pohottuwe

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Thama pohottuwe Ponnayo set eka amathikam Aran na
    UNP eken enakan innawa balagena.paw wade.
    Suckers.Unge kaiyyai padagadai witharai..
    2015 August Mahidata PM wenna bari Una eke.Sirata puka dela kakka nagena.
     
    • Like
    Reactions: Dharatha

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහව එම ධූරයෙන් ඉවත්කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව අගමැති කරමින් ජනාධිපති සිරිසේන දියත්කල ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණය අද (02) පාර්ලිමේන්තුවේදී පැහැදිළිව අනාවරණය විය.
    ඒ අද කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ රැස්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ නිල ආණ්ඩුවට පිළිගනිමින් පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී හමුවේදීය.

    එහිදී අනාවරණය වුයේ මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ සිට මුදල් ලබාගෙන පක්ෂය මාරු කළ බවට චෝදනා ලබා සිටින මැති ඇමතිවරුන් 5 දෙනා ඇතුළුව සිරිසේන - මහින්ද පාර්ශවය නියෝජනය කරන මැති ඇමතිවරුන් හැර පාර්ලිමේන්තුව නියෝජනය අනෙක් සියළු පක්ෂ මෙම ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණය පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් මැදිහත් වන බවය.

    මෙහිදී දක්නට ලැබුණු සුවිශේෂ කරුණක් වන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ සියල්ල පොදු මතයක සිට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට සහය ලබාදෙන බව තහවුරු කිරීමය.

    ඒ අනුව අද මන්ත්‍රීවරුන් 118 දෙනෙකු පාර්ලිමේන්තුවට පැමිණ සිටි අතර විපක්ෂනායක ආර්.සම්බන්ධන් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද මේ අවස්ථාවට පැමිණ සිටියේය.

    එසේම මුදල් සහ අමාත්‍ය ධුර දෙන බව පවසමින් නිල ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට කුමන්ත්‍රණ ආණ්ඩුවේ මහමොළ කරුවන් යෝජනා ඉදිරිපත් කරන බව, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ඇමතිවරුන්ගේ ආරක්ෂාව ඉවත්කර ඔවුන්ගේ ජීවිත අනාරක්ෂිත කර ඇති බව මෙන්ම, මුදලාලිකරණයට ලක්වූ ජාතික යැයි කියාගන්නා මාධ්‍ය කුමන්ත්‍රණ ආණ්ඩුවට පක්ෂපාතීව සාවධ්‍ය පුවත් ජනතාව අතරට යවන බව ඇතුළු කරුණු රැසක් සම්බන්ධව කතානයකවරයාව දැනුවත් කිරීමටද මැති ඇමතිවරුන් කටයුතු කරනු ලැබිණ.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,102
    7,377
    113
    Kotahena
    "බ්‍රම්" ගාල පුන් එකක් ගිය කිහන්කෝ
    KXAq5uF.jpg


    0TcVy7B.gif
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    කව්රු මොනවා කිව්වත් 7 දා පර්ලිමන්ට් එකේදී වෙන දේ තමයි බලන්න ඔනේ. මොකද බහුතරය තමයි තීරනාත්මක සාධකය
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ජනාධිපති සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද සිදුකළ ආණ්ඩු කුමන්ත්‍රණය හේතුවෙන් මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය වෙත ලැබී තිබූ ඩොලර් බිලියන 1.4ක් වටිනා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අහිමිවයාමේ අවධානමක් මතුව ඇති බව වාර්තා වෙයි.
    අද (02) මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක තම අමාත්‍යංශය වෙත ගොස් එහි කටයුතු සම්බන්ධව සොයා බලා ඇති අතර එහිදී නිලධාරීන් මේ බව සඳහන් කර තිබේ.
    එහිදී සිදුව ඇත්තේ මෙම ව්‍යාපෘතියට ආධාර සපයන ජපන් රජය කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවීමත් සමඟ රටේ මතුව ඇති දේශපාලන අස්ථාවර තත්ත්වය සැළකිල්ලට ගෙන අදාළ ආධාර සැපයීම නවත්වන්නට කටයුතු කර ඇති බවය.
    මෙහිදී අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළුව අමාත්‍යංශය යටතේ වන සියළු ආයතන ප්‍රධානීන් කැඳවා ඇති අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ රටේ සංවර්ධනය ඉලක්කකර ආරම්භ කර ඇති කිසිඳු ව්‍යාපෘතියක් අඩාල නොකර ඉදිරියට ගෙනයන ලෙසය.
    එසේම කුමන්ත්‍රණ ආණ්ඩුවට බහුතරයක් නොමැති බව අද (02) පාර්ලිමේන්තුවේදී කතානායකවරයා සමඟ පැවති පක්ෂනායක හමුවේදී අනාවරණය වූ බවත් එහිදී පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ හයෙන් පහක නායකයින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු නිල ආණ්ඩුවට සහය පලකරන බව ප්‍රකාශ කල බවද අමාත්‍යවරයා පවසා ඇත.
    එමෙන්ම මේ මොහොතේ කුමන්ත්‍රණ ආණ්ඩුව විසින් නිකුත් කරන නියෝග සියල්ල නීති විරෝධී බවත් ප්‍රශ්නගත වාතාවරණය අවසන්වූ විගස නීති විරෝධී ආණ්ඩුවට සහය දැක්වූ පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාවට නගන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත.
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත් කර ගැනීමට කටයුතු කිරීම හා ඊට පසුව සිදුවු සියලු සිදුවීම් නීති විරෝධී බවටත් සඳහන් කළ යෝජනාවක් මන්ත්‍රීවරු 118ක් විසින් සම්මත කරගෙන තිබේ.
    එක්සත් ජාතික පක්ෂයේ අජිත් පෙරේරා මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සම්මත කර තිබේ.

    http://www.ada.lk/breaking_news/මහින්ද-අගමැති-%E2%80%8C%E2%80%8Cනොවන-බවට-යෝජනාවක්-සම්මත-කර-ගනියි/11-341951
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,472
    6,131
    113
    නව රජයේ අතුරු සම්මත ගිණුම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පවත්වන රාජාසන කතාවෙන් පසු එළඹෙන පළමු පාර්ලිමේන්තු දිනයේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සී. බි. රත්නායක මහතා පැවැසීය.


    බොහෝ විට එම දිනය නොවැම්බර් 17 හෝ 19 විය හැකිය.

    නව ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී පරාජය කරනු ලැබුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යාමට සිදුවන බව පැවැසූ සී. බි. රත්නායක මහතා මෙමගින් එක්සත් ජාතික පක්ෂයට සිදුවන්නේ ගෙදර ගියොත් අඹු නසී, මග සිටියොත් තෝ නසී යන තත්ත්වයක් බව පැවැසීය.

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණට 49% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 14% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් දිනාගනු ලැබිය. ඒ අනුව ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වූ විට මහ මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් පහසුවෙන්ම දිනා ගැනීමට හැකි බව සී. බි. රත්නායක මහතා පැවැසීය.

    එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සිටින සුළු පක්ෂවල සහායද එහිදී හිමිවන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයට බව සී. බි. රත්නායක මහතා පැවැසූ අතර එමගින් පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් සමග මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය ජයග්‍රහණය කරන බව සී. බි. රත්නායක මහතා පැවැසීය.

    යාළුවන්ටත් බලන්න share කරන්න

    උපුටා ගැනීම ලක්බිම
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    නව රජයේ අතුරු සම්මත ගිණුම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පවත්වන රාජාසන කතාවෙන් පසු එළඹෙන පළමු පාර්ලිමේන්තු දිනයේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සී. බි. රත්නායක මහතා පැවැසීය.


    බොහෝ විට එම දිනය නොවැම්බර් 17 හෝ 19 විය හැකිය.

    නව ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී පරාජය කරනු ලැබුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යාමට සිදුවන බව පැවැසූ සී. බි. රත්නායක මහතා මෙමගින් එක්සත් ජාතික පක්ෂයට සිදුවන්නේ ගෙදර ගියොත් අඹු නසී, මග සිටියොත් තෝ නසී යන තත්ත්වයක් බව පැවැසීය.

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණට 49% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 14% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් දිනාගනු ලැබිය. ඒ අනුව ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වූ විට මහ මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් පහසුවෙන්ම දිනා ගැනීමට හැකි බව සී. බි. රත්නායක මහතා පැවැසීය.

    එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සිටින සුළු පක්ෂවල සහායද එහිදී හිමිවන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයට බව සී. බි. රත්නායක මහතා පැවැසූ අතර එමගින් පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් සමග මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය ජයග්‍රහණය කරන බව සී. බි. රත්නායක මහතා පැවැසීය.

    යාළුවන්ටත් බලන්න share කරන්න

    උපුටා ගැනීම ලක්බිම

    Kathanayaka thama decision eka ganne mulinma ahanne mokda kiyala.
    Mahinda parliament ekata kalin illa aswei.Guu 7i
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    කුමන්ත්‍රණ ආණ්ඩුව සඳහා ජාත්‍යන්තර පිළිගැනීම ලබාගැනීමේ අපේක්ෂාවෙන් මෙරට සිටින විදෙස් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් හමුවීමට ගිය නියෝජිතයන් බලවත් අප්‍රසාදයට ලක්ව ඇති බව වාර්තා වෙයි.
    ඊයේ (01) සහ අද (02) කුමන්ත්‍රණ ආණ්ඩුවේ නියෝජිතයන් වන අමාත්‍ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ, අනුර ප්‍රියදර්ශන යාපා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන මේ ගමන සඳහා සහභාගීව ඇත.
    මෙහිදී කුමන්ත්‍රණ ආණ්ඩුවේ නියෝජිතයන් පවසා ඇත්තේ පිහිටුවා ඇති ආණ්ඩුව ව්‍යවස්ථානුකූල මෙන්ම නෛතික ආකාරයට පිහිටුවා ඇති බවත් ඒ හේතුවෙන් තමන් ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර සහය අපේක්ෂා කරන බවය.
    අපි ඔබේ ව්‍යවස්ථාව කියවූවා : කිසිම පැහැදීමක් නෑ - තානාපති අංශ
    එහිදී ජාත්‍යන්තරව බලපෑමක් සිදුකළ හැකි සෑම තානාපති සහ මහකොමසාරිස් කාර්යාල නිලධාරීන් පවසා ඇත්තේ මෙරට අර්බුදය හටගත් වහාම තම නිලධාරීන් ලංකා ව්‍යවස්ථාව අධ්‍යයනය කල බවත් ව්‍යවස්ථාවට අනුකූලව ආණ්ඩුව පිහිටුවීමක් ඒ තුළ කොහෙත්ම දක්නට නොමැති බවය. එසේම පාර්ලිමේන්තුව කල්තැබීමත් ඒ හරහා රට තුළ දේශපාලන ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීම ගැනත් බලවත් අප්‍රසාදය පළකර තිබෙන තානාපති නිලධාරීන් කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවා ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට විසඳා ගතයුතු බවද අවධාරණය කර තිබේ.
    නාමල්ගේ වෙනම කැම්පේන් එක : හැමදේටම මුල මේ සිරිසේන
    මෙහිදී කුමන්ත්‍රණ ආණ්ඩුවේ නියෝජිත කණ්ඩායමේ සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තම පියා මේ කටයුත්තේදී කිසිඳු වරදක් සිදුකර නොමැති බවත් ජනාධිපති සිරිසේනගේ බලවත් ඉල්ලීම මත ඔහු අගමැතිධුරය භාරගත් බව සෑම තානාපති කාර්යාලයකදීම නිලධාරීන් දැනුවත් කළ බවද වාර්තා වෙයි.
    ඒ අවස්ථාවේදී රටවල් කිහිපයකම තානාපති නිලධාරීන් සඳහන් කර ඇත්තේ "අපි ඔබේ පියා ගැන හොඳ දැනුවත් බවකින් පසුවනවා" කියාය.
    දිගින් දිගටම තානාපති සහ මහකොමසාරිස් කාර්යාල වෙතින් ලැබුණු අයහපත් ප්‍රතිචාර හේතුවෙන් අවසානයේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ නියෝජිතයන් තම උත්සාහය අත්හැර දමා තිබෙන බවද වාර්තා වෙයි.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    ow dukai, mama me dukata pun gahana gaman inne, oyath enawada math ekka ekata idan dukata pun gahanna :rofl:

    Oyata pun gahanna sick thibata frnd mata ehema nae..oni nam api French cricket gahamu frnd change ekka