Music Group Help

Inki Pinki

Member
Mar 18, 2017
29
9
0
මම දන්නේ නැති දෙයක් ගැන අහන්න හදන්නේ. හිනා වෙන්න එපා හොදද. :(
අද අපේ පැත්තේ සංගීත සංදර්ශනයක් තියනවා රෑට. ඉතින් දැන් ගෘප් එක ඇවිල්ල තියෙන්නේ. එයාලගේ සංගීත භාණ්ඩ සෙට් කරලා තියෙන්නේ. දැන් මෙන්න මෙහෙම පොඩි පොඩි සද්ද එනවා.

ඩ්‍රම් සෙට් එක = ඩිස්. ටිඩින්.. දිදින්.. දින්..... ඩිෂ්.. ඩිෂ්.....
ගිටාර් එක = ටිවූ.. නිවු ... ටියු නිවු ...... ටින්... ටින්......
ඕගන් එක = ටී..න... නි..න න..... ටී..න නී..න නා.....

මේ ටික ටික කෑලි ගහන්නේ මොකද ? එයාල ප්‍රැක්ටිස් කරනවා නෙමෙයි නේද ? මෙහෙම පොඩි පොඩි කෑලි ගහන්නේ මොකද ? පොඩ්ඩක් දන්නා කෙනෙක් පැහැදිලි කරලා දෙනවද ?
 
තියෙන තැන කියපන්
ඕව අදාල නෑ නේ උබට
උන් මොනවා ගැහුවත් මොකද
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම ගහන්නේ සවුන්ඩ් හරියට එකින් එක එනවද කියල අහන්ඩ.
    ඔක්කොම එකම සවුන්ඩ් රේන්ජ් එකෙන් තියන්නේ නෑ.
    ගිටාර් ගත්තොත් ලීඩ් ගිටාර් එකට වඩා රිදම් ගිටාර් එකේ සද්දේ ඇහෙනවා අඩුයි.
    එහෙම සද්ද හොදට චෙක් කරල අන්තිමට ඔක්කොම ටික එක්ක රිහසල් එකක් කරනව වටේටම කොලිටි එකට සද්දේ ඇහෙනවද බලන්ඩ
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ඩිස්. ටිඩින්.. දිදින්.. දින්..... ඩිෂ්.. ඩිෂ්.....
    ටිවූ.. නිවු ... ටියු නිවු ...... ටින්... ටින්......
    ටී..න... නි..න න..... ටී..න නී..න නා.....
    ඩිස්. ටිඩින්.. දිදින්.. දින්..... ඩිෂ්.. ඩිෂ්.....
    ටිවූ.. නිවු ... ටියු නිවු ...... ටින්... ටින්......
     
    Inki Pinki

    Member
    Mar 18, 2017
    29
    9
    0
    එහෙම ගහන්නේ සවුන්ඩ් හරියට එකින් එක එනවද කියල අහන්ඩ.
    ඔක්කොම එකම සවුන්ඩ් රේන්ජ් එකෙන් තියන්නේ නෑ.
    ගිටාර් ගත්තොත් ලීඩ් ගිටාර් එකට වඩා රිදම් ගිටාර් එකේ සද්දේ ඇහෙනවා අඩුයි.
    එහෙම සද්ද හොදට චෙක් කරල අන්තිමට ඔක්කොම ටික එක්ක රිහසල් එකක් කරනව වටේටම කොලිටි එකට සද්දේ ඇහෙනවද බලන්ඩ

    Thanks! ඉතින් මේ කට්ටිය වෙන තැන් වලත් play කරනවා නේ. ඒ කියන්නේ ඊයේ , පෙරේද සංගීත ගහල නේ එන්නේ. එතකොට බැලන්ස් කරලා නේ තියෙන්නේ, යන යන තැනදී බැලන්ස් කරන්න ඕනද ?
     
    තියෙන්නේද ? තියෙන්නේ කරුවලගස් වැව. කරන්ට් නෑ. කුකුළා පහනේන් එලිය දෙන්නේ. තැන අහන්නේ ඔයා එතැන සාරවිට විකුනන්න එන්නද හදන්නේ ? සාරවිට එපා. පිළිකා හැදෙනවා. :lol:

    ටෞකන්ඩ තොගේ පකේ ලයින් නේ තියෙන්නේ
    යකෝ නටන්න එන්න ඇහුවේ ටෞකන්ඩ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Thanks! ඉතින් මේ කට්ටිය වෙන තැන් වලත් play කරනවා නේ. ඒ කියන්නේ ඊයේ , පෙරේද සංගීත ගහල නේ එන්නේ. එතකොට බැලන්ස් කරලා නේ තියෙන්නේ, යන යන තැනදී බැලන්ස් කරන්න ඕනද ?

    එක එක තැන්වල පරිසරය වෙනස්.
    එළිමහනේ ගත්තොත් ගස් අඩු වැඩි වෙන්ඩ පුළුවන්.
    ECHO එක වෙනස් වෙන්ඩ පුළුවන්.
    හුලග වෙනස් වෙන්ඩ පුළුවන්.

    ඉතින් ඔය ඔක්කොම කාරනා හොදට බලල තමයි අවශ්‍ය කරන ස්පිකර් ගාන සෙට් කරන්නේ.
    ඒ පරිසර තත්ව හොයාගන්ඩ තමයි සරින් සැරේ ඩුම් ඩුම් ටිවූ ටිවූ කරන්නේ
     
    Inki Pinki

    Member
    Mar 18, 2017
    29
    9
    0
    එක එක තැන්වල පරිසරය වෙනස්.
    එළිමහනේ ගත්තොත් ගස් අඩු වැඩි වෙන්ඩ පුළුවන්.
    ECHO එක වෙනස් වෙන්ඩ පුළුවන්.
    හුලග වෙනස් වෙන්ඩ පුළුවන්.

    ඉතින් ඔය ඔක්කොම කාරනා හොදට බලල තමයි අවශ්‍ය කරන ස්පිකර් ගාන සෙට් කරන්නේ.
    ඒ පරිසර තත්ව හොයාගන්ඩ තමයි සරින් සැරේ ඩුම් ඩුම් ටිවූ ටිවූ කරන්නේ

    ෂාහ්... මේ තියෙන්නේ උත්තර නියමෙට. තව ප්‍රශ්න ටිකක් තියනවා. තරහ නැතුව උත්තර දෙන්න පුලුවන්ද ?

    1. අර බොක්ස් ගිටාර් එකට කරන්ට් එක දෙන්නේ නෑ නේ. එතකොට ඒ වගේම කම්බි තියන එලෙක්ට්‍රික් ගිටාර් එක කරන්ට් එකට ගහන්න ඕන මොකද ? කම්බි වල පුංචි කරන්ට් එකක් යනවද ?
    2. ඒ වගේම අර ලොකු පරණ ඩ්‍රම් සෙට් වලට කරන්ට් එක දෙන්නේ නෑ නේද ? අර අලුත් පොඩි ඒවාට කරන්ට් එක දෙනවා. ඒ මොකද ? කරන්ට් එක දීම නිසා සිදුවන වෙනස් කම මොකක්ද ?

    3. එකම සින්දුව එක ගෘප් එකක ඩ්‍රම් ගහන කෙනා එකවිදියකට ගහන කොට තවත් ගෘප් එකක ඩ්‍රම් ගහන කෙනා පොඩි පොඩි සද්ද කෑලි වැඩියෙන් දාල ගහනවානේ. එයාල ඒවා මතකේ තියන්ද ගහන්නේ?
    4. ගායකයෝ කලින් දවසක ගෘප් එකට කියනවද මම ලබන සතියේ අර සංගීතේදී කියන්නේ මෙන්න මේ සින්දු ටික කියල. මොකද චාමර වීරසිංහ වගේ ගායකයෙක් ගත්තොත් සින්දු ගොඩක් තියන නිසා ගෘප් එක ප්ලේ කරන සින්දු දෙක / තුන විතරක් ප්‍රක්ටිස් කරන්න ඕන නේ. එතකොට ගායකයා කලින් කියන සින්දු ගැන දැනුවත් කරනවද ?
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    අම්මෝ සිල්වයියට නැගල.... ශේප්.. ශේප්... ඒක නෙමෙයි සිල්වයියේ... ඔය යන යන තැනදී සවුන්ඩ් බැලන්ස් කරන්නේ මොකද? එක තැනකදී බැලන්ස්කරාම ඒ විදියටම ඉන්ස්ට්‍රුමන්ට් ටික ගෙනල්ල ප්ලේ කරන්න බැරිද ?

    ප්‍රවේසමෙන්. සිල්වා පොලේ යන්න සුරයා. :lol:
     
    උබ ප්‍රශ්න පත්තරයක්නේ
    කමක් නෑ. දැනගන්ඩනෙ අහන්නේ.

    මුලින්ම ගිටාර් වලටයි ඩ්‍රම් සෙට් එකටයි කරන්ට් එකක් දෙන්නෙ නෑ.
    ඒ වයර් එක වගේ පෙන්නේ කරන්ට් එක දෙන එකක් නෙමෙයි ගිටාර් එකෙයි ඩ්‍රම් සෙට් ඒකයි සද්දේ Equalizer එකට දෙන වයර් එක. Equalizer එකෙන් කරන්නේ ඔක්කොම සද්ද්වල් ටික බැලන්ස් කරන එක. ඊට පස්සේ Equalizer එකෙන් Amp එකට කනෙක්ට් ක‍රල Amp එකෙන් තමයි ස්පිකර් වලට සද්දේ යවන්නේ.

    1. මියුසිකල් ෂෝ වල ගහන බොක්ස් ගිටාර් එක සෙමි අකවුස්ටික් (Semi Acoustic). එක Equalizer එකට සෙට් කරල හැමෝටම ඇහෙන්ඩ සද්දේ දෙන්ඩ පුළුවන්. පොඩි හතර පස් දෙනෙක් ඉන්න පාටි එකකදී නිකන් ගහන්ත්ඩත් පුළුවන්.
    කම්බි වල කරන්ට් එකක් යන්නේ නෑ.

    2. ඩ්‍රම් සෙට් වර්ගත් තියන්ව Acoustic සහ Electric කියල. ඔය දෙකේ සද්ද දෙවිදියකට ඇහෙන්නේ.
    Electric ඩ්‍රම් එක කෙලින්ම Equalizer එකට කනෙක්ට් කරන්ඩ පුළුවන්.
    එත් Acoustic එක එහෙම බෑ. එක නිසා Acoustic එකේ සද්දේ ගන්ඩ හැම පාර්ට් එකකටම මයික් එකකක් සෙට් කරල තියෙන්නේ. මයික් වලින් තමයි Acoustic ඩ්‍රම් එකක සද්දේ Equalizer එකට දෙන්නෙ.

    3. සමහර කෑලි මතකෙන් ගහනව. සමහර කෑලි එවෙලෙට ගහනව. ඒක ඉතින් හැකියාව.

    4. ඔව්. ගායකයෝ සින්දු ටිකයි ඒ සින්දු වල පිළිවෙලයි කලින් දෙනව බෑන්ඩ් එකට.
    කලාතුරකින් තමයි විශේෂ ඉල්ලීම් මත කියල සින්දු කියන්නෙ. ගොඩක් වෙලාවට බෑන්ඩ් හැම සින්දුවක්ම වගේ ප්ප්‍රැක්ටිස් කරනව නිකන් ඉන්න දවස් වලට.

    Last edited:
    • Like
    Reactions: Malinga

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    ෂාහ්... මේ තියෙන්නේ උත්තර නියමෙට. තව ප්‍රශ්න ටිකක් තියනවා. තරහ නැතුව උත්තර දෙන්න පුලුවන්ද ?

    1. අර බොක්ස් ගිටාර් එකට කරන්ට් එක දෙන්නේ නෑ නේ. එතකොට ඒ වගේම කම්බි තියන එලෙක්ට්‍රික් ගිටාර් එක කරන්ට් එකට ගහන්න ඕන මොකද ? කම්බි වල පුංචි කරන්ට් එකක් යනවද ?
    2. ඒ වගේම අර ලොකු පරණ ඩ්‍රම් සෙට් වලට කරන්ට් එක දෙන්නේ නෑ නේද ? අර අලුත් පොඩි ඒවාට කරන්ට් එක දෙනවා. ඒ මොකද ? කරන්ට් එක දීම නිසා සිදුවන වෙනස් කම මොකක්ද ?

    3. එකම සින්දුව එක ගෘප් එකක ඩ්‍රම් ගහන කෙනා එකවිදියකට ගහන කොට තවත් ගෘප් එකක ඩ්‍රම් ගහන කෙනා පොඩි පොඩි සද්ද කෑලි වැඩියෙන් දාල ගහනවානේ. එයාල ඒවා මතකේ තියන්ද ගහන්නේ?
    4. ගායකයෝ කලින් දවසක ගෘප් එකට කියනවද මම ලබන සතියේ අර සංගීතේදී කියන්නේ මෙන්න මේ සින්දු ටික කියල. මොකද චාමර වීරසිංහ වගේ ගායකයෙක් ගත්තොත් සින්දු ගොඩක් තියන නිසා ගෘප් එක ප්ලේ කරන සින්දු දෙක / තුන විතරක් ප්‍රක්ටිස් කරන්න ඕන නේ. එතකොට ගායකයා කලින් කියන සින්දු ගැන දැනුවත් කරනවද ?

    1.නෑ ඒකෙ වෙන්නෙ අනිත්පැත්ත..ඔය ගිටාර් වල ගහන තැන තියනවා මැග්නට් එකක ඔතපු සිහින් වයර් වගයක්. ඔය කම්බි ලෝහ .ඉතින් ලෝහ කම්බි විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයේ කම්පනය වෙද්දි අර මැග්නට් එකේ තියන සිහින් කම්බි වල ධාරාවක් නිපදවෙනවා ..ඒක තමා ඇම්ප්ලිෆයර් කරලා ගන්නේ

    2.එව්වා එකිනෙකට වෙනස්..එකොස්ටික් ඩ්‍රම්ස් හදලා තියෙන්නෙ, හය්යෙන් යමක් වැදුනාම සද්දෙ එන්න. ඒවුනාට ඉලෙක්ට්‍රික් ඩ්‍රම් සෙට් එක එහෙම නෙමේ. හිතන්නකෝ ස්විච් ගොඩ්ඩාක් තියනවා ..ඒ ස්විච් එකක් එබුවහම ඒ ස්විච් එකේ තියන කලින් රෙකෝඩ් කරලා තිබ්බ සද්දයක් ප්ලේ වෙනවා..
    3ඔව්
    4වෙන්න ඇති
     
    Inki Pinki

    Member
    Mar 18, 2017
    29
    9
    0
    තව දන්නේ නැති දෙයක් තියනවම් ලැජ්ජ වෙන්නේ නැතුව අහපන්

    අර ගිටාර් ප්‍රශ්නේ පිළිතුර පොඩ්ඩක් පැහැදිලි මදි. ඔයාගේ පිළිතුරට යටින් පිළිතුරක් දාපු කෙනාගේ පිළිතුරේ අදහස ඊට වඩා වෙනස් එකක් නේ.
    1. ඔයා කියපු දෙයින් අදහස් වෙන්නේ එලෙක්ට්‍රික් ගිටාර් එක කරන්ට් එක නැතුවත් ප්ලේ කරන්න පුළුවන් වගේ අදහසක් නේද ?එහෙම පුලුවන්ද ?
    2. එලෙක්ට්‍රික් ඩ්‍රම් සෙට් එකෙන් ගන්න බැරි සවුන්ඩ් ගන්නද අර ඔක්ටර් පෑඩ් කියන එක තියෙන්නේ ? ඒ සද්ද කි බෝර්ඩ් එකෙන් දෙන්න බැරිද ?
    3. කි බෝර්ඩ් එකෙන් ගොඩක් භාණ්ඩ වල සද්ද දෙන්න පුළුවන් කියන්නේ ඇත්තද ? එහෙනම් කීබෝර්ඩ් දෙක තුනක් ගෘප් එකට දාන්නේ නැත්තේ වියදම වැඩි නිසාද ?
    4 . එක්විලයිසර් එකෙන් මොකක්ද කරන්නේ ? ඇම්ප් එකෙන් නම් පුංචි හඩක්, වැඩි දියුණු කරන එක නේද කරන්නේ ?

    5. ගොඩක් ජනප්‍රිය ගෘප් වල ගනන් එහෙම දල වශයෙන් කොහොමද ? මධ්‍යම ප්‍රමාණයේ ජනප්‍රිය ඒවගේ ගණන් කොහොමද ?
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අර ගිටාර් ප්‍රශ්නේ පිළිතුර පොඩ්ඩක් පැහැදිලි මදි. ඔයාගේ පිළිතුරට යටින් පිළිතුරක් දාපු කෙනාගේ පිළිතුරේ අදහස ඊට වඩා වෙනස් එකක් නේ.
    1. ඔයා කියපු දෙයින් අදහස් වෙන්නේ එලෙක්ට්‍රික් ගිටාර් එක කරන්ට් එක නැතුවත් ප්ලේ කරන්න පුළුවන් වගේ අදහසක් නේද ?එහෙම පුලුවන්ද ?
    2. එලෙක්ට්‍රික් ඩ්‍රම් සෙට් එකෙන් ගන්න බැරි සවුන්ඩ් ගන්නද අර ඔක්ටර් පෑඩ් කියන එක තියෙන්නේ ? ඒ සද්ද කි බෝර්ඩ් එකෙන් දෙන්න බැරිද ?
    3. කි බෝර්ඩ් එකෙන් ගොඩක් භාණ්ඩ වල සද්ද දෙන්න පුළුවන් කියන්නේ ඇත්තද ? එහෙනම් කීබෝර්ඩ් දෙක තුනක් ගෘප් එකට දාන්නේ නැත්තේ වියදම වැඩි නිසාද ?
    4 . එක්විලයිසර් එකෙන් මොකක්ද කරන්නේ ? ඇම්ප් එකෙන් නම් පුංචි හඩක්, වැඩි දියුණු කරන එක නේද කරන්නේ ?

    ඔයා ඔය ප්‍රශ්නෙට එනකන් හිට්යේ එක තේරුම් කරල දෙන්ඩ.
    ගිටාර් වලට පවර් එකක් දෙන්ඩ ඕනේ.

    ඔය ගිටාර් දෙකටම වෝල්ට් 12 බැටරියක් දාල කරන්ට් එක ගන්නවා.
    acoustic-features-battery.gif

    පහල ගිටාර් එකේ ඔය මැද්දේ එක පේලියට තියන පොඩි තිත් තිත් වගේ එවලින් තමයි කම්පන අදුර ගන්නේ.
    squier-mini-strat-electric-guitar-800x280.jpg

    ඔක්ට පෑඩ් එකේ කොටු 8 තමන්ට කැමති ටෝන් සෙට් කරගන්ඩ පුළුවන්.
    ඩ්‍රම් සෙට් එකෙත් සමහර කෑලි වලට එකම කරන්ඩ පුළුවන්.
    ඔක්කොම වැඩ එක මිනිහෙකුට ඩ්‍රම් සෙට් එකෙන් කරන්ඩ බැරි හින්ද තමයි ඔක්ට පෑඩ් එක තියෙන්නේ.

    කීබෝඩ් එකෙන් ඕන සද්දයක් දෙන්ඩ පුළුවන්. හැබැයි තාත්වික සද්දයක් නෙමෙයි එන්නේ. එකේ වෙනස හොදට තේරෙනවා.
    ඔයා වන් මෑන් ෂෝ එකකයි ගෘප් ෂෝ එකකයි වෙනස ඇහුවොත් තේරෙයි හොදට.
    නැචුරල් ගතිය වැඩි ගෘප් ෂෝ එකක.

    Amp එකෙන් කරන්නේ සද්දේ වැඩි කරන එක.
    මේ තියෙන්නේ Equalizer එකක්. මේකට Mixer එක කියලත් කියනව.

    How-to-master-your-equalizer-for-the-perfect-sound.jpg

    මේකෙන් කරන්නේ ඉතින් ඔක්කොම ඉන්ස්ට්‍රුමන්ට් වල සද්දේ එක තැනකට ගන්න එක. අරගෙන හොදට මිනිස්සුන්ට ඇහෙන විදියට Adjust කරන්නේ මේකෙන් තමයි.

    අම්මෝ සිල්වයියට නැගල.... ශේප්.. ශේප්... ඒක නෙමෙයි සිල්වයියේ... ඔය යන යන තැනදී සවුන්ඩ් බැලන්ස් කරන්නේ මොකද? එක තැනකදී බැලන්ස්කරාම ඒ විදියටම ඉන්ස්ට්‍රුමන්ට් ටික ගෙනල්ල ප්ලේ කරන්න බැරිද ?

    :lol::rofl:
    බෑ නේ බන්
    එක එක තැන වෙනස්
    ඒ පාර බෆල් ගාන වෙනස්
    දාන Sound System එක වෙනස්
    අනික ඔය චැනල් ටික හරියටම එහෙම තියෙන්නෙත් නෑ නේ
    ඕව මාරු වෙනවා වයර් ගහනකොට
    ඊට පස්සේ Preset Save කරන්න පුලුවන් Mixer සමහර උන් ගාව නෑ
     
    Inki Pinki

    Member
    Mar 18, 2017
    29
    9
    0
    කට්ටියටම ගොඩක් ස්තුතියි. විශේෂයෙන් Dilzzzz ට. සින්දු ඇහුවට අද තමයි එකේ තාක්ෂණික පැත්ත ටිකක් දැනගත්තේ.