PWM මොඩියුල් එකකට සෝලා නැතුව ලැප්ටොප් චාජර් එකකින් කරන්ට් එක දීලා 12V බැටරි එකක් චාජ් කරගන්න පුලුවන්ද? (35A වගේ බැටරි එකක්)
දීර්ඝ කාලීන වැඩකට නෙමෙයි ටික කාලෙකට.
මේ වැඩේ කරලා බලපු කවුරු හරි ඉන්නවද, වැඩේ සාර්ථකද? අල වෙනවද?
අනිවා අල වෙනවා. PWM නෙවෙයි කොටින්ම හරි හමන් 150Hz buck converter එකකින් දුන්නත් එච්චරයි. තාවකාලිකව පාවිච්චියක් ගන්න පුළුවන් හැබැයි බැටරිය විනාසම වෙනවා.
Daraz එකෙන් අඩු කුලේ 2A චාජරයක් ගෙන්න ගනින් බං. රුපියල් 2000 වගේ වෙන්නෙ. 35Ah නෙවෙයි 7Ah ඉඳන් 60Ah විතර වෙනකල් සුපිරියටම වැඩ. අනික අපිට බලන්න දේකුත් නෑනෙ. ගහල තියල නිකන් හිටියාම වැඩේ ලස්සනට වෙනවා.
උඹට PWM කරන්ඩම ඕන නම් අඩුම ගාණෙ Voltage, Current sensor එකක් එක්ක මොකක් හරි microcontroller එකක්වත් දාලා, Lead Acid cycle එකට ගැළපෙන විදිහට හදා ගන්න බලහන්. මුලින් 14.4V දිගටම යන්න ඕන. Current එක battery එකට ඕන ගාණට regulate වෙන්න ඕන. ඊට පස්සෙ 13.7V absorption එක. මේකෙදි current එක ඔහේ ගියොත් බැටරිය විනාසම විනාසයි. Voltage එක constant තියාගෙන current එක curve එකක් විදිහට අඩු කරගෙන යන්න ඕන. මේවට නම් programs AI දාල ලියා ගන්න පුළුවන්.
නිකන්ම කරන්න ඕනම නම්, වැඩි වැඩ බැහැම නම් හොඳම දේ තමයි Absorption cycle එකට යන්ඩම එපා. Battery එකට 13.6V දීපන්. Laptop charger එකේ current limit කරනවනෙ කොහොමත්. එ‍්ක නිසා shape. Battery එක 70% වගේ charge වෙයි. Full නම් වෙන් නෑ හැබැයි use කරන්න පුළුවන්. අායෙ 11.8V වෙනකල් විතරක් power ගනින්. Absorption එකට නොයා මේ වගේ 70%-50% අතර විතරක් පාවිච්චි කරනවා නම් ලොකු අවුලක් නැති වෙයි.
ඔච්චර නහින් නැතිව මේ වගේ චාජරයක් ගනින් මම නම් කියන්නෙ. හිතට පට්ටම නිදහස්. අනික මේවා pulse charging තියෙන නිසා අහක දාල තියෙන dead battery එකක් වුණත් පණ ගහල ගන්න පුළුවන්. මම අහක දාල තිබ්බ UPS battery එකක් හදල අරන් phone charge කරන්න, light දාගන්න එහෙම තියාගෙන ඉන්නවා. XL6019 කට ගහල cigarette lighter charger එකකට දුන්නම 4V වගේ වෙනකල්ම 12V දෙනවා. අර කරන්ට් නැති දවස් ටිකේ පට්ටම ප්‍රයෝජනයක් වුණා.