මංත්රීබබා;8181481 said:මගදී යෙදුණ වෙන වෙන වැඩ නිසා ගුරු නිවාසයට යද්දී හැන්දෑ වී තිබිණ. ගුරු නිවාසයට ඇතුළු වුණ සැණින් ඇම්ඩා ගල් ගැහී නැවතුණේය. ගුරු නිවාසය මිදුලේ 2-බී පන්තියේ නස්කූනියා වන ලොකුගේ ළමයා දර පලමින් උන් අතර ඊට ටිකක් එහායින් ළිඳ ළඟ 1-ඒ පන්තියේ ජොහොරයා වූ විමලයා ටීචර්ගේ පරණ සරොම් කලිසම් යට ඇඳුම් බේසමක් හෝදමින් සිටියේය. එතනම, බංකුවක් තියාගෙන 3-ඊ එකේ සෝමාරියා වූ ඇල්.ජී. පේරැස් ළමයා, ටීචර්ගේ බේබි ව හිල් පොල්කට්ටකින් නාවමින් සිටියේය.
''අම්මත දෙඟ! චීච චීච මේ සේලම මෙහෙද?''
''ඔව් ළමයා... මේ සේරම අපේ ඉස්කෝලෙ ළමයි. දැං මේ සේරම මෙහෙ බෝඩ් වෙලා ඉන්නේ. සමහරු මං එක්ක ගෙන ආව ළමයි. සමහරු බලෙන් බෝඩ් වෙච්ච ළමයි. ඔය ළමයත් අද ඉඳං....''
එතකොටම තුවායක් ඇඳගෙන 3-සී එකේ ජොනී ළමයා පොල් කොස්සකුත් ගෙන ටොයිලට් එකෙන් මතු වුනේය. රතු කොට කලිසමක් ඇඳගත් ඩිව් නුගුණසේකර් ළමයා සහ කට සැර වූෂුදේව ළමයා මිදුලේ තැන තැන තිබූ බලු ජරාව ඉවත් කරමින් සිටිනු පෙණින. සාලෙට ඇතුළ් වෙන තැනම 1-බී එකේ ප.ච.මු. බිග්පන්ටාර ළමයා ටීචර්ගේ පූසාට ශ්ලෝකයක් කට පාඩම් කරවීමට ට්රයි කරමින් සිටියේය. බලන බලන අත වයිවාරන ළමයින් සිටි නිසා ඇම්ඩාට මාරම චූන් ය.
''චීච... මත පාලු නැතුව ඉතියෑකි....''
''නිකං ඉන්ඩ බෑ... වැඩ තියනවා... පේනවනේ කට්ටිය?''
''අලි අලි චීච, මං දෙන්නං පොලි හැලෙන්ද!''
ජොලිය වැඩිකමට ඇම්ඩා ටීචර්ගේ සරමේ එල්ලුණෙන්, ටීචර්ගේ සරම එතනම බිම හැලී (කොටු කොටු කොටු කොටු) වූ නිසා, ටීචර් නැමී සරම අහුලන්නටත් කලින්, ගහකට නැග පොල් බාමින් සිටි 5-ඊ පන්තියේ, කරුණා ළමයා ගරිල්ලා බල්ටියක් ගසා ගහෙන් බිමට පැන සරම ඇන්දවූයේය. එවිටම සියලු වැඩ දමා එතැනට දුවගෙන ආ දඟ ළමයි සේරම එක හඬින් කියා සිටියේ ''ඊගාව පාර සරම කැඩුනොත් අන්දන්නේ මමයි'' කියාය.
ඇම්ඩා ගෙට යද්දී කල්පනා කළේ, කුස්සිය පැත්තේ ටීචර්ගේ ටොමියාගේ මැක්කො කඩ කඩ ඉඳලා සරම වැටෙන සද්දෙට දුවගෙන ආව දැකලා පුරුදු ගෑණු ළමයා කවුද කියාය. ඇම්ඩා මීටරේ කරකෝ කරකෝ යද්දී එක පාරටම ඒ ආවේ ''5-බී'' එකේ මාලුනී අක්කියා බව මතක් වී ආයෙම ජොලියක් ආව හන්දා ආයෙමත් සරමෙ එල්ලෙන්ඩ ඕනෑ කියා හිතා වට පිට බලන ඇහිල්ලේ ටීචර් නැති බව දැක්කේය. ටීචර් ගලවා ගිය සරම අවුවේ දැමීමට තවත් ළමයි පස් දෙනෙක් හෝ හය දෙනෙක් පමණ එතැනට දුව ගෙන ආවෝය.
*******
එදාම රෑ.
ටීචර් ඇඳේ නිදන්නට සැරසෙයි. ටිකකට කලින් ටීචර්ගේ දෙපා නැමද විසි හත් වතාවක් ගුඩ් නයිට් කිවූ ඇම්ඩා එතනම බිම ඇලවී සිටියි.
විනාඩි දෙකකින්- ටීචර් ගොරවන හඬ.
ඇම්ඩා බිම පැදුරේ එහෙට මෙහෙට පෙරලෙයි... මහ හඬින් කෑ ගහයි.
''චීච... චීච... ඉහි ඉහි ඈ ඈ''
ටීචර් මෝටාරයක් වැදුනාක් සේ උඩ ගොස් ඇහැරෙයි.
''මොකද ළමයො?''
''මත බිම දොය්යල පුලුදු නෑ. මාවත් උදත ගන්නවද චීච ගාව දොයියන්ද. ඉහි ඉහි ඈ ඈ.''
මූ කොහොමත් නස්කූනියාය. උඩට නොගත්තොත් නිදලා හමාරය.
''හා එන්නකො''
දෙන්නාම ඇඳ උඩ නිදි.
''චීච... චීච... ඉහි ඉහි ඈ ඈ''
''මොකද ඒ පාර?''
''අපේ අම්ම නං දොයිය යනකල් මගෙ ඔලුව අත ගානවා''
ලෝක කඩයක් වගේ මේකා... ටීචර් හිතයි... ඔලුව අතගායි....
කොල්ලා නිදිය... ටීචර්ටත් කෙමෙන් නින්ද යයි.
විනාඩි පහකින්....
''චීච... චීච... ඉහි ඉහි ඈ ඈ''
''මොකද යකෝ ඒ සැරේ'' ටීචර් ඉන්නේ අඩ නින්දේ.
''මත හොතු එනවා නහයෙං''
''ඉතිං හූරපන්කෝ මං නිදි'' අඩ නින්දෙන්ම කියයි.
ඇමඩා එතනම හූරයි.
දෙන්නම ආයෙ නිදි.
තවත් විනාඩි පහකින්....
''චීච... චීච... ඉහි ඉහි ඈ ඈ.. මත තූ බලයි''
''ඉතිං කරපන්කෝ මං නිදි'' අඩ නින්දෙන්ම ටීචර් කියයි.
ඒ වැඩේ ද එතනම කෙරෙයි.
දැන්, දෙන්නාම හොඳ ගානට නිදිය.
පැය කාලකට පසු...
''චීච චීච මත අමතක වුනා...''
ටීචර් උඩ ගොස් බිම වැටේ. කේන්තියෙන් ඇඳේ ඉඳ ගනී.
''චීච මගෙ කකුලෙ ඌයියා එකක් තීනවා... අපේ අම්මිය නං ඒක කතනවා මත දොයිය යනකල්ම... කතන ගමං ඒකත පිඹින්නත් ඕනෙ පූ කියලා...''
නොදමකින් මූ වගේ යක් පැටියෙක්.
ලයිට් එක දමා ටීචර් ඇම්ඩාගෙ කකුල බලයි.
වර්ග හෙක්ටයාරයක පමණ විශාල හොරි පැල්ලමක් ඇම්ඩාගේ කකුලේ තිබෙයි.
''චීච කතන්නකෝ''
ටීචර් හිතෙන් කුණුහරුප කියමින් හොරි පැල්ලම කසයි.
''චීච පිඹින්නකෝ''
පිඹියි. කසයි.
''අනේ තනීපයි! තනීපයි! කතන්න.... කතන්න.... දිගතම කතන්න.... මං දොයියියි....''
ටීචර් දිගටම කසයි. පිඹියි. කසයි. පිඹියි. කසයි.
ඇම්ඩාට නින්ද යා ගෙන එද්දී කැසිල්ල නවත්වයි.
එවිට ම ඇම්ඩා ගැස්සී ඇහැරී ආයෙත් කසන්නට කියයි.
ටීචර් වෙන කරන්නට දෙයක් නැති කමට දිගටම කසයි. පිඹියි.
මෙසේ එළි වෙන තුරු හොරි කැසීමෙන් ද ගිනි පිඹීමෙන් ද විඩාබරව ඇහැ පියා ගැනීමට නොහැකි වීමෙන් ද ටීචර් ට ඇම්ඩාව විශාල බෝල්ට් ඇණයක් ලෙස පෙනෙන්නට ගනියි.
මේ සිදුවීම සතියක් ම නැවත නැවත සිදු වෙයි.
*******
අන්තිම සිකුරාදාවේ ටීචර් තීරණයක් ගනියි.
ඇම්ඩා මොනිටර් කමේ දිගටම උන්නොත් පහුවදා ඉස්කෝලේ කිසිම වැඩක් කරගන්නට බැරි තරමට නිදිමතය. හොරි කසලා නියපොතු ටික ද ගෙවිලාය. ගිනි පිඹලා හුස්ම ටික ද ඉවරය. හොරි කැසිල්ල ලීක් වීම නිසා (ඇම්ඩාම ලීක් කරලා වෙන්නට ඕනෑය!) දැන් දැන් තමා විහිළුවක් වේගෙන එන හැටියක් ද පෙනේ. ජාමේ බේර ගන්ට නම් කළ හැකි එකම දේ ඇම්ඩාට උඩින් වෙන මොනිටාරයෙකු දැමීමය. ඒ සඳහා සුදුසුම ළමයා ලෙස ටීචර්ගේ ඔලුවට ආවේ පෙත්තප්පු හෙවත් ගිරවා හෙවත් ''හෙයාර් පැරට්වැල්ල'' ළමයාය. ඒ ළමයා ටීචර්ව බේරා ගැනීමට බේරෙට උනත් පනින තාලේ ළමයෙක් හන්දා ඒ තීරණය ගැන ටීචර්ට කහටක් තිබුණේම නැත.
*******
එදාම හවස.
ඉස්කෝලෙ ඇරෙන බෙල් එක ඇහෙයි.
පාසැලේ ගුරු විවේකාගාරය.
ඇම්ඩා අඬයි.
''චීච චීච ඇයි මෙහෙම කළේ? මං කෝමද ගිලවා එක්ක වැද කොලන්නෙ?''
''ළමයෝ ඔය ළමයගෙ හොරි කසලා ගිනි පිඹලා මට දැං මේ ටීචර්කොමත් එපා වෙලා.''
''ඉතිං එහෙනං චීචගෙ හොලියි කුස්තයි තුවාලයි ලපයි කැලලුයි සේලම මං හංගං ඉන්නෙ''
''ඒක හරි ළමයා. ඒත්, මේ අහපං. මං ගැන හිතපං. නිදිමතේ පුළුවං ද ඉස්කෝලෙක උගන්නන්න?''
''හා මං යන්නං... ඉහි ඉහි... සේලම හලිනේ එතකොත?''
''හරි පුතෝ දැනටමත් මම උඹගෙ හොරි කසනවය කියන ආරංචිය ඉස්කෝලෙ පුරාම ගිහිං තියෙන්නෙ. මේකුන්ට ඕක ටික කාලෙකින් අමතක වෙනවා. එතකල් ටිකක් සද්ද නොකර හිටපං. උඹට එළියෙ ඉඳං කොරන්ඩ වැඩ මම කල්පනා කරලා තියෙන්නෙ..''
''ඉහි ඉහි ඈ ඈ''
හද බිඳුණු ඇම්ඩන් යන්නට යයි.
ටීචර් ජනේලයෙන් බලා සිටී.
ඈත සිහින් වෙමින් පාසැල් ඇරී ගෙදර යන ඇම්ඩන් සිල්වා ගේ රුව දෙස බලා සිටින ටීචර් ලොකු හුස්මකින් පෙණහළු පුරවා තමන්ටම මෙසේ කියා ගනී.
''ංහ්ම්! පව් දෙයියනේ..... හොරි පැල්ලමක් තිබ්බට.... අපේ එකෙක් නේ!''![]()


)