ඈ බොල බල්ලෝ(සමාවෙන්න – ඒක තමා ඇත්තම වචනේ ඌ පාවිච්චි කරපු ).. උඹ මැරිලද ‍‍යකෝ හිටියේ.Phone එක වදිනව ඇහුන් නැද්ද කියලා ” කියලා. මළා නේද ? තාත්තා ඉතිං යෝගියගේ ම තාත්ත නේ. ගානක් නැතුව අහපි “ඇයි මචං මොකද වුනේ කියලා”. සින්ඩියට පොඩි ළමයිත් එන හින්දා මිනිහා අපේ තාත්තට දීපු පිළිතුර මේකේ මං දාන්නේ නෑ.
    ඊළඟට මූ කියනවා , “මාව එක්කං යන්ඩ වරෙං . මං රේල් ගේට්ටුව ළඟ ඉන්නවා” කියලා. තාත්තටත් නිකං කට තියාගෙන ඉන්ඩ බෑනේ , එකක් අහගත්ත මදිවෙලා. අහනවා “මොකද්ද බං ඒ ගේට්ටුව ” කියලා. අරූ මොනවද සංස්කෘත ශ්ලෝක වගයක් කිව්ව අර ඩැනී බීපුවාම කියන ජාතියෙනුත් කලවමට දාලා. පස්සේ කියනව “අර කෝච්චිය යනකොට වහන ‍තඩි පොල්ල යකෝ ” කියලා.
    මං මිනිහව ගෙදරට එක්කං එනකං කිව්වේ නෑ කතාකළේ මං නෙමේ කියලා.ඉතිරිය හිතාගන්‍ටකෝ. දැං විනාඩියකට කලිං තමං පරම්පරාව ම අමතලා බැනපු යාළුවගේ තාත්ත ඉස්සරහ හිටං ඉන්න මෝඩ මූනක් දාගත්තු ,ලොකු කන්නාඩි දාපු එකෙක් ..
    මිනිහා දවසක් අපේ ලයිට් බිල ගේන මනුස්සයා දැකලා කිව්වා මචං බලපං කෝ. මට කවදාවත් කැම්පස් එකට ලියුමක් එන්නෑ නේ කියලා.
    පව්නේ . කාගෙ වුනත් දරුවෙක් නේ . යෝගියා ගේ හිත උනුවෙලා ගියා නිකං අර දවසක් උණුකර නිවාගත් ජලය පානය කරන්න කියලා ලිපේ තියපු ප්ලාස්ටික් කෝප්පේ වගේ…
    ඉතිං යෝගියා ලිව්ව ලියුමක්. හෝ ගාලා. ලියලා තැපැල් කළා අප්පච්චිගේ කැම්පස් ජීවිතේ ලැබුන පළමු හා අවසාන ලිපිය.
    කියෝල ම බලන්ටකෝ…