New Zealand ගිහින් Degree එකක් කරන්න අහන අයට පොදුවේ දෙන්න තියන අදහසක් තමයි. මුලින්ම ඔයාලගේ financial capacity එක උඩ තමයි ඒක රදා පවතින්නේ. මොකද සාමාන්‍ය 1 year Level 7 Diploma or Graduate Diploma එකක cost එක ලක්ෂ 15 - 18 අතර වෙද්දී Level 7 Bachelor Degree එකක අවුරුද්දක (annual) fee එක ලක්ෂ 19 - 25 ක් අතර වගේ වෙනවා. ඒ කියන්නේ සම්පුර්ණ අවුරුදු 3 ක වියදම ලක්ෂ 60 - 75 ක් වගේ. ඉතින් ඔයාලගේ දෙමව්පියන්ට මුදල් අතින් ලොකු ප්‍රශ්නයක් නැත්නම් විතරක් මේ මාර්ගය සුදුසුයි. මොකද කීයටවත්, ආයෙමත් කියනවා කීයටවත් NZ වල part time job කරලා නම් ඊලග අවුරුද්දට ඔය වගේ ලොකු මුදලක් ඉතුරු කරන්න බෑ. එව්වා සුරංගනා කතා.
මම දෙන උපදෙස නම් ඔයාලාගේ මූලික බලාපොරොත්තුව NZ PR එක නම් ඔය වගේ ලොකු බජට් එකක් තියන ඔප්ෂන් එකකට මුලින්ම යන්න එපා. ඔයාට මූලික සුදුසුකම තියනවා නම් Level 7 Diploma or Graduate Diploma එකක් හොදටම ඇති PR path එකට. ඊට පස්සේ Graduate Job search visa එක ගන්න. කොහොම හරි Full time job එකකට පැන ගන්න. ඊලගට employer කෙනෙක් shape කරගෙන skilled migration හරහා PR එක ගන්න. ඔන්න දැන් ඔයාලට බොහොම අඩුවට ඒ කියන්නේ Domestic student fee එකට Bachelor එකක් කරගන්න පුළුවන්.