PC එක Upgrade කරා සින්හලු :-)

amila256

Well-known member
  • Aug 9, 2010
    7,278
    1,268
    113
    හීන ලෝකෙක
    ටික කාලෙක ඉඳන් අවශ්‍ය වෙලා තිබුන දෙයක් ඔන්න කරගත්තා මචන්ලා. මම පාවිච්චි කරේ 2012 දි මම ම assemble කරපු i3 2100 (2nd Gen) system එකක්. මීට අවුරුදු දෙකකට කලින් SSD, Ram එහෙම අලුතෙන් දාලා මේ වෙනකන් ඇදගත්තා. ඒත් දැන් නම් මේ system එක මදි මචන්ලා, ඒ නිසා අලුතෙන් PC එකක් assemble කරා. ඒත් මම අලුත් system එකට අලුතෙන් කියලා ගත්තෙ, Processor, Motherboard, Ram විතරයි. ඉතුරුවා ඔක්කොම පරණ ඒවම තමයි. අහ් තව SATA 480GB SSD එකක් ගත්තා Games, Software ටික දාගන්න. මහ ලොකුවට වියදම් කරන්න සල්ලි තිබ්බෙ නෑ, අතේ තියෙන ගානට හොදම එක ගන්න තමයි බැලුවේ.😐


    IMG_20201011_213203.jpg


    • Processor - Intel i5 10400F
    මට Ryzen 5 3600 system එකක් assemble කරන්න තමයි මුලින් ආසාව තිබ්බේ. ඒ අස්සෙ Intel 10th Gen ආවනේ. Ryzen 3600 vs i5 10400F අතරින් මොකක් ගන්නවද කියලා තමයි බැලුවේ. වැඩේ කියන්නේ මේ දෙකෙන් Intel එක 9000ක් විතර අඩුයි. දෙකේම Gaming Performance එකම වගේ(Intel එකේ පොඩ්ඩක් වැඩී). හැබැයි Ryzen 3600, i5 10400f වඩා powerful processor එකක්. ඒත් 9000 ගැප් එකයි, මම video editing, rendering වගේ දේවල් කරන්නෙ නැති නිසාත්, ආයෙ සෑහෙන කාලෙකට PC එක upgrade කරන්නෙත් නැති නිසාත් i5 10400F ගත්තා.


    • Motherboard - MSI B460m Bazooka
    Motherboard එක නම් මීට වඩා ටිකක් ගනන් අඩු එකක් ගන්න තිබුනා. ඒත් ඒවගෙ VRM වලට M.2 SSD වලට හීට් සින්ක් එකක් වත් එන්නේ නෑ. අනික Ram slot එන්නෙත් දෙකයි. පස්සෙ කාලෙක Ram එක වැඩි කරගන්න ඕනේ උනොත් කලින් ගත්ත Ram දෙක අපරාදෙ වෙනවා. මේ MSI බෝඩ් ඒ අතින් හොදයි. ගානත් ශේප්. මේකෙ M.2 slot දෙකක් තියෙනවා, VRM වලට ටිකක් ලොකු හීට් සින්ක් එනවා, එක M.2 ස්ලොට් එකකට හීට් සින්ක් එකක attach කරලත් තියෙනවා, back panel එකේ USB port 6ක් එනවා. ඒ වගේ options එක්ක අඩුවට ම එන බෝඩ් එක මන් දන්න තරමින් මේක.


    • Ram - Team Elite DDR4 8GB 2666 MHz x 2
    මේක ගැන නම් වැඩිය කල්පනා කරන්න දෙයක් තිබුනෙ නෑ. Processor එකයි Motherboard එකයි උපරිම support කරන්නේ 2666 MHz. ඒ නිසා ටිකක් අඩුවට තියෙන 8GB 2666 Mhz Ram දෙකක් ගත්තා.



    Hikvision SSD එකක් ගත්තෙ නම් ගනන් අඩු නිසාමයි.:rofl: අවුරුදු 3 ක warranty එකකුත් දෙනවා, advertise කරලා තියෙන විදිහට 500 MBps read and write speed එකකුත් තියෙනවා.:yes:


    මේවගෙ ගනන් ටික,

    • Intel i5 10400F - 32000 (3 Years warranty)
    • MSI B460m Bazooka - 23000 (3 Years warranty)
    • Team Elite DDR4 8GB 2666 MHz x 2 - 12000 (3 Years warranty)
    • Hikvision C100 480GB SATA SSD- 10000 (3 Years warranty)

    ඒ කියන්නේ, ඔක්කොම 77ක් වගේ ගියා. මේ system එකට M.2 NVMe SSD එකක් නැති එක ලොකු අඩුවක්, ඒක ගන්න සල්ලි මදි, පස්සෙ ගන්නවා.😁 මන් ලඟ තියෙන්නෙ පරණ GTX 760 කට්ටක්. මේක ගොඩක් පරණ GPU එකක් උනාට, මේකත් එක්ක i3 2100 processor එක bottleneck වෙනවා. දැන් නම් GTX 760 graphic card එකේ හැටියට games හොඳට වැඩ. GTA V 1080p high settings එක්ක 45-55 වගේ frame rate එකක් ගන්න පුළුවන්. VGA එකකුත් ගන්න ඕනේ තව ටික කාලෙකින්.

    මේ තියෙන්නෙ දැන් complete system එක:cool:

    • Intel i5 10400F
    • MSI B460m Bazooka Motherboard
    • Team DDR4 16GB 2666 MHz Ram
    • Transcend 120GB SATA SSD (Boot Drive)
    • Hikvision C100 480GB SATA SSD
    • Toshiba 1 TB SATA HDD
    • Gigabyte GTX 760 Windforce OC
    • LG DVD RW drive
    • 600W FSP Power Supply
    • Asus vz249h 24 inch IPS LED Monitor

    මේ දවස් වල PC එකක් assemble කරන්න බලන් ඉන්න කෙනක්ට වැදගත් වෙයි කියලා දැම්මේ.:)


     

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Machan mage budget eka 1,20 k withr uparima 1.50 kt kittuwenna yann puluwn.. Full build ekak oona monitor ekath ekka.. Gann hoda specs monwda kiyapan ko.. Gaming walt thamai ganne... Wena loko loku seen na,
     
    • Like
    Reactions: amila256

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,278
    1,268
    113
    හීන ලෝකෙක
    Machan mage budget eka 1,20 k withr uparima 1.50 kt kittuwenna yann puluwn.. Full build ekak oona monitor ekath ekka.. Gann hoda specs monwda kiyapan ko.. Gaming walt thamai ganne... Wena loko loku seen na,
    Intel i5 10400F - 32000
    Gigabyte H410M H Motherboard - 15500
    Team Elite DDR4 8GB 2666 MHz x 2 - 12000
    Hikvision C100 480GB SATA SSD- 10000 (Should be used as both boot drive and application installation drive)
    Gigabyte GTX 1660 Super OC 6GB Graphic Card - 55000
    Silverstone ST50F-ES230 80+ 500W Power Supply - 9500
    Armaggeddon Nimitz N5 Casing - 5000
    Samsung 22" IPS FRAMELESS 75Hz AMD FreeSync 1080P - 21500

    Total - 160500

    මේක තමයි ඔය ගානට ගන්න කරන්න පුළුවන් හොඳම build එක. මේකෙ Motherboard eka B460 එකක් දාන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඒකට තව 7ක් විතර වැඩි වෙනවා.

    මේ ගාන වැඩී නම් Processor එක i3 10100 දාලා ගාන අඩු කරගන්න පුළුවන්. එතකොට මුලු ගාන 151,000 ක් වගේ වේවි. ඒත් i5 ම ගන්න පුලුවන් නම් වටිනවා. ලක්ෂ 1.5 ක් වියදම් කරලා ගන්න PC එක i3 උනාම ටිකක් අවුල් වගේනේ.:dull:
     
    Last edited:

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Intel i5 10400F - 32000
    Gigabyte H410M H Motherboard - 15500
    Team Elite DDR4 8GB 2666 MHz x 2 - 12000
    Hikvision C100 480GB SATA SSD- 10000 (Should be used as both boot drive and application installation drive)
    Gigabyte GTX 1660 Super OC 6GB Graphic Card - 55000
    Silverstone ST50F-ES230 80+ 500W Power Supply - 9500
    Armaggeddon Nimitz N5 Casing - 5000
    Samsung 22" IPS FRAMELESS 75Hz AMD FreeSync 1080P - 21500

    Total - 160500

    මේක තමයි ඔය ගානට ගන්න කරන්න පුළුවන් හොඳම build එක. මේකෙ Motherboard eka B460 එකක් දාන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඒකට තව 7ක් විතර වැඩි වෙනවා.

    මේ ගාන වැඩී නම් Processor එක i3 10100 දාලා ගාන අඩු කරගන්න පුළුවන්. එතකොට මුලු ගාන 151,000 ක් වගේ වේවි. ඒත් i5 ම ගන්න පුලුවන් නම් වටිනවා. ලක්ෂ 1.5 ක් වියදම් කරලා ගන්න PC එක i3 උනාම ටිකක් අවුල් වගේනේ.:dull:

    Intel dala wedak na.. AMD 3rd gen me lagadi awa eka danna
     
    • Like
    Reactions: gnilukshi

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,053
    14,628
    113
    ado mamath iye assemble kara.
    i5 10400 (non F)
    Gigabyte b460
    Corsair 8 GB x 2 3000. 2666 Ram thibbe na. Nanotek eken 3000 RAM eka 2666 eke gaanata dunna.
    Raidmax F01 Casing
    Cosair CV 650W power supply.
    1TB HDD
    Fantec k613L keyboard
    Logitec F310 Contoller
    Prolink UPS

    115 000k wage giye. Graphic card eka order karala thiyenne.

    mage laga 240 SSD ekak thibba.