දැන් අපි පිළිගන්න ඕන ශ්‍රී ලංකා පොලිසියේ නිල මාද්‍ය ප්‍රකාශයද ? මහින්දානන්ද ඇමති තුමා කියන දේ ද ?
මහින්දානන්ද ඇමති තුමා කියන විදියට දුරකථන ඇමතුම් 121000 කියන්නේ එක දුරකථන ඇමතුමක් සඳහා විනාඩි 5ක් ගතවෙලා තිබුනොත් ඒ කියන්නේ විනාඩි 605000 ඒ කියන්නේ පැය 10083ක් , රංජන් නොකා නොබී නිදාගන්නේ වත් නැතුව මහින්දානන්ද ඇමති තුමා කියන විදියට දුරකථන ඇමතුම් ගත්තා නම් දවස් 420ක් , එක දුරකථන ඇමතුමක් සඳහා විනාඩි 10ක් ගතවෙලා තිබුනොත් ඒ කියන්නේ දවස් 840ක්
විනාඩි 10 බැගින් වන ඇමතුම් දිනකට එක දිගට පැය 12ක් ගත්තා කියලා සැලකුවොත් දවස් 1680 ක් ඇමතුම් අරගෙන තියෙනවා , උදේ 7 සිට සවස 7 දක්වා ඇමතුම් ගත්තා කියලා හිතුවොත් අසන්න වශයෙන් පහුගිය ආණ්ඩු කාලය පුරාම දිනපතා ම උදේ 7 සිට සවස 7 දක්වාම රන්ජන් කරලා තියෙන්නේ මේ ඇමතුම් ගත්ත එක විතරද ?