පඳුරු මාපිලා | සුළු විෂ
ලංකාවට ආවේණික වගේම කුඩාම මාපිල් විශේෂය. පඳුරු මාපිල්ලු අඳුරු පැහැයෙන් හම්බෙනවා.
නිදි මාපිලා | සුළු විෂ
නිදි මාපිලා අප රටේ හමුවන මාපිල් විශේෂ 5 අතුරින් සුලබව හමුවන මාපිල් විශේෂයයි.ඉතා සුළු විශක් සහිත නිදි මාපිලා වටා බොහෝ මිතයා කතාවන්ද අතීතයේ සිටම ගොඩනැගී ඇත.ඉතා අලස අර්පයකු වන නිදි මාපිලා එක තැනක එක් ඉරියවුවකින් බොහෝවේලාවක් නිසොල්මන්ව සිටින බැවින් නිදි මාපිලා යනුවෙන් හදුන්වන්වයි.මෙම සර්පයා දෂ්ට කිරීමෙන් දීර්ඝ නින්දකට පත්වී මියයනබවද,සුව වූවත් සැමවිට නිදිමත දැනෙන බවද අතීතයේ සිට පැවතෙන මිතයා කතාවන් වෙයි.මෙහි කිසිදු සතය තාවයක් නොමැත.තවද මාපිලුන් මැරුවහොත් හත් දෙනෙකු පැමිණෙන බව කියන කතාවන් තුලද යම් සත්‍ය තාවයක් පෙනුනද එය සියයට සියයක් නිවැරදි නොවෙයි.සර්පයකු මරනවිට සිරුරෙන් නිකුත්වන ''පෙරෝමෝන'' නිසා එය ආඝ්රාණයවන එම විශේෂයේ සර්පයින් සර්පයා මළ ස්ථානයට පැමිණෙයි.එසේ පැමිණෙන සර්පයන් ගනන 7ක් ලෙස පැවසීම සාවද්‍යය.ඊට හේතුව ගන්ධය ආඝ්‍රාණය වන සීමාවේ සිටින එම විශේෂයේ සියළු සර්පයන් පැමිණිය හැකි බැවිනි.එමනිසා මෙම ගණන අඩු හෝ වැඩිවිය හැක.පොදුවේ මාපිලුන් පිළිබඳව ගෙතී ඇති මෙවැනිකතාවන් මිතයා කතාවන් විනා ඒ තුළ විදයාත්මක වශයෙන් කිසිදු සතයතාවයක් නොමැත.
නිදි මාපිලා රාත්‍රියට ක්‍රියාශීලී නිශාචර සර්පයෙකි.රුක්වාසී සර්පයෙකු වන බැවින් වලිගය හා සිහින් දිගැති සිරුර ගොදුරු අල්ලා ගැනීමේදී උපකාරීවෙයි.වනලැහැබ,ලඳුකැලෑ ආශ්රිත නිවෙස්වලට රත්රීකාලයේ දි පැමිනෙන්නේ හූනන් වැනි සතුන් ගොදුරු කිරීම පිණිසය.මොවුන්ගේ ප්‍රධාන ආහාර වන්නේ හූනන්,කටුස්සන්,හිකනැලුන් වැනි සතුන්ය.අඳුර වැටෙන විට ගොදුරු සොයා යන මොවුන් දහවල ගස් බෙන තුළද,නිවෙස් අශ්‍රිතවනම් වියලි දැව ගොඩවල්,අත්හැරදමා ඇති නිවෙස්වල බිත්ති කුහර,වැස්සට නොතෙමෙන බිත්ති ආශ්රිත රෙදි වැල්,හෝ එල්ලා අති කුහර සහිත මල්පෝච්චි තුළ කාලය ගතකරයි.දහවල හිරු එලිය මොවුන්ට අප්‍රිය නිසා අඳුරු ස්ථාන බොහෝවිට තෝරාගනී.බිත්තර මගින් බෝවීම සිදුවෙයි.නිදි මාපිලා ඉක්මණින් ප්‍රකෝප වන සර්පයෙකු නොවන අතර මොවුන්ගේ දශ්ටන කිසිසේත් මිනිසුන්ට විශාල හානියක් කරවීමට සමත් නොවෙයි.බියවී කලබලයට පත් වූ විට වලිගය කෙලවර වේගයෙන් සෙලවීම,හිස පැතලි කිරීම,ශරීරයේ ඉදිරි කොටස හකුලා මුඛය විවරකොට පහරදීම සුලබ චර්යාරටාවන් වෙයි.මොවුන්ගේ විශ දල පිහිටන්නේ උඩ හණුවේ කෙලවරට වන්නටය.සැබැවින්ම කෙලවර පිහිටන දත් යුගලය විශ දල යුගලය වශයෙන් විකිරණය වී ඇත.එය මිලිමීටර් 1.5තරම් කුඩාවන අතර ගොදුරු අඩපණකරගැනීමට මෙම විශදල උපකාරීවෙයි.යම්විටෙක මිනිසෙකුට දෂ්ට කළත් විශ ශරීර ගත වීමට මුඛ්‍ය විවරකොට තදින් පහර දිය යුතුවෙයි.විෂ ශරීර ගත වුවහොත් පැය කීපයක් යන තුරු සපාකෑ ස්ථානයේ සුළු වේදනාවක් පවතින අතර සමහරුන්ට ශරීරයේ සුළු ආසාත්මිකතා පෙන්වයි.මේ සඳහා විශේෂයෙන් ඖෂධ නොකලද පැය කීපයකින් ප්‍රකෘති තත්වයට පත්වෙයි.
අපරටේ බොහෝ පළාත්වල වෙසෙන නිදි මාපිලා විශාලවශයෙන් මිනිසුන් විසින් මරණයට පත්කිරීම නිසා ගහනය අඩුවෙමින් පවතී.ලංකාවේ හමුවන මාපිල් විශේෂ පහෙන් "කහ මාපිලා සහ පඳුරු මාපිලා" වනාන්තර තුල වෙසෙන බැවින් මිනිසුන්ට හමුවන්නේ කලාතුරකිනි.එනමුත් "රෑන් මාපිලා,නාග මාපිලා/ලේ මාපිලා සහ නිදි මාපිලා"යන තිදෙනා නිවෙස් හෝ ගෙවතු ආශ්‍රිතව බොහෝ විට මරණයට පත්වෙයි.ඔබ නිවසට හෝ ගෙවත්තට පැමිණෙන මෙවැනි මාපිලුන් කලබල නොකොට තරමක් දිග ලී දඩුවකින් ඉවත්කොට සුදුසු ස්ථානයකට මුදා හැරීමේ පහසුව ඕනෑම කෙනෙක් සතුව ඇත.ප්‍රකෝප නොකොට ශරීරය මැදින් හෝ වලිගයෙන් අල්වා වුවද සාමාන්‍ය කෙනෙකුට මොවුන් ඉවත් කිරීමේ හැකියාව ඇත.පොදුවේ සර්පයන්ට දක්වන අනිසි බිය,පිළිකුල හා පණ්ඩිතයන්,බොරු වීරයන් නිසා මෙවැනි අහිංසක සතුන් නිරපරාදේ මරු මුවට පත්වෙති.මෙවැනි සතුන් රැකගනීම මිනිසුන් වන අපගේ වගකීමකි,මනුසත් කමකි.

.
tfs.