Protect our Snakes | අපේ_සර්පයෝ

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    පඳුරු මාපිලා | සුළු විෂ

    ලංකාවට ආවේණික වගේම කුඩාම මාපිල් විශේෂය. පඳුරු මාපිල්ලු අඳුරු පැහැයෙන් හම්බෙනවා.
    19113719_1218566698265426_2658398692380267294_n.jpg





    නිදි මාපිලා | සුළු විෂ
    13138788_570808836428880_9028127015035112190_n.jpg


    නිදි මාපිලා අප රටේ හමුවන මාපිල් විශේෂ 5 අතුරින් සුලබව හමුවන මාපිල් විශේෂයයි.ඉතා සුළු විශක් සහිත නිදි මාපිලා වටා බොහෝ මිතයා කතාවන්ද අතීතයේ සිටම ගොඩනැගී ඇත.ඉතා අලස අර්පයකු වන නිදි මාපිලා එක තැනක එක් ඉරියවුවකින් බොහෝවේලාවක් නිසොල්මන්ව සිටින බැවින් නිදි මාපිලා යනුවෙන් හදුන්වන්වයි.මෙම සර්පයා දෂ්ට කිරීමෙන් දීර්ඝ නින්දකට පත්වී මියයනබවද,සුව වූවත් සැමවිට නිදිමත දැනෙන බවද අතීතයේ සිට පැවතෙන මිතයා කතාවන් වෙයි.මෙහි කිසිදු සතය තාවයක් නොමැත.තවද මාපිලුන් මැරුවහොත් හත් දෙනෙකු පැමිණෙන බව කියන කතාවන් තුලද යම් සත්ය තාවයක් පෙනුනද එය සියයට සියයක් නිවැරදි නොවෙයි.සර්පයකු මරනවිට සිරුරෙන් නිකුත්වන ''පෙරෝමෝන'' නිසා එය ආඝ්‍රාණයවන එම විශේෂයේ සර්පයින් සර්පයා මළ ස්ථානයට පැමිණෙයි.එසේ පැමිණෙන සර්පයන් ගනන 7ක් ලෙස පැවසීම සාවද්යය.ඊට හේතුව ගන්ධය ආඝ්‍රාණය වන සීමාවේ සිටින එම විශේෂයේ සියළු සර්පයන් පැමිණිය හැකි බැවිනි.එමනිසා මෙම ගණන අඩු හෝ වැඩිවිය හැක.පොදුවේ මාපිලුන් පිළිබඳව ගෙතී ඇති මෙවැනිකතාවන් මිතයා කතාවන් විනා ඒ තුළ විදයාත්මක වශයෙන් කිසිදු සතයතාවයක් නොමැත.
    නිදි මාපිලා රාත්‍රියට ක්‍රියාශීලී නිශාචර සර්පයෙකි.රුක්වාසී සර්පයෙකු වන බැවින් වලිගය හා සිහින් දිගැති සිරුර ගොදුරු අල්ලා ගැනීමේදී උපකාරීවෙයි.වනලැහැබ,ලඳුකැලෑ ආශ්‍රිත නිවෙස්වලට රත්‍රීකාලයේ දි පැමිනෙන්නේ හූනන් වැනි සතුන් ගොදුරු කිරීම පිණිසය.මොවුන්ගේ ප්‍රධාන ආහාර වන්නේ හූනන්,කටුස්සන්,හිකනැලුන් වැනි සතුන්ය.අඳුර වැටෙන විට ගොදුරු සොයා යන මොවුන් දහවල ගස් බෙන තුළද,නිවෙස් අශ්‍රිතවනම් වියලි දැව ගොඩවල්,අත්හැරදමා ඇති නිවෙස්වල බිත්ති කුහර,වැස්සට නොතෙමෙන බිත්ති ආශ්‍රිත රෙදි වැල්,හෝ එල්ලා අති කුහර සහිත මල්පෝච්චි තුළ කාලය ගතකරයි.දහවල හිරු එලිය මොවුන්ට අප්‍රිය නිසා අඳුරු ස්ථාන බොහෝවිට තෝරාගනී.බිත්තර මගින් බෝවීම සිදුවෙයි.නිදි මාපිලා ඉක්මණින් ප්‍රකෝප වන සර්පයෙකු නොවන අතර මොවුන්ගේ දශ්ටන කිසිසේත් මිනිසුන්ට විශාල හානියක් කරවීමට සමත් නොවෙයි.බියවී කලබලයට පත් වූ විට වලිගය කෙලවර වේගයෙන් සෙලවීම,හිස පැතලි කිරීම,ශරීරයේ ඉදිරි කොටස හකුලා මුඛය විවරකොට පහරදීම සුලබ චර්යාරටාවන් වෙයි.මොවුන්ගේ විශ දල පිහිටන්නේ උඩ හණුවේ කෙලවරට වන්නටය.සැබැවින්ම කෙලවර පිහිටන දත් යුගලය විශ දල යුගලය වශයෙන් විකිරණය වී ඇත.එය මිලිමීටර් 1.5තරම් කුඩාවන අතර ගොදුරු අඩපණකරගැනීමට මෙම විශදල උපකාරීවෙයි.යම්විටෙක මිනිසෙකුට දෂ්ට කළත් විශ ශරීර ගත වීමට මුඛ්ය විවරකොට තදින් පහර දිය යුතුවෙයි.විෂ ශරීර ගත වුවහොත් පැය කීපයක් යන තුරු සපාකෑ ස්ථානයේ සුළු වේදනාවක් පවතින අතර සමහරුන්ට ශරීරයේ සුළු ආසාත්මිකතා පෙන්වයි.මේ සඳහා විශේෂයෙන් ඖෂධ නොකලද පැය කීපයකින් ප්‍රකෘති තත්වයට පත්වෙයි.

    අපරටේ බොහෝ පළාත්වල වෙසෙන නිදි මාපිලා විශාලවශයෙන් මිනිසුන් විසින් මරණයට පත්කිරීම නිසා ගහනය අඩුවෙමින් පවතී.ලංකාවේ හමුවන මාපිල් විශේෂ පහෙන් "කහ මාපිලා සහ පඳුරු මාපිලා" වනාන්තර තුල වෙසෙන බැවින් මිනිසුන්ට හමුවන්නේ කලාතුරකිනි.එනමුත් "රෑන් මාපිලා,නාග මාපිලා/ලේ මාපිලා සහ නිදි මාපිලා"යන තිදෙනා නිවෙස් හෝ ගෙවතු ආශ්‍රිතව බොහෝ විට මරණයට පත්වෙයි.ඔබ නිවසට හෝ ගෙවත්තට පැමිණෙන මෙවැනි මාපිලුන් කලබල නොකොට තරමක් දිග ලී දඩුවකින් ඉවත්කොට සුදුසු ස්ථානයකට මුදා හැරීමේ පහසුව ඕනෑම කෙනෙක් සතුව ඇත.ප්‍රකෝප නොකොට ශරීරය මැදින් හෝ වලිගයෙන් අල්වා වුවද සාමාන්ය කෙනෙකුට මොවුන් ඉවත් කිරීමේ හැකියාව ඇත.පොදුවේ සර්පයන්ට දක්වන අනිසි බිය,පිළිකුල හා පණ්ඩිතයන්,බොරු වීරයන් නිසා මෙවැනි අහිංසක සතුන් නිරපරාදේ මරු මුවට පත්වෙති.මෙවැනි සතුන් රැකගනීම මිනිසුන් වන අපගේ වගකීමකි,මනුසත් කමකි.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ප්‍රොටෙක්ට් නෙමේ පෙරේදත් පත නයෙක්ගේ ඔලුව චප්ප වෙන්න කළු ගලක් අත ඇරියා.මම නම් දැක්ක තැන මරණවා.ඕකුන් මහ කාලකන්නි සත්තු.පෑගුනත් ඇති අපිට කෙලිනවා.ඊට් කලින් අපි උන්ට සොට් එක දෙන්න ඕන:yes:.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    එකෙක් දැක්කම උගේ ජාතිය ජන්මය බල බල ඉන්න බෑ බන් පන කඩාගෙන දුවනවා මිසක්.. බලහන්කො එකම වගේ උන් ගොඩක් ඉන්නවා.
    සිරාවටම බන් මුන් ඔක්කොම එක වගේ මන් අදුනන්නෙ නයා විතරයි ඒකත් ඌ පෙනේ පිප්පුවොත් තමා. :rofl:
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ප්‍රොටෙක්ට් නෙමේ පෙරේදත් පත නයෙක්ගේ ඔලුව චප්ප වෙන්න කළු ගලක් අත ඇරියා.මම නම් දැක්ක තැන මරණවා.ඕකුන් මහ කාලකන්නි සත්තු.පෑගුනත් ඇති අපිට කෙලිනවා.ඊට් කලින් අපි උන්ට සොට් එක දෙන්න ඕන:yes:.

    බොහොම වැරදි ආකල්පයක්. අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒකයි කොයි සතාගෙත් ජීවන ක්‍රමය. අපිට කවුරු හරි ගැහුවොත් අපි ගහපු කෙනාව මරන්නේ නෑනෙ. තමන්ගේ ජීවිතේට තර්ජනයක් ආවොත් එක්කො ඉන් බේරිලා යනවා නැත්නම් ප්‍රති ප්‍රහාර එල්ල කරනවා. කළ යුතු හොඳම දේ සතා ප්‍රකෝප නොකර ඉවසීමෙන් කටයුතු කරන එක මරන්නේ නැතිව. :no:
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Okkoma eka wage bn penne. Aduraganna ba. :( tfs.
    11+

    හිස, කඳේ දිවෙන පුල්ලි/ඉරි රටා වලින්, වර්ණයෙන් තමයි ගොඩක් වෙලාවට සර්පයින් හඳුනා ගන්න තියෙන්නේ. එහෙම බැලුවම හැමෝම එක වගේ නෑ. එකිනෙකාට වෙනස් පැහැදිලි ලක්ෂණ එකක් හරි තියෙනවා. :yes:
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,041
    2,843
    113
    මේක වටින post එකක් . දවසක් අපේ ගෙදරට අපු කළු පාට සර්පයෙක් බොහොම අමාරුවෙන් අල්ලලා බෝතලේකට දැම්ම . ඊට පස්සේ මගේ යාළුවෙක් ඉන්නවා සත්වවේදී dial එකක් . මිනිහට කිව්වා මුව කොහෙ හරි කැළෙකට අතාරින්න කියල . මිනිහත් පිනට දහමට ලැදි මනුස්සයා . ඉතින් තකහනියක් අවා සර්පයා ගෙනියන්න . බලපු ගමන් කියපි "මු ගැරඩි පැටියෙක් නේ" කියලා. මන් හිතන් හිටියේ ඌ තෙල් කරවල කියලා.

    අපේ මිනිස්සු දන්නේ නැති කමට හා බයට සැහෙන සර්පයෝ මරනවා. :baffled:
     
    Last edited:
    • Like
    Reactions: HSW

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    මේක වටින post එකක් . දවසක් අපේ ගෙදරට අපු කළු පාට සර්පයෙක් බොහොම අමාරුවෙන් අල්ලලා බෝතලේකට දැම්ම . ඊට පස්සේ මගේ යාළුවෙක් ඉන්නවා සත්වවේදී dial එකක් . මිනිහට කිව්වා මුව කොහෙ හරි කැළෙකට අතාරින්න කියල . මිනිහත් පිනට දහමට ලැදි මනුස්සයා . ඉතින් තකහනියක් අවා සර්පයා ගෙනියන්න . බලපු ගමන් කියපි "මු ගැරඩි පැටියෙක් නේ" කියලා. මන් හිතන් හිටියේ ඌ තෙල් කරවල කියලා.

    අපේ මිනිස්සු දන්නේ නැති කමට හා බයට සැහෙන සර්පයෝ මරනවා. :baffled:

    මේ ඉන්නේ ගැරඬි පැටියෙක්. පොඩි කාලෙදි කලුයි. ඉරි තියෙනවා හරහට.
    18447141_821377391347158_4138000304337504052_n.jpg
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,041
    2,843
    113
    මේ ඉන්නේ ගැරඬි පැටියෙක්. පොඩි කාලෙදි කලුයි. ඉරි තියෙනවා හරහට.
    18447141_821377391347158_4138000304337504052_n.jpg

    මේ තෙල් කරවලා, දන්නේ නැති මනුස්සයා දෙනවා shot එක ගැරඩි පැටියටත්

    19554847_10213260632413061_8078788195232598286_n.jpg
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    මල් කරවලා/ නිහළුවා

    මල් කරවලා/ නිහළුවා | මද විෂ

    20108374_456668124704460_4623197189768663217_n.jpg


    20046576_456668138037792_3831665639587462156_n.jpg


    හඳුනාගැනීම - කෙටි , සිලින්ඩරාකාර පෘෂ්ඨිමත් දේහය. ගෙලට පිටුපසින් කොරල රහිත පටි ආකාර ප්‍රදේශ දෙකක අවටු ග්‍රන්ථි ( Nuchal glands ) පිහිටයි . පැහැදිලි ගෙලක් සහ පටු වටකුරු හොම්බක් සහිත හිස . ඇස් විශාලය, වෘත්තාකාර කණිකාවක් සහිතය. කෙටි වලිගය .

    වර්ණය - උපතේදී මුළු ශරීරයම රතු පැහැයට හුරු අතර පාර්ශවිකව පිහිටන පුල්ලි සුදු පැහැතිය. පැටවුන් - පෘෂ්ඨියව අඳුරු රතු පැහැති හිස සහ ලා රතු හෝ තැඹිලි පැහැ ගෙල. ඇස හරහා දිවෙන කළු පටියකි . ශරීරය අඳුරු දම් පැහැතිය . ශරීරය දිගට කළු හරස් පටි 20ක් පමන ඇති අතර පාර්ශවිකව එම පටි තුළ තැඹිලි පැහැ පුල්ලි පිහිටයි . මෙම පටි අතර සිහින් ,අපැහැදිලි , කළු හරස් පටි ඇත . තොල් සුදු පැහැතිය . උදරීය ව පූර්ව කොටස ලා රෝස පැහැතිද අපර කොටස දම් පැහැතිද වේ. වැඩුණු සතුන්ගෙ පෘෂ්ඨියව හිස තද දුඹුරු පැහැද , ශරීරය ලා දුඹුරු පැහැද වෙ. ඇස හරහා දිවෙන කළු පටියකි. ශරීරය දිගට තද පැහැති. නමුත් අපැහැදිලි හර්ස් පටි ඇති අතර එම පටි අතර පාර්ශවිකව තැඹිලි පැහැ පුල්ලි පිහිටයි . මොවුනට පුර්ව අක්ෂි ඵලක කොරල 2ක් පිහිටීම හේතුවෙන් වඩාත් රතු පැහැයට හුරු ශරීර වර්ණයක් , හා අහරකුක්කන්ගෙන් වෙන් කොට හඳුනාගැනීමෙ ලක්ෂණ හිමි වේ.


    හැසිරීම් - දිවාචර මෙන්ම කලාතුරකින් නිශාචර හැසිරීම් ද පෙන්වයි . භෞමීය වන අතර තෙත් කොළරොඩු අතර දිවිගෙවයි. සෙමින් සංචරණය කරයි. කලබල වු විට, ශරීරය පුම්බා , පූර්ව කොටස තරමක් ඔසවා , කොරළ අතර පිහිටි තද රතු පැහැති සම විදහා දක්වයි. වරකට බිත්තර 7ක් පමණ දමයි.

    ආහාර - ගෙම්බන් හා සිකනලුන්‍. මොවුන්ගෙ පැටවුන් , තණකොල පෙත්තන් වැනි කෘමීන්ද ආහාරයට ගනී.

    විෂ - මද විෂැති වේ. ඩුවනෝයි ග්‍රන්ථියක් හා ඔපිස්තොග්ලයිපස් වර්ගයේ දළ පිහිටයි . පැය කිහිපයක් පැවතිය හැකි ඉදිමුම ,හිසරදය සහ සුළු වේදනාව.

    ව්‍යාප්ති කලාප - මෙරටට ආවේණික හා පුරාණ සම්භවයක් සහිතයි. පහතරට තෙත් කලාපයේ ,මධ්‍යම කඳුකරයේ සහ අතරමැදි කලාපයේ ස්ථාන කිහිපයකින් වාර්ථා වී ඇත. වනාන්තර ආශ්‍රිතව දිවිගෙවයි . ( කන්නෙලිය , ගාල්ල , සිංහරාජ , උඩුගම, දෙණියාය , යටියන්තොට , පේරාදෙණිය , බලංගොඩ , කුරුවිට , කෑගල්ල , පැල්මඩුල්ල , බණ්ඩාරවෙල , ඌව පතන , ලබුගම , නකල්ස් ,ඉංගිරිය , ශ්‍රීපාද)
    ( නිවැරදිව සත්ත්වයා වටහාගැනීමෙන් ඔවුන්ගේ විෂ නීර්ණය කරගැනීමෙන් සර්පයන් රැකගැනීමට දායක වන්න. ස්තූතී. )

    Pc credits - ruchira somaweera
     
    Last edited: