මචන් රෙග් වෙයන් උබේ upwork Username එකෙන්ම..එක ප්‍රසිද්ද ඇතිනේ...
ඔව් දැනට තියෙන කාර්ඩ් එකම use කරන්න පුළුවන්..ඕක Upwork එකෙන් ගෙනාපු කාර්ඩ් එකක් උනත් අත්ට්මටම ඕක payoneerලගේ එකක්නේ.. එනිසා payoneer සපෝර්ට් කරන ඕන සයිට් එකකට ලින්ක් කරන්න පුළුවන්..Fivver උනත් පුළුවන්...
Freelancer එකෙත් තියෙනවා ඒ අයගෙන් request කලාම ඔය upwork වගේම කාර්ඩ් එක එවනවා..
මන් ලින්ක් කරෙත් direct payoneer එක හරහා ගත්ත එකක්..එකේ තැනක් තියෙනවා ලින්ක් කරන්න... Do u have existing card කියලා...එතන අහන විස්තර දුන්නම කාර්ඩ් එක ලින්ක් කරනවා
අනික Freelancer support එක දැන් හොදයි..උබට උදව්වක් ඕන උනොත් උන් කියනවා කරන දේ..
මන් හිතන්නේ Bidding නම් upwork වගේම තමයි මචන්...මන් Upwork දන්නේ නැති හරියටම කියන්න අමාරුයි..Upwork තියෙන interview විදිය නම් නැහැ...
Client project එක දැම්මා අවශ්‍ය skill එක්ක..
අපි BID කරලා පොඩි proposal එකක් අවා..
Client හොද නම් award කරා..
තව විස්තර දෙන්න ඕන නම්,අපිට අහ ගන්න ඕන නම් Freelancer චැට් එකෙන් කතා කරන්න පුළුවන්..(chat enabled වෙන්නේ client Hi ගෑවොත් විතරයි,...නැත්නම් පරණ client කෙනෙක් වෙන්න ඕන..ඒ අයගේ ලිස්ට් එක FB වගේ පෙන්නවා

)
hourly jobs තියෙනවා..hourly job කරනවා නම් අනිවාර්යෙන්ම Freelancer desktop app එක Install කර ගන්න ඕන..පස්සේ එකෙනුත් ලොග් උනාම project එක තෝරලා start කරාම වෙලාව track වෙනවා...විනාඩි 05න් 05ත screenshot එකක් Upload වෙනවා...(අපිට බලලා අයින් කරන්න පුළුවන්..එත් ඒ කාල සිමාවේ විනාඩි 05ථ් නැති වෙනවා

)
hourly job වල client payment verified නම් දවස් 07කත පස්සේ auto verified කල payment එකෙන් සල්ලි කපලා අපිට දෙනවා..ඒක clear වෙන්න දවස් 03ක් යනවා
minimum withdrawal =>30$ මචන්..
පලවෙනි පාර withdrawal කරන්න දවස් 15ක් ඉන්න වෙනවා
ඊට පස්සේ සතියකට දෙවරක් පුළුවන්..
ඉරිදට රැ 11ත කලින් දැම්මොත් අගහරුවදා උදේ 05.30 ත සල්ලි එනවා payoonner එකට..payooner එකෙන් email එකක් එනවා අපිට..එකේ select කරන්න ඕන ලෝඩ් type (Normal->2$, 5$ method ->5$ method forever select කරොත් නම් email ලින්ක් එක ක්ලික් කරලා select කරන්න ඕනත් නැහැ..එත් බන් අපරාදෙනේ 3$ ) Normal දැම්මොත් දවස් දෙකෙන් එනවා..දවස් දෙකකට පස්සේ උදේ 9.30 වගේ ලෝඩ් වෙන්නේ

(EST Time New York =>12.00 AM)
මුලින් profile එක හදලා..phone number verify කර ගනින්කෝ..පස්සේ Profile එකේ විස්තර පුරවලා හොදට හදා ගනින්..පුළුවන් නම් payment method verify කරපන්..මෙහෙම වෙරිෆ්යි කරන අයට මාසෙකට free membership දෙන ලින්ක් එකක් එනවා සමහර විට..
Normal membership අයට =>BID 10 මාසෙකට
Into Membership 0.99$ => BID 15 මාසෙකට (මන් දැන් ඉන්නේ මේකේ..මගේ level වැඩි නිසා BID 52 පුළුවන්

)
(මන් අවුරුද්දටම ගත්තා 12$ දීලා..මේ ලගදි..එකේ පාඩුවක් නැහැ වගේ)
එත් මුලින් පටන් ගන්න කෙනෙක්ට නම් සල්ලි දීලා membership ගැනීම අනුමත නොකරමි...
මේකේ මචන් level කියලා එකක් තියෙනවා..level 20k තියෙනවා...XP Point එකක් කියලා තියෙනවා..project bid කරාම XP point =>1 , Project award කරාම XP 50,Project Accept => 25XP, අපිට review එකක් ලැබුනම 30 XP. අපි දැම්මම client 25 XP
Level 20 ට යන්න නම් XP point 18500k ඕන
තව මේකේ දෙයක් තියෙනවා මචන්..
අපේ දැනට earn කරලා තියෙන මුදල අනුව Total earning rate කියලා එකක් profile එකේ පෙන්නවා..මේක ගොඩක්ම වැදගත්.. Total earning BID කරන skill අනුවත් පෙන්නවා.. මේක වැඩි නම් ඒ අයගේ BID rank වෙන්නේ උඩින්..මේ විදියට තමා රෑන්ක් පිළිවෙල හැදෙන්නේ...
Total earning => 9500$ නම් => 6.0
Total earning => 25000$ නම් =>7.0
Total earning => 85000$ නම් => 8.0 වගේ
Total earning => 165000$ නම් => 8.8 වගේ එන්නේ
(මේක මන් ගනයය කරපු දෙයක්..සයිට් එකේ නැහැ..එත් ඔය වගේ එන්නේ)
මේක Total earning 10.00 උන India Company ඉන්නවා..මුන්ගේ BID top එන්නේ (එත් උන් ගොඩක් වෙලාවට ලොකු ගාන දාන නිසා අනින් අයටත් chance ලැබෙනවා
ලොකුම දේ BID කරද්දී තියෙනවා BID highlight කියලා check box එකක් එක්ක,යන ගාන එකට..මලාට මේක නම් ටික්කරන්න එපා..
තව එකක් වෙනවා proposal එක submit කරාට පස්සේ Pop එකක් Sponsored..මේකෙත් ගාන එක්ක එන්නේ..එකත් click කරන්න එපා,,
මේ දෙකින් එකක් හරි කලොත් මුන් අපේ එකවුන්ට් balance එකෙන් කපනවා..Payment verified නම් එකෙන් කපනවා..(මේ හේතුව නිසා සමහර අය ලොස්ට් වෙනවා Freelancer කරන්න ගිහින්,දන්නේ නැති අනන් මනං ක්ලික් කරන්න හොද නැහැ ගාන කපනවා )
අනිත් ලොකුම දේ project එකක් අපිට award කල සැනින් මුන් උන්ගේ 10% Fee එක ගන්නවා...මේ නිසා Payment verified නැත්නම් project එක accept කරන්න එපා..නැතනම් - balance එවි..මෙහෙම - balance ආවම එපා වෙනවනේ...
අනිත් දේවල් නම් හැම සයිට් එකටම සමනය දේවල්...
5 star On Time,On Budget Review =>GOD
තව කියන්න එක දෙයක් අමතක උනා Jobs Completed රේට් එක හරිම වැදගත්..ඒ කියන්නේ Project එකක් accept කරොත් අනිවාර්යෙන්ම ඉවර කරන්නම වෙනවා..නැත්නම් Jobs Completed rate අඩු වෙනවා..
දැන් ඇති වගේ..අත රිදෙනවා type කරලා