Normal Adsense වලට එහා ගිය මාතෘකාවක් (for advanced publishers)

T A R O

Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    APK thread එකේ මුලදිම පොරොන්දුවක් වුනා normal adsense වලට වඩා එහා ගිය දෙයක් කියල දෙනව කියල. මේ normal adsense නම් නෙවෙයි. ඊට ගොඩාක් ඒහා ගිය දෙයක්. මේක ගැනත් එලියට දානව මේ ත්‍රෙඩ් එකේම.

    ads.jpg

    Video => https://streamable.com/qcxss8
    මේ ත්‍රෙඩ් එක continue කරනව APK site ගැන ත්‍රෙඩ් එක complete වෙනවත් එක්කම. මොකද මේ කියල දෙන weapon එක පාවිච්චි කරන එක හැමෝටම කරන්න අමාරු දෙයක්. හැබැයි කැපවීම 100% නම් අවුරුද්දක් එක හමාරක් ඇතුලත එකම විදියට මහන්සි වෙන්න පුලුවන් නම්, අන්න උන්ට මේක කරන්න පුලුවන්. ඇඩ්වාන්ස් publisher කෙනෙක්ට විතරක් කරන්න පුලුවන් දෙයක්. නමුත් ඒ advanced publisher කෙනෙකුත් කොහෙන් හෝ පටන් අරන් තියෙන අයනේ. අන්න ඒ නිසා ඒ ගැන අවශ්‍ය කරුණු ටික මේ ත්‍රෙඩ් එකේ කියල දෙනව. මම කිවුවනේ මේ අවුරුද්ද සෑහෙන හොද අවුරුද්දක් තමන් වෙනුවෙන් වැඩ කරන මිනිස්සුන්ට. මේ ත්‍රෙඩ් එක දාන්නෙත් මේකෙන් මම හොදට හම්බ කරා, තවමත් හම්බ කරනව. ඒ වගේම මම කැමතියි කෙනෙක් මේ දේට ආස වෙලා අවුරුද්දක් දෙකක් මේ වෙනුවෙන් කැප වෙලා වැඩ කරල ඉහලටම එනව දකින්න. මේවා මගේ income නෙවෙයි. උදාහරණයක් පෙන්නන්න ඕන නිසා අරගත්ත දෙයක්. මේ දේත් පල කරන්නේ එලකිරි එකේ, Facebook එකේ ලංකාවේ උපන්න නිසා නිකන්ම දවස ගෙවලා දාන කාලකන්නි මිනිසුන්ට නෙවෙයි. 9-5 වැඩ කරල දවසේ පල් හෑලි ටිකක් බලල දවස ගෙවල මාස ගනන් ගෙවල දාන මිනිසුන්ටත් නෙවෙයි. තමන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වෙනුවෙන් වෙනස් වෙන්න ඕන කියල හිතන්න පුලුවන් මිනිස්සුන්ට, කැපවෙලා වැඩ කරන්න පුලුවන් මිනිස්සු වෙනුවෙන් පල කරන දෙයක්. මේකට අදාල හැම දෙයක්ම මේ ත්‍රෙඩ් එකේ කියල දෙනව. sites ගැන, strategy ගැන ඒ හැමදේම.

    මේ ත්‍රෙඩ් එක ඔයාලා කරන්න ඕන දෙයක් දෙයක් තියෙනවා. අර ත්‍රෙඩ් එක ඉවර වෙලා මේකට එනකල් ඔයාල හොයන්න ඕන ලංකාවේ වගේම පිටරටත් millions වලින් මාසෙට traffic එන වෙබ්සයිට් ගැන. මොනවද ඒවාගේ monetization වලට run වෙන්නේ කියන දේත්. මේ කතා කරන්න යන්නේ premium adsense ගැන නෙවෙයි. ඊට වඩා සෑහෙන්න වෙනස් දෙයක්. පටලව ගන්න එපා ඒ නිසා. රැදිල ඉන්න.

    ජය වේවා!
     
    jay_ezine

    Junior member
  • Apr 18, 2011
    21
    57
    13
    මම සාමාන්‍යයෙන් ඕනම site එකකට ගිය ගමන්ම කරන දෙයක් තියනවා. ඒ තමා ads.txt එක check කරලා බලන එක. හේතු දෙකකට. එකක් තමා ඒ site එකට අදාළ adsense account එකේ අනිත් sites ටික බලාගන්න ඒකෙ pub id එක හොයාගන්න. එහෙම බලන්නෙත් ඒ sites වලට කෙලවන්න දෙයක් කරන්න බලාගෙන නෙමෙයි. මට මොනවද ඒ sites වලින් ඉගෙන ගන්න දෙයක් තියෙන්නේ කියල බලන්න.

    ads.txt ගිහින් check කරලා බලන අනිත් reason එක තමා ගොඩක් ලොකු traffic එන sites ads run කරන්න පාවිච්චි කරන්නේ Adsense විතරක්මද, නැතිනම් එයාල google Certified publisher partners ලට join වෙලාද බලන්න. එහෙමත් නැතිනම් වෙනත් Ad networks දාල තියනවද බලන්න.

    google Certified publisher partners කියල දෙයක් තියනවා කියල දැන ගත්තෙත් එහෙම check කරලම තමා. මගෙ එක site එකක් එහෙම එකකට දැම්මෙත් ඊට පස්සේ. ඒ වගේ දෙයක් කරන එකේ වටිනාකම දැනගත්තෙත් ඊට පස්සේ.
     
    gima23

    Active member
  • Aug 1, 2017
    230
    117
    43
    Where?

    kohomada mcn adtext check karanne?