Nokia FAKE බැටරි හදුනාගනිමු

movie_guy

Well-known member
  • Jun 2, 2011
    674
    480
    63
    Nokia FAKE බැටරි හදුනාගනිමු

    ඉතින් මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ එක සහෝදරයෙක් දාල තිබ්බ තම්බි_බැටරියේ_හෙළිදරව්ව කියල ත්‍රෙඩ් එකක්, ඉතින් තරුණ සිංහල බෞද්ද ව්‍යාපාරිකයෙක් සහ අවංක ව්‍යාපාරිකයෙක් විදියට මන ඔයාලට කියල දෙන්නම් Nokia බැටරි එකක් Genuine ද Fake ද කියල හොයාගන්න ආකාර කිහිපයක්,

    1. හොලොග්රම් ලේබලය උඩ සිට පහලට බලද්දී, Nokia Connecting People (අත් දෙක දිස්විය යුතුයි) ඒ වගේම Nokia Logo එකේ විශාල පිලිබිබුවක් දිස්විය යුතුයි)

    2. හොලොග්රම් ලේබලය සොලවද්දී Nokia Connecting People (අත් දෙක) එහා මෙහා ගමන් කරන්න ඕනේ, එහෙම සෙලවෙන්නේ නැත්තම් ඒක FAKE බැටරි එකක්.

    3. හොලොග්රම් ලේබලය වම් පසට/ දකුණු පසට/ උඩට සහ යටට කරද්දී, Nokia Logo එකේ විශාල පිලිබිබුවේ එක් එක් පසින් ඒක තිතක් ගානේ දිස්වේවි. එනම් උඩට කරද්දී පහලින් තිතක්ද, වමට කරද්දී දකුණතින් තිතක්ද යන අයුරින්, ඒක තිතට වඩා පෙනනවානම් ඒක FAKE බැටරි එකක්.

    4. හොලොග්රම් ලේබලය මත අංක 20කින් යුතු සීරියල් නම්බරය පැහැදිලිව දිස්වන්නේ නම් Genuine බටරියකි, එය කියවීමට හෝ එහි අංක එකක් හෝ අපැහැදිලිනම් FAKE බැටරි එකකි.

    5. Nokia Genuine බැටරියේ සියල්ලක්ම භාෂා දෙකකින් දර්ශනය කර තිබෙනවා.

    6. ඒ වගේම ඔයාලගේ බැටරි ඒක Replacement බැටරි එකක් ද කියල බලාගැනීම සදහා මේ ලින්කුව බාවිතා කරන්න, ඔයාලගේ බැටරියේ යට තියෙන අංක 26 සීරියල් නම්බරය ඇතුලත් කර සබ්මිට් කිරීමෙන් බලාගත හැකි.

    http://web.archive.org/web/20111104062042/http://batteryreplacement.nokia.com/batteryreplacement/en/

    ඉතින් යාලුවනේ The Heaven of Fake කියන්නේ චීනෙට නිකන් නෙමෙයිනේ, හැබැයි හොදට හෙව්වොත් චීනේ ඇමෙරිකාවට වඩා හොද ඒවා හොයාගන්න පුළුවන්, කුට ව්‍යාපාරිකයන්ගේ බඩ ගොස්තරය පිරවීමට ලංකාවට ජරාව ගේන ඒක වැඩිවීම නම් දුකට කරුණක්, මට රේප් අවශ්‍ය නැහැ, මේක අනිත් අයටත් බෙදාගන්න.

    දැන් ඉතින් මගෙන් අහන්න එපා හොද බැටරි ගෙන්නන්න පුලුවන්ද සහ ගන්න තියෙනවද කියල, මම ෆෝන් පාර්ට්ස් ගේන්නේ නැහැ.

    ඉදිරියේදී තවත් ව්‍යාජ දේවල් හොයාගන්න හැටි කියල දෙන්නම්, එහෙනම් බුදු සරණයි.
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    හොලොග්රම් ලේබලය kiyanne mokatada bola....??:growl::growl::growl:

    Ara dilisena sticker ekada....??:oo::oo::oo::oo:

    +++
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කතාව ඇත්ත, ඒත් ඔය හොලොග්‍රැම් එකත් හොරට ගහනවා. හොදමස් දේ එජන්ට්ල්ස්ස් හො නොකියා කෙයා ස්ටොර් එකකින් ගන්න.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    හොලොග්රම් ලේබලය kiyanne mokatada bola....??:growl::growl::growl:

    Ara dilisena sticker ekada....??:oo::oo::oo::oo:


    :yes:


    bl-4c.jpg


    128.jpg