ignore කියන වචනෙයි ignorance කියන වචනෙයි තියෙන්නේ තේරුම් දෙකක්. ignore කියන්නේ නොසලකා හරිනවට. ඒත් ignoranceකියන්නේ මෝඩකම. හරියට අධ්‍යාපනයක් නැති නිසා ආපු මෝඩකම වගේ එකක්. තව නොදැනුවත් කමටත් ignorance කියනවා. ගොඩක් අය හිතනවා ignore කියන එකේ noun එක තමයි ignorance කියල. ඒක වැරදියි.
අපි කතා කරද්දී උපහාසයට ත් මේක භාවිතා කරනවා.
උදාහරණයක්: තරහ වෙන්න එපා මම දන්නේ නැති හින්ද අහන්නේ. එතකොට ඔයගොල්ලන්ගේ තාත්ත ඒක කරනකොට වැරදි නැද්ද?
මෙතන තරහ වෙන්න එපා මම දන්නේ නැති හින්ද අහන්නේ කියන එක අපිට කියන්න පුළුවන් මෙහෙම:
Pardon my ignorance, but is it not wrong when your father does it?