මම අද අලුතෙන් desktop එකක් assemble කළා ලැප් එකේ බෝඩ් එක හෙනයක් ගහල පිච්චුන නිසා අඩු ගානට ලෝ පර්ෆෝමන්ස් තියෙන එකක්. i5 onboard intel graphics තියෙන්නේ. මේකේ බ්‍රව්සර් එකෙන් යුටියුබ් වීඩියෝ එකක් ප්ලේ කරද්දී HD දාල පට්ට ක්ලියර්. කිසි අවුලක් නෑ. හැබැයි ඒ කිලිටියම ඩව්න්ලෝඩ් කරලා ඕනෑම ප්ලේයර් එකක ප්ලේ කරද්දී පොඩි බ්ලර් ගතියක් එනවා. ලොකුවටම නැතත් 720 කොලිටියක් පේන්නේ නෑ. youtube එකෙන් බාන එව්වා වගේම වෙන ඕනෑම වීඩියෝ එකක් player එකකින් ප්ලේ කරද්දී ඒ අවුල තියෙනවා. මේක හදාගන්නේ කොහොමද? windows 10 තියෙන්නේ. අප්ඩේට් චෙක් කලත් ග්‍රැෆික් අප්ඩේට් එකක් පෙන්නන්නේ නෑ. 

