PVT LTD Vs. Holdings වෙනස

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Enterprise / Holdings kiyanna kisima legal foundation ekak nah sole unath enterprise holdings kiyanna puluwn habei PVT Ltd PLC kiyana terms legally define karala thiyanawa companies act eken

    ex: King CM Holdings / King CM Enterprise ->mehema use karanna puluwan kisima prashnayak nah
    King CM (PVT)Ltd / King CM PLC ->mehema use karanna bah sole kenekta mekata aniwaryen company registrar eke register wenna oni (King CM saha King CM PVT Ltd kiyana dennek vdhata legally treat karanne)

    Holdings kiyanne api normally companies kipayak ekathu wela parent kenek iddi habei ehemai kiyala thani company ekakata unath (sole) use karanna aulk nah

    ex: John Keells Holdings PLC (JKH) kiyanne lokuma comapny ekak companies 70k haduna.. register name eka JKH unata e aya dn introduce karanne most diversified conglomerate in SL kiyala.. Conglomerate ekak wenna share capital eken 13-15% e company eka represent wenna ona anika sector revenue contribution eka 7% wenna ona mulu group ekema turnover eken (Retails / Aviation / Leisure / Banking / stock brokering / logistics / Plantation / IT / Property)

    Thank මචන්...සුපිරි පැහැදිලි කිරීමක්...:):)
     

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    සනෝජ්_තරංග;22513032 said:
    මට පොඩි දෙයක් දැනගන්න ඕන !


    Company Name PVT Ltd.

    Company Name Enterprises.

    Company Name Holdings.

    1. මේ වගේ PVT Ltd / Enterprises / Holdings කියන එව්වා වල තේරුම් මොනවද ?
    2. මේ වලින් ඉවර වෙන ව්‍යාපාර වල වෙනස මොකක්ද ?

    Enterprises හෝ Holdings කියන වචන තිබු පමණින් වියාපාරයක් සමාගමක් වෙන්නේ නැහැ. ඒවා තවත් නම් දෙකක් විතරයි. නීතිමය නිර්වචනයක් නැහැ. Enterprises / Holdings කියල තනි පුද්ගල හෝ හවුල් වියපරයක්ට වුනත් පාවිච්චි කරන්න නීතිමය බාදාවක් නැහැ. හැබැයි Holding කියන වචනය පාවිච්චි කරන සමාගම් බොහෝවිට මව් සමාගම හැටියට කටයුතු කරනවා. එකියන්නේ එම සමාගම කොටස් හිමි කරුවා හැටියට ඉන්න තවත් සමාගම් තියෙනවා (subsidiary සමාගම් හැටියට). තවත් සමහර වෙලාවට Holding සමාගමට subsidiary සමාගම් වල ආයෝජනය ඇරුනම වෙනත් වියපර කටයුත්තක නියැලෙන්නේ නැහැ.

    3. අපි සමාගම් මැදුරට ගිහින් සමාගමක් Register කරන කොට මේකෙන් මොකක්ද ලැබෙන්නේ ?
    සමාගම් මැදුරට Enterprises / Holdings කියන්නේ තවත් වචන දෙකක් විතරයි. සමාගම් මැදුරට වඩා වැදගත් වෙන්නේ සමාගම් පනතේ තියෙන සමාගම් වර්ග වලින් මොන වර්ගයට අනුව රෙගිස්ටෙර් කරනවද කියන එක තමයි.

    4.සහ මේ වගේ PVT LTD වගේ ව්‍යාපාර සහ තනි පුද්ගල ව්‍යාපාර [ අපි ඔය AG Office එකට ගිහින් Register කරන එව්වා ] අතර වෙනස මොකක්ද ? වාසි අවාසි මොනවද ?

    මුලිකවම නම් වගකීම තමයි. තනි පුද්ගල/හවුල් වියපර වල වගකීම අසීමිතයි. සමාගම් වල වගකීම සාමාන්‍යයෙන් යෙදවූ ප්රාග්දනයෙන් සීමිතයි. උදාහරණයක් හැටියට ඔය රු.ලක්ෂයක් දාල වියපාරයක් පටන් අරගෙනෙ අන්තිමට පාඩු වෙලා නැවැත්තුවා කියල හිතන්න. ඒවගේම නවත්තන වෙලාවේ රු. ලක්ෂ 2ක් ඔයාගේ සැපයුම් කරුවන්ට නය තිබුන කියල හිතන්න. ඔයා තනි පුද්ගල/හවුල් වියපරයක් නම් ඔයාගේ පුද්ගලික දීපලක් හරි විකුණලා අර ලක්ෂ 2 ගෙවන්න වෙනවා. හැබැයි ඔය සමාගමක් නම් ඔයාට ගෙවන්න වෙන්නේ උපරිම ලක්ෂයි (හැබැයි මේක ඔය කියන තරම්ම සරල නැහැ, අද්යක්ෂක වරු කිසියම් අක්‍රමිකතාවක් කරලා තියෙනවනම් පුද්ගලික දේපළ වලින් ගෙවන්න වෙන්න පුළුවන්)
     
    • Like
    Reactions: tclanki