ඔවු. අනිවාර්යයෙන් MTA 6 එකක් සම්පූර්ණයෙන්ම පුරවගෙන දින දාගෙන අත්සන් දාගෙන තමන් ලග තියා ගන්න ඕනේ. මාසයක් තමා උපරිම කල් දෙන්න ඕනේ මේ තියෙන කොවිඩ් ප්‍රශ්නත් එක්ක. ඊලගට ආර් එම් වී යවන්න වෙනවා.
අපේ කේස් එකේදී වාහනේ විකුණලා සෑහෙන්න කාලෙකට පස්සේ, තවත් කිහිප දෙනෙකුට විකුණලා අන්තිමට අපේ පෑත්තෙම එකෙක් වාහනේ අරන් තිබ්බා. බෙන්ස් එකක්. ඌ තමා මනුස්සයෙක් හප්පලා පෑනලා ගිහින් තිබ්බේ. පොලිසියෙන් මගේ යාලුවාව ගෙනියන්න ආවේ. හොද වෙලාවට වාහනේ තියෙන තෑන දන්න හින්දා පොලිසියෙන් ඒකව ගන්න ගියා. පස්සේ අපිත් පොලිසියට ගියා. අරුව ගෙනල්ලා තිබ්බා.. එදා අපි වාහනේ තියෙන තෑන නොදෑන් හිටියා නම් අපේ එකා රිමාන්ඩ්. මාසයකට වඩා කල් දෙන්න එපා. අර් එම් වී ගිහින් කොල බාර දෙනවා කිව්වම ට්‍රාන්ස්ෆර් කර ගන්නවා. මොකද ඈත්තටම කෙනෙක් ආර් එම් වී එකට කොල බාර දුන්නොත් ගත්ත එකාට හරි දිනේට දඩ වදිනවා.ඒ විතරක් නෙමේ ඊලග පාර ට්‍රන්ස්ෆර් කරන්න ආවොත් වෙන කෙනෙක්, අරූට දීපු ට්‍රාන්ස්ෆර් කොල ටිකත් ඕනේ වෙනවා. ඌට ට්‍රන්ස්ෆර් වෙලා තමා අලුත් එකාට හෑරෙන්නේ.