PHD එක කරන්න ආසයි

DevLover

Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    මම දැනට අවුරුදු 6ක් විතර experiences තියෙන developer කෙනෙක්. මට phd එක කරනවා නම් මොකක්ද යන්න පුලුවන් ලේසිම path එක? Msc එක mandatory ද?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,743
    1
    6,619
    113
    නම මුලට Doctor initials දා ගන්න හිතාගෙන නම් Ph.D කරන්න එපා හරිද .... ගොඩක් අය කරන්නේ ඒකටනේ 😉

    Ph.D කරන්න ඔයාට strong math background එකක් තියෙන්න ඕනි ... Exceptional thinking එකක් තියෙන්න ඕනි .... Out of the box හිතන්න පුළුවන් වෙන්න ඕනි ....

    මම පොඩි උදාහරණයක් කියන්නම් මේකට ...

    හිතන්න library එකක් තියන්නේ Computer Science පොත් තියන ... එකේ තියනවා මේ ලෝකේ මෙතෙක් ලියවෙලා තියන සේරම Computer Science related පොත්, එක එක field එක අනුව වෙන් කරලා ( OS, Embedded Systems, Networking, Programming languages, Deep Learning, Machine Learning, Neural Networks, Hardware, Software etc )

    ඔයා Batchelder degree ඒකක කරන්නේ මේ library එකේ යම් කිසි තෝරාගත් field කිහිපයක දැනුම යන්තමින් එහෙන් මෙහෙන් බලලා, ඒ දැනුම පාඩම් කරලා සහ abstract ideas - tangible විදියට ඇත්ත ලෝකෙ භාවිතා කරල එදිනෙදා ප්‍රශ්න විසදන්නේ කොහොමද කියලා අධ්‍යනය කරන එක

    Masters Degree ඒකක වෙන්නේ එක Field niche එකක් තෝරාගෙන ඒක ගැන ගැඹුරින් අධ්‍යනය කරන එක සහ සහ ඒ විෂයේ ප්‍රවීණයෙක් වෙන එක.

    Ph.D කියන්නේ වෙනමම සීන් එකක් ...
    ඔයා යම් කිසි එක Field එකක් තෝරාගෙන, ඒ Field එකේ තියන, මෙතෙක් ලියැවුණු පොත් සියල්ලක්ම පාහේ කියවලා, මේ ලෝකේ මිනිසෙකු පෙර නොහිතූ ආකාරයේ ප්‍රශ්ණයක් ඒ ක්ෂේත්‍රයට අදාළ, ඔයාම හිතාගෙන ඔයාම පරීක්ෂණ කරලා අලුත් දෙයක් හොයාගන්න එක ... ඒක නිකං පුස්තකාලයේ එම Field එකේ පොත් තියන කොටසට ඔයා ඔයා විසින්ම අලුත් පොතක් ලියනවා කියන එක ...

    Ph.D එකක් කරන්න නම් එකට ආසාව, ඒ ක්ෂේත්‍රයේ Passion එක සහ අලුත් දේවල් සොයාගැනීමට ඇති ආසාව හොඳටම තියෙන්න ඕනි + Strong Math background එකක් තියෙන්න ඕනි .... ( Philosophy + Maths + Biology+ CS මේ වගේ විෂයන් ගොඩක් එකතුවෙන් තමා Research එකක් කෙරෙන්නේ )

    ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ ....

    Msc mandatory නෑ .... ඔයාගේ Batchelder degree එකේ GPA සහ ඔයා කරලා තියන researche සහ අනෙකුත් academic දේවල් අනුව තමා ඔයාව University එකකින් sponsor කරනවද නැද්ද කියන එක සලකළ බලන්නේ ....

    ආසාව තීයනම් apply කරන්න ...

    මම ආයෙත් කියනවා ... Doctor කෙනෙක් වෙන්න, ඒ initials නම මුලට දාගන්න හිතාගෙන නම් Ph.D කරන්න එපා ....

    මට ගොඩක් උදව් උන සහ මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත Playlist එකක් ... 100 Recommend 👇🏻

     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    842
    458
    63
    Developer kenekuta karanna puluwan phd paths monawada? software ekak hadanawa kiyana ekata eha giya deyak athi neh.. thama therum ganna bari une ekai..
    wisandaganna bari problem ekak solve karanawa kiyana eka general term ekak..
     
    • Like
    Reactions: clumsyhulk

    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    931
    657
    113
    To get into a PhD program, you usually need a First Class or Second Upper degree, along with at least one strong publication. If you don’t meet those requirements, having a solid research background can also help. Otherwise, it’s often better to complete a Master’s or MPhil first before applying for a PhD.
    Most importantly, make sure you choose your supervisors wisely—it is one of the most critical decisions you will make. I had to leave my PhD after two years because of a poor supervision experience. It was one of the worst experiences I have ever had.:(
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,114
    113
    මම දැනට අවුරුදු 6ක් විතර experiences තියෙන developer කෙනෙක්. මට phd එක කරනවා නම් මොකක්ද යන්න පුලුවන් ලේසිම path එක? Msc එක mandatory ද?
    Acedamic career eka magin kedila nisa, MPhil (Research degree) -> Publications -> PhD Scholarship
    MPhil walata lankawe 100,000LRK gewanawa. 3 year research degree. Set karaganna thamai amaru. Set karagattot PhD ekath hondata perform karanna puluwan mokada research experience nisa
     
    • Like
    Reactions: Yeezus

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    ඔයාට හොද First Author Q1 Journal වල Publications දෙක තුනක් තියෙනවනම්, ඔයාට Direct PhD එකකට Fully Funded Scholarship එකක් ගන්න පුලුවන්. Q1 Journal Publication එකක් දාන එක ලේසි නෑ. ලේසිම වැඩේ Research කරන Groups ඉන්නවා. උන් මොකක්හරි Topic එකක් අරගෙන Paper එකක් Publish කරනවා. පේපර් එක කට්ටිය බෙදාගෙන ලියනවා. මෙහෙම Publication දෙක තුනක් හදාගත්තම (But you need to be the first author) ඔයාට කරන්න තියෙන්නේ, පිටරට University එකක ඉන්න Professor කෙනෙක්ට ලියන එක. මට මෙහෙම Publications තියෙනවා. සර්ට Funding තියෙනවනම් මාව ගන්න පුලුවන්ද බ්ලා බ්ලා...! ඕක තමයි ලේසිම විදිහ. ඒත් හරිම විදිහ තමයි, පුලුවන්නම් MPhil එකක් හරි, මොරටුවේ 1 Year Research Degree එකක් තියෙනවා. ඔයාට හොද Supervisor කෙනෙක් සෙට් වුණොත් (Funding එක්ක) ඔයාට හොද Research පේපර් දෙක තුනක් දාගන්න පුලුවන් and ඔයාට Academic Qualification එකක් හැදෙනවා. තව ඔයාට පොඩි හරි Industry Experience එකක් තියෙන නිසා ඒක පොඩි වාසියක් වෙයි.