සිංහලු දැක්කද PS3 වලට විතරක් රිලීස් උනු ගේම් දෙකක් උනු Call of duty black ops 1, and Call of duty black ops 2 ගේම් දෙක PS4, PS5 වලට පෝට් කරලා දීලා තියනවා
Black ops ගේම් වලින් හොඳම ගේම් දෙකක් වෙලා තිබුනු මේක PS3 වලට විතරයි රිලීස් කරලා තිබුනෙ, PS4/5 වලට කවදාවත් රිලීස් කරේ නැහැ
එක සැරේම මේ දෙක රිලීස් කරලා තියනවා. PS5 store එකේ. මේක remaster කරලා නැහැ පරන ගේම් එකම අලුත් කන්සෝල් වලට පෝට් කරලා තියෙන්නෙ. ඒක නිසා ග්‍රැෆික් එහෙම පරන ග්‍රැෆික් තියෙන්නෙ
ඒ උනාට ගේම් දෙක සුපිරි
BO1 එකේ shooting experince එක අලුත් ගේම් වලත් නැහැ
ඒ වෙපන් වල පට්ට satisfaction එකක් තියෙන්නෙ shoot කරද්දි
නෝමල් ප්‍රයිස් එක එක ගේම් එකක් $39.99 ට තියෙන්නෙ. Season pass දෙකක් තියනවා ඒකකුත් $29ක් වෙනවා, හැබැයි PS Plus එක තියේ නං ගේම් එකටයි season pass එකටයි 50% off වෙනවා,
ඒක නිසා ගන්නවා නං $11ක් දීලා මාසෙකට PS Plus Essential එක අරගෙන, ගේම් දෙකම ගන්න එක ලාබයි. (Season pass එක ගත්තත් නැතත්)
තව WW2 එකටත් ඔෆර් එකක් යනවා $14ට
පරණ ගේම් වලට ආස නං ඔය ගේම් තුනම $60ට වගේ ගන්න පුලුවන්
දැන් PS5 එකට අඩුවකට තියෙන්නෙ OG MW3 සහ World at War විතරයි. ඒකත් ආවා නං සේරම COD වල හොඳ ගේම් ටික PS5 එකේ ප්ලේ කරන්න පුලුවන්. ඔය දෙකෙනුත් OG MW3 එක ආවා නං මට ඇති.
XBox සිංහලුන්ට නං මේක අදාල නැහැ මොකද XBox store එකේ මේ ගේම් සේරම තියනවා. console එක backward competible නිසා. අලුත් කන්සෝල් වලත් මේ පරන ගේම් ටික ගහන්න පුලුවන්