Ohiya to Kalupahana via Devil's Staircase - ඔහිය සිට කළුපහනට යක්ෂයාගේ පඩිපෙළ &#347

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    Ohiya to Kalupahana via Devil's Staircase - ඔහිය සිට කළුපහනට යක්ෂයාගේ පඩිපෙළ &#347

    DSC_0743.JPG
    මධ්‍යම පළාතේ ඔහිය සිට සබරගමුව පළාතේ කළුපහන දක්වා වැටී ඇති දුෂ්කර මාර්ගය ලංකාවේ සුන්දරතම මාර්ගයන් අතරින් එකක්. එහි මුළු දුර ප්‍රමාණය ආසන්න වශයෙන් කිලෝමීටර විසිහතක්. මෙහි ඇති දුෂ්කරතාව නිසාම එය යක්ෂයාගේ පඩිපෙළ නමින්ද හැඳින්වෙනවා. මගේ බකට් ලිස්ට් එකේ උඩින්ම තිබුණු ගමනක් වූ මෙය පසුගිය අප්‍රේල් විසිවැනිදා සපුරා ගන්නට මට හැකි වුණා.
    සුපුරුදු ලෙස මෙදා ගමනටත් අපට පිහිටට ආවේ බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියම තමයි. සීතල පාන්දර ඔහිය දුම්රිය ස්ථානයෙන් බැසගත් අපි ලංකාවේ සුන්දරතම හා පිරිසිදුම දුම්රිය පොළක අසිරිය වින්දා...
    DSC_0665.JPG

    මේ මොන මල්වත්තද? අහා ඔහිය දුම්රිය පොළ...​
    යාන්තම් එළිය වැටී ගෙන එද්දී විවෘත වුණ පළමුවැනි කඩයෙන්ම පාතරාසය ගත් අපි අපේ දීර්ඝ පා ගමන ආරම්භ කළා... කිලෝමීටර කීපයක් හෝටන් තැන්න දෙසට ඇති මාර්ගයේ ගමන් කළ විට මාර්ගය දෙකට බෙදෙන ස්ථානයක් මුණ ගැහෙනවා. එතැනින් දකුණු පස මාර්ගය හෝටන් තැන්නටත් වම් පස මාර්ගය උඩවේරිය වත්ත හරහා කළුපහනටත් දිව යනවා. එයින් වම්පසට හැරුණු අපි අතිශය සුන්දර වටාපිටාවක මිහිර විඳිමින් ඉදිරියට ගියා.
    DSC_0742.JPG

    මීදුමින් වැසී කඳුයාය සලිත වී...​
    මඳ දුරක් ඉදිරියට යත්ම පහළ ඌව නිම්නයේ උඩවලව, සමනල ආදී ජලාශ සහිත සිහින නිම්නයක මිහිර විඳින්නට අපට හැකි වුණා.

    DSC_0751.JPG

    පහළ ඌව නිම්නයේ මිහිර...​
    පහත ඡායාරූපයේ දැක්වෙන්නේ මම අකමැතිම මල... හෝටන් තැන්න ආශ්‍රිත ගමන් සියල්ලකම වාගේ මා විසින් මේ විනාශකාරී ශාකය නිරීක්ෂණය කළා. ඉතා ඉක්මන් පැතිරීමක් පෙන්වන ආක්‍රමණශීලී ශාකයක් වන මෙය බ්ලූ ස්ටාර් (Aristea acklonii) නමින් හැඳින්වෙනවා. විසිතුරු ශාකයක් ලෙස මෙරටට ගෙන්වූ මෙය මේ වන විට සීමා මායිම් නොතකා සංවේදී පරිසර පද්ධති ආක්‍රමණය කරන බවක් පේනවා.
    DSC_0752.JPG

    බ්ලූ ස්ටාර්... ලස්සනයි නමුත් විනාශකාරීයි​
    මද දුරක් යනවිට මෙතෙක් තිබුණු තාරපාර කටුක රළු මාර්ගයක් බවට පත් වෙනවා. පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මාර්ගයේ බොහෝ තැන් නාය ගොස් තිබුණේ ගමනාගමනය මුළුමනින්ම අඩාල කරමිනුයි.
    DSC_0767.JPG

    නාය​
    ක්‍රමයෙන් අපි උඩවේරිය වතුයාය වෙත ළඟා වුණා...
    DSC_0759.JPG

    හෙල්මළු​
    මෙවන් චාරිකාවකදී සුන්දර ස්ථානයක් දුටුවිට එතැනට ළඟා වී පින්තූරයක් ගන්නට සිතීම ස්වභාවිකයි. මේ එසේ ගත් පින්තූරයක්
    DSC_0808.JPG

    ස්වර්ගයට මදක් ඉහළින්....​
    නමුත් ඔබ නොදන්නා මෙවන් ස්ථානවලට ළඟා වීමේදී ඔබගේ සුරක්ෂිතතාව ගැන සැලකිලිමත් වීම අතිශයින් වැදගත්. මන්ද යත් මිනිස් වාසයකින් බොහෝ දුරබැහැර හුදකලා ස්ථානයකදී සිදුවන සුළු අනතුරක් පවා මාරාන්තික විය හැකියි. ඔබ ප්‍රතිකාරයක් ලබා ගත හැකි ස්ථානයකට පැමිණෙන්නට බොහෝ දුරක් හා කාලයක් ගතවන නිසා යම් සුළු හෝ අනතුරක් ඇතැම් විට මරණයෙන් කෙළවර වන්නට බැරි නැහැ. එම නිසා අවදානම් ස්ථානවලට ළං වීම, ඒ තැන්වල සිට ඡායාරූප ගැනීම නොකළ යුතු කටයුත්තක්. අප විසින් ගත් මේ ඡායාරූපයත් බොහෝ සිතාමතා හා අපගේ ආරක්ෂාව පිළිබඳ ඉතා සැලකිල්ලෙන් ගන්නා ලද එකක්.
    මේ වර්ෂා සමය වීම නිසා මග දෙපස බොහෝ දිය ඇලි සක්‍රීය වී තිබෙනු දක්නට ලැබීම අපේ වාසනාවක්...
    DSC_0803.JPG

    සීසනල් ෆෝල්ස්...​
    වරින් වර මීදුමින් වැහෙමිනුත්, නැවත නිරාවරණය වෙමිනුත් සොබාදහම අපට ඇගේ සැබෑ සුන්දරත්වය නිර්ලෝභීව පෙන්වා සිටියා.
    ඇතැම් ස්ථානවල නාය යාම කොයිතරම් දරුණුද කිවහොත් පයින් යාමත් දුෂ්කර කටයුත්තක් වුණා.
    DSC_0838.JPG

    දුෂ්කරය කියා හැර යායුතු ද ජීවිතය...​
    ක්‍රමයෙන් අපි බටහිර හපුතලේ ලයිබන් වතුයාය වෙත පිවිසියා. මේ වතු ආශ්‍රිත වැසියන්ගේ ජීවිත ගැන පුදුමාකාර කණගාටුවක් ඇති කළ මොහොතක්... ඔවුන්ට මූලික අවශ්‍යතා පවා සපුරා ගැනීම අභියෝගයක්ව තිබුණු බවයි පෙනෙන්නේ...
    DSC_0908.JPG

    දරු පැටවු....​
    මේ දරුපැටවුන් ගේ අනාගතය කොයි වගේ වේවිද? ඔවුනුත් තමන්ගේ දෙමව්පියන් වගේම වතුයායක කම්කරුවන් වීමේ ඉරණමටම මුහුණ දේවිද? ඔවුන්ට ඉගෙනීමට තිබුණු එකම ඉස්කෝලෙත් දැන් හැටි බලන්න...
    DSC_0903.JPG

    ගරා වැටුණු අනාගතය...​
    ඔවුන්ට අකුරක් ඉගෙන ගන්නට ළඟපාත පාසලක් නෑ. බේතක් හේතක් ගන්නට වෛද්‍යවරයෙක් නෑ. ජීවිතය විඳින්නට කිසිම ආකාරයක වින්දනීය මාර්ගයක් නෑ... ඔවුන් දන්නා එකම වින්දනීය මග හවසට කටේ හලා ගන්නා අනවසර මත්වතුර පමණයි. එකට ඇහිරුණු ලයින් කාමර වල කිසිම පෞද්ගලිකත්වයක් නැති ඔවුන්ට ලිංගිකත්වය කියන්නෙත් ජීවිතයේ වින්දනීය අංශයක් නොවෙයි. අඩු අධ්‍යාපනය නිසාම එයින් සිද්ද වෙන්නෙත් ඔවුන්ටම බරක් වුණු පඩිපෙළක් බඳු දරු පරපුරක් බිහි වීම පමණයි...
    මේ ජීවිතවල ඛේදනීයත්වය ගැන සිතමින් ගමන් කළ අපට දරුවන්ට දෙන්නටවත් කිසිදෙයක් අතේ නොතිබීම ගැන ඉතා කණගාටුවක් ඇති වුණා. අපි ළඟ තිබුණු බිස්කට්, චොකලට් සහ රටඉඳි ස්වල්පය ඔවුන්ට දී අපි බරවුණු හදවත් වලින් ගමන් ඇරඹුවා.
    DSC_0954.JPG

    දිවා කිස​
    අතරමගක නැවතී සරල දිවා ආහාරයක් පිළියෙළ කර ගත් අපි නැවත හෙමින් ගමන් ආරම්භ කළා. මේ වන විට අපි මධ්‍යම පළාත් මායිම පසුකර සබරගමුව වෙත පිවිසී තිබුණා.
    DSC_0968.JPG

    වර්ණ...​
    අපේ අරමුණ වුණේ ලංකා ඇල්ල නැරඹීමයි... බේස් පූල් එකේ හැඩය ලංකා සිතියමට සමාන නිසා එම ඇල්ල ලංකා ඇල්ල නමින් හැඳින්වෙනවා. අතරමගින් පාරෙන් වෙන් වුණු අපි මානා ගාලක් ඔස්සේ දියඇල්ල සොයා ගමන් ඇරඹුවා.
    DSC_0970.JPG

    ඒදණ්ඩක් සකස් කරන ගැමියන්...​
    බොහෝ කලකින් දියඇල්ලට කිසිවෙක් නොපැමිණි බවක් තමයි පෙනෙන්නට තිබුණේ... යාන්තම් මතුවුණු අඩිපාර මානා වලින් වැසී ගොස් තිබුණා...
    DSC_0992.JPG

    ලංකා ඇල්ල ඈතින්...​
    දිය ඇල්ල ඈතින් දකින විටම එහි සුන්දරත්වයෙන් වශීවුණු අපි එහි පාමුලට යන්නට කඩිනම් වුණා... මේ යන අතරමග ලංකා ඇල්ලට පහළින් දුටු නමක් නැති සුන්දර ඇලි පැංචියෙක්...
    DSC_0988.JPG

    ඇලි පැංචී...​
    ලංකා ඇල්ල පාමුලට පැමිණි අපි එයින් විහිදුණු පිණි වාෂ්පයෙන් නැහැවී ගියා. එය පාමුල සිට මුළු ඇල්ලම එක් රූප රාමුවකට ගොනු කර ගැනීම කළ නොහැකි වැඩක්. වයිඩ් ඈන්ගල් ලෙන්ස් එකක් තිබුණා නම් කෙතරම් අගේදැයි හූල්ලමින් යාන්තම් පින්තූරයක් ගන්නට මට හැකි වුණා.
    DSC_0994.JPG

    ලංකා ඇල්ල​
    ජීවිතේට ආදරයක් ඇත්නම් මෙහි දිය නෑමට නොසිතිය යුතුයි. මෙහි පාමුල තටාකය ඉතා ගැඹුරු බව එහි කළු පැහැයෙන්ම සිතා ගත හැකියි. මද වෙලාවකින් ඇද හැළුණු වර්ෂාව නිසා අපට ඉක්මණින් ලංකා ඇල්ලෙන් සමු ගන්නට සිදුවුණා. මම ඔබට ඉහතින් මා අකමැතිම මලේ පින්තූරයක් පෙන්වූවා මතක ඇති. මෙන්න මං කැමතිම මලේ පින්තූරයක් දැන්. මේ අපට ආවේණික අතිශය සුන්දර වනමලක් වන බිනර...
    DSC_1021.JPG

    බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද...​
    ඉන්පසු අපි ෆයිනස් කැලෑව හරහා බඹරකන්ද ඇල්ල වෙත යන්නට පිටත් වුණා.
    DSC_1026.JPG

    පයිනස් කැලෑව මැදින්...​
    පයිනස් කැලෑවක් හරහා වැසි සමයක යද්දී පරිස්සම් විය යුතුයි. මොකද මේ නොදිරන පයිනස් කොළ අතිශයින් ලිස්සන සුළුයි. මෙතැනින් බඹරකන්ද ඇල්ල මුදුනට යන්නට පුළුවන් වුණත් පසුගිය දිනක එහි ගිය සංචාරකයෙක් ඇල්ල මුදුනින් ඇදවැටී මරණයට පත්ව තිබුණු නිසා එහි නොයන ලෙස පුවරු සවි කර තිබුණා. (අපි ගිහින් ආවාට පසුවත් මේ අවවාද නොතකා ගිය අයෙක් ඉහළින් ඇදවැටී මියගොස් තිබුණා)
    DSC_1028.JPG

    තහනම්...​
    අප කණ්ඩායමේ වනජීවී නිලධාරියෙක් සිටියත් මේ තහනම ඉක්මවා ඇල්ල මුදුනට යාමට අප උත්සාහ කළේ නෑ... මෙවන් තහනම් නියෝග පනවන්නේ එක්කෝ ඔබේ එසේත් නැත්නම් පරිසරයේ සුරක්ෂිතතාව උදෙසාමයි. එබැවින් ඔබ සතු යම් සිවිල් හෝ වෙනත් අධිකාරී බලයක් යොදවා ඒවා ඉක්මවා යාම අනුවණ කමක්.
    අතිශය වෙහෙසට පත්ව දහදිය පෙරාගෙන සිටි අප බලාපොරොත්තු වුණේ බඹරකන්ද ඇල්ලෙන් නාගෙන ගමන අවසන් කරන්නටයි. නමුත් අධික වර්ෂාව හේතුවෙන් බඹරකන්ද ඇල්ල ප්‍රචණ්ඩ වී තිබුණේ ඒ අදහස ලත් තැනම ලොප් කරමින්.
    DSC_1035.JPG

    බඹරකන්ද දිය ඇල්ල​
    කෙසේ නමුත් නාන ඇඳුමින් සැරසී දිය ඇල්ල ආසන්නයට වී සිටීමෙන් අපට හොඳට නාගන්නට පුළුවන් වුණා. දිය ඇල්ලෙන් විසිරෙන පින්න ඒ තරම් ප්‍රබලයි. ඉතා සුන්දර මතක ගොන්නක් සමග කළුපහන හන්දියෙන් පාගමන නිමා කළ අපි බස් රථයේ නැගී නිවෙස් බලා පැමිණියා.
    පුරුදු පරිදි මේ සියලු තොරතුරු හා ඡායාරූප මගේ https://sobaroo.blogspot.com බ්ලොග් අඩවියෙන්. උපුටා ගන්නට පූර්ව අවසර අවශ්‍ය නැත. :yes:
     
    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ඕහිය මධ්‍යම පළාතට අයත් හරියටම නොදන්නා නමුත්... අදාළ මාර්ගයේ කොටසක් හෝ මධ්‍යම පළාතට අයත් බව සිතමි. නමුත් මෙම අදාළ කොටස්වලින් බහුතරයක් අයිතිවන්නේ බටහිර හපුතලේ ප්‍රදේශයටයි. එනම් ඌව පළාතටයි. සබරගමු පළාත මායිම් වන්නේ කලුපහනින් පාළමෙන් පහල මාර්ගයේ පිහිටා ඇති පළාත් මායිම් රේඛාවෙන් කොළඹ දෙසටයි.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචන් ඔහියෙන් බැහැල කලු පහනට (බලන්ගොඩ සීමාවට) එන්න කොච්චර කාලයක් ගියාද මචන්..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බිනර මල පෙන්නුවට බොහොම ඉස්තුතියි.. අදයි දැක්කෙ ඒක..
    ලස්සනට ලියල තියනවා...
    රෙප්+++