මගෙ මාමා මැරුණා මචන් හාර්ට් ඇටෑක් එකකින්. පොඩි උන් දෙන්නට වයස 10යි 04යි.
පී.ඒ.ඩී. ප්‍රභාත් කුමාර සංජීව
1792 - 2013
නිවන් සැප ලැබේවා!
සිගරට් නිසා තමා මාමව අපිට නැති උනෙ.
අපෙ මාමා අහිංසක මිනිහෙක්. ළමයි දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක් වෙලත් අඳුරු වෙලාවක එළියට බහින්න බයයි. සිගරට් නිසා හරිම අපරාධයක් උනේ. සිගරට් නැති කරල දාන්න ඕනෙ. වෙලාවට දෙන්නම කොල්ලො. තිස් ගාණක් නෝනටත් වයස. අපෙ සීයා නැති උනෙත් සිගරට් නිසා. තාත්තා මළා පණස්ගානෙන් පුතා මළා හතළිස්ගානෙන් කතා කරලා වැඩක් නැහැ. ඕවා විකුණලා ගන්න සතයක් සතයක් ගාණෙ කඩකාරයාගෙ ඉඳන් කම්පැණි කාරයට ඉඳං හෙන ගහනවා අහිංසකයො මරාගන්නවට
හැමෝම නෝලිමිට් එකට දෙස් දෙවොල් තියන්නෙ සිංහල දෙමළ මුස්ලිම් මොක උනත් අහිංසක තරුණ ජීවිත බිලිගන්න කුඩු ගෙන්වා බෙදාහරින්නෙ/හැරියෙ ඒ අය නිසා. එතනදි කවුරුත් කිව්වෙ නැහැ නෝලිමිට් එකේ වරදක් නැහැ. උන්ගෙ මොන වරදක්ද කරෙ ගෙන්වා බෙදාහැරීම පමණයි. බලෙන් පෙව්වෙ නැහැ. බොන අයගෙයි වරද කියලා. නැහැ එතනදි පතුරවපු උන්ට දෙස් තිබ්බා. ගෙන්වලා බෙදාහැරියෙ නැත්තං මේ අය පාවිච්චි කරන්නෙ නැහැ නේද ? අනික කොයි විදිහට සුරුට්ටුව සාධාරණීකරණය කරන්න හැදුවත් ඕක බුද්ධාගමේ තහනම් වෙලඳාම්වලට අයිතියි.
ඒක ඇබ්බැහි කාරක අඩංගු මත්ද්‍රව්‍යක්.
අනික් පැත්තෙන් ජීවියෙක්ගෙ දිවි තොරකරණ විශාල තාර සහ පිළිකාකාරක අඩංගු වස/විස විකිණීමක්.
බීමෙන් පුද්ගලයා මැරෙන බව දැන දැන සෘජුව මිනී මැරීමට අනුබල දීමක්.
හොඳට දැන්වීම් දාලා. මේ විසට මිනිස්සු ආකර්ෂණය කරගැනීම වරදක්. ඕකත් නතර කරේ මෑතක. බලෙන් නොදුන්නට පුද්ගලයාගේත් වරද 50% නම් විස ගෙන්වා බෙදාහැරීමට දායක උන අනික් අයට පිළිවෙලින් 50% පාපය බෙදිලා යනවා. ඒකයි ඇත්ත.