PC එකේ ෆිල්ම් එකක් බල බල ඉන්නකොට එක පාරට ඕෆ් වුණා. දැන් ඔන් වෙන්නේ නෑ. ප්ලග් කරහම keyboard, mouse light වැඩ කරනවා හැබැයි ඔන් කරනකොට පවර් button එකේ ලයිට් එක ඇවිත් තප්පරෙන් ඕෆ් වෙනවා. මොකේද අවුල තියෙන්නේ?
කම්පියුටර් පොතේ පරනම ගොඩ වෙදකම් / කෙම් ටිකෙන් පටන් අරන් කරන්නම දෙයක් නැත්නම් උස්සන් ශොප් එක්කට ගිහින් දෙන්න තමා තියෙන්නෙ
1. හිත හැදෙනකන් on off කර කර බලන්න්නෝන. අනේ ඊලග පාර ඔන් වෙයිනෙ කිය කිය බල බල පැය ගානක් හරි

2. power cable එක ගලවල ගහල, මාරු කරලා බලන්න. බොහෝ විට රයිස් කුකර් වල එන්නෙත් ඔය කේබල් එකනෙ සේප් එකේ කුස්සියෙන් උස්සලා ගහලා බලන්ඩ.
3. ඒත් හරියන්නෙ නැතනම් VGA card එකක් වෙනම ගහලා තියෙනවා නන් ඒක ගලවලා on board VGA port එකට ගහලා බලන්න. or HDMI නන් ඒකට.
4. PC එක power එකෙන් ගලවලා අරන්. ගලවන්න කලින් බිල්ලක් එහෙම දීලා.. side පැනල් open කරලා ගන්ඩ. අරන් ගලවන්න පුලුවන් කියලා හිතෙන ඔක්කොම cable, sata cable, RAM අරව මේවා ගලවන්ඩ. ගලවලා සුද්ද කරලා ආයෙ දාලා බලන්ඩ. RAM දෙකක් තියෙනවා නන් එකක් විතරක් ගහලා බලන්ඩ දෙකම. නැත්නම් ගහලා තියෙනා port එහෙම මාරු කරලා එහෙ මෙහෙ කරලා බලන්ඩ
5. රැම් එක ගහන්න කලින් ඒකෙ පෝර්ට් එක පොඩ්ඩක් සුද්ද කරලා මකනෙකින් මකලා එහෙම ගහලා බලන්ඩ. තඹ කෝට් එක ඔක්සයිඩ් බැදිලා වෙන්ඩ පුලුවන්.
6. එහෙමත් කරලා හරියන්නෙ නැත්නම්. ගෙදර අමතර power supply, RAM, HDD එහෙම තියෙනවා නන් තියෙන ඒව ගලවලා ඒව ගහල බලන්ඩ. සමහර විට අවුල තියෙන කෑල්ල හොයාගන්න පුලුවන්.
7. වෙන PC එකක් තියෙනවා නන් ඒකට ඕකෙ කෑලි ගහලා බලන්ඩ. compatible ඒවා ආ... boot drive එක, එකම DDR එකේ රැම් එහෙම තියනවා නන් ඒවා එහෙම.
8. ඒත් කරලා හරියන්නෙ නැත්නම් moniter එකත් මාරු කරලා බලන්ඩ, TV එකට වගේ ගහලා. කෝකටත්.. හෙහ්
9. ඒත් හරියන්නෙ නැත්නම් 1 ස්ටෙප් එක ආයෙ ආයෙ 10 වතාවක් විතර කරලා හිත හදාගෙන නිදාගන්ඩ. උදේම නැගිටලා තව 5 පාරක් විතර කරලා ඒකම.... ඕක උස්සන් යන්ඩ අදුරනම ශොප් එක්කට. මට පේන්ඩම බැරි බේසිකයො තමා කම්පියුටර් කඩවල පප්පලා. ඔකවන්න හිතෙනවා. ඒ හින්දා අදුරනම එකෙක්ට දෙන්ඩ