සමහර software companies වල (Pearson, IFS වගේ) Senior Software Engineer කියන position එකෙන් පස්සෙ Principal Software Engineer කියන එක තමයි තියෙන්නෙ.
නමුත් ලංකාවෙ වෙනත් ගොඩක් වල වලින් Senior Software Engineer පස්සෙ Tech Lead (Associate, Mid, Senior) තමයි තියෙන්නෙ.
මේකට හේතුව ඒ ඒ කම්පැනි වල තියන structure එක. මොන කම්පැනි එක උනත් උඩ පොසිශ්න් එකකට යනකොට මැනේජ්මන්ට් ස්කිල් එක ඕනේ. Tech lead උනත්, principal software engineer උනත් එයාගෙ යටතෙ තව අය ඉන්නව. ඉතින් එයාලව guide කරන්ට හොද ටෙක් දැනුමක් වගේම people skill එක ඕනමයි.
මේ දෙකේ ඇත්තටම වෙනස මොකක් ද (factors - experience, salary???)
Principal Software Engineer හිටපු කෙනෙක්ට වෙන company එකකට යනකොට සෙට් වෙන්නෙ Tech Lead ලෙවල් එකක් ද නැත්තන් Software Architect වගේ ලෙවල් එකක් ද?
ඒවගේම ඒකෙ අනිත් පැත්ත වෙන්නෙ කොහොමද (එ කිව්වෙ Tech Lead ඉදල Principal Software Engineer යන්න පුළුවන් ද?)
සැලරි එක කම්පැනි එක උඩ සහ skill එක උඩ වෙනස් වෙනවා. නැතුව ඔය පට්ටම් දෙක උඩ වෙනසක් නෑ. හැබැයි role and responsibilities දෙකේම වගේ එකයි. එක්ස්පීරියන්ස් එකත් ඒ වගේමයි. ඔය ජොබ් දෙකම එක වගේ නිසා ක්ම්පැනි අතර මාරු වෙනකොට ප්‍රශ්නයක් නෑ. අනික ඔය දෙකට පස්සෙ තියෙන්නෙ software architect. හොද experience and skill තියන කෙනෙක්ට එතෙන්ට promote වෙන්ට පුලුවන් ලෙසියෙන්ම.
අවසාන වශයෙන් මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා.
ලංකාවෙ ගොඩක් උඩ positions වල හිටපු අය (software architect, director වගෙ ලෙවල් වල.) පිටරට වලට යද්දි Senior Software Engineer වගේ වලට යන්නෙ ඇයි?
එහෙම වෙන්නෙ මෙහෙ ඉක්මනට promote වෙලා ගන්න experience එකට පිටරට පිළිගැනීම අඩු නිසා ද?
මම වැඩ කරලා තියනවා ගොඩක් foreign SE, Arhitects, Leads එක්ක (US/UK/Aus/Swe). Skill level ගත්තම ගොඩක් වෙලාවට අපෙ සේම් ලෙවල් තමා, සමහර කේස් වලදි අපි ඉස්සරහින් සමහර කේස් වලදි එයාල ඉස්සරහින්. ඒක කෙනා මත depends , specialiced අය ඉන්නවා එක එක area වලට. ඒ හින්දා තමා එයලා ලන්කාවෙ අපිව technology providers විදිහට තෝර ගන්නෙ. නැත්තන් තේරුමක් නෑ නේ.
ඔයිට අමතරව රටකට යද්දි ගොඩක් වෙලාවට Senior Software Engineer වගේ රෝල් එකක් පික් කරන්නෙ ගොඩක්වෙලාවට ලේසියට. Architect කෙනෙක් වගේ ඒව ගොඩක් නෑ, ඉතින් තෝර තෝර ඉන්නෙ නෑ. අනික IT industry එකේ තියන හොදම possition එක තමා senior software engineer කියන්නෙ. හේතුව තමා, තමන්ගෙ වගකීම තමන්ට විතරයි තියෙන්නෙ. අනික හොද අවබොධයක් තියනව තමන්ගෙ වැඩ සහ කල යුතු දේ ගැන. ඊට උඩ possition එකකට ගියොත් අලුතින් සෙට්ල් වෙන කෙනෙක්ට ටිකක් අමාරුයි. හැබැයි සෙට්ල් උනාම ඒ වගේ පොසිශන් එකකට තරගයක් දුන්නකි.
Simply again ? an example in SL. That's what I asked from you. Mathematical reasoning. My ass.


------
Post added on Mar 27, 2021 at 9:12 PM