10. ස්ටීවන් ස්මිත් – ඕස්ට්‍රේලියාව
වසරකට උපයන මුදල – ඇමරිකානු ඩොලර් මිලියන 2.5 (රු. මිලියන 400කට ආසන්නයි)
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක 28 හැවිරිදි ස්ටීවන් ස්මිත් තමයි වැඩිම ආදායම් ලබන ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් 10 වැනි ස්ථානයේ පසුවෙන්නෙ. ටෙස්ට් තරඟ 54කට ක්‍රීඩා කරල ලකුණු 5000කට ඉහලින් රැස් කරගෙන ඉන්න ස්ටීවන් ස්මිත්ගේ ලකුණු සාමාන්‍යය 61ක් වගේ ඉහල අගයක් ගන්නවා. 2016 අවුරුද්දෙ IPL වලදි “රයිසින්ග් පූනේ සුපර් ජයන්ට්ස්” කණ්ඩායම විසින් ස්මිත්ව ඇමරිකානු ඩොලර් ලක්ෂ 6කට මිලදී ගැනීමත් ස්මිත්ගේ ආදායම ඉහල දාන්න එක හේතුවක් වෙලා තියනව.
9. ගෞතම් ගම්භීර් – ඉන්දියාව

ටිකක් පුදුමත් හිතෙනව නේද? ගම්භීර්ව මේ ලිස්ට් එකේ දැක්කහම. IPL කියන සාධකය වර්තමානයේ ක්‍රීඩකයන්ගෙ ආර්ථිකයට කොච්චර බලපෑමක් කරල තියනවද කියල හිතන්න හොඳම උදාහරණයක් තමයි ගම්භීර් කියන්නෙ. 2016න් පස්සෙ ටෙස්ට් තරඟයක්වත්, 2013න් පස්සෙ එක්දින තරඟයක්වත් ක්‍රීඩා කරල නැති ගම්භීර් සම්පූර්ණ ආදායම ලබන්නෙ IPL සහ වෙනත් අනුග්‍රාහක ගිවිසුම් හරහා තමයි. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තැනක් නැති වුනත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායකයා තරම්ම ආදායම් ලබන්න ගම්භීර්ට හැකියාව ලැබිල තියනව.
8. යුව්රාජ් සිං – ඉන්දියාව
වසරකට උපයන මුදල – ඇමරිකානු ඩොලර් මිලියන 3.8 (රු. මිලියන 600කට ආසන්නයි)
2014 විස්සයි විස්ස කුසලානෙන් පස්සෙ ලංකාවෙ අපෙත් ප්‍රියතම ක්‍රීඩකයෙක් බවට පත්වෙච්ච යුව්රාජ් සිංග් තමයි අටවැන්නා. කාලයක් ක්‍රිකට් ලෝකයේ අංක එකේ ප්‍රහාරකයෙක් සහ තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන ක්‍රීඩකයෙක් වෙලා හිටපු යුව්රාජ් දැන් ඉස්සර තරම්ම භයානක ක්‍රීඩකයෙක් නොවුනත් ඔහු තවමත් ඉන්දීය කණ්ඩායමේ රැඳී ඉන්න සමත් වෙලා තියනවා. IPL තරඟාවලි වලදි ඉහලම මිල ගණන් වලට වෙන්දේසි වුන යුව්රාජ්ව 2016 අවුරුද්දේදි සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් මිලදී ගන්නේ ඉන්දීය රුපියල් කෝටි 7කට.
7. මිචෙල් ස්ටාර්ක් – ඕස්ට්‍රේලියාව
වසරකට උපයන මුදල – ඇමරිකානු ඩොලර් මිලියන 4 (රු. මිලියන 600+)
ලෝකයේ වැඩිම ආදායම් ලබන ක්‍රිකට් ක්‍රීඩකයො අතර පන්දු යවන්නන්ට ඒ තරම් තැනක් හිමි වෙලා නැතිය කියල මේ ලැයිස්තුව කියවගෙන යද්දි ඔයාලට වැටහේවි. සමහරවිට මේ වෙද්දි සල්ලි උල්පත් මවන විස්සයි විස්ස තරඟාවලි වලදි පිතිකරුවන්ට වැඩි වටිනාකමක් දීල තියන නිසා වෙන්න පුලුවන්. ඒ කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෙක් වන මිචෙල් ස්ටාක් මේ පිතිකරු ලැයිස්තුව අතරට පන්දු යවන්නෙක් හැටියට රිංගන්න සමත් වෙලා තියනවා. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සහ වෙනත් විස්සයි විස්ස තරඟාවලි වලට ක්‍රීඩා කිරීමෙන් ස්ටාක් උපයන මුදල ඩොලර් මිලියන 4කට ආසන්න බවක් පැවසෙනවා.
6. ඩේවිඩ් වෝර්නර් – ඕස්ට්‍රේලියාව
වසරකට උපයන මුදල – ඇමරිකානු ඩොලර් මිලියන 5.5 (රු. මිලියන 800+)
ප්‍රවේගකාරී ඕස්ට්‍රේලියානු වමත් පිතිකරු ඩේවිඩ් වෝනර් කියන්නෙ IPL වලටත් නැතිවම බැරි ක්‍රීඩකයෙක්. මේ වෙද්දි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ක්‍රීඩාකරන වෝනර් එහි නායකත්වයත් උසුලනවා. මේ වසරේ IPL තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වුනෙත් වෝනර් තමයි. 2014 අවුරුද්දේ IPL වෙන්දේසියෙදි වෝනර් අලෙවි වන්නේ ඩොලර් ලක්ෂ 9කට ආසන්න ඉහල මුදලකටයි.වසරකට උපයන මුදල – ඇමරිකානු ඩොලර් මිලියන 5.5 (රු. මිලියන 800+)
5. ඒබී ඩිවිලියර්ස් – දකුණු අප්‍රිකාව

වැඩිම ආදායම් උපයන ක්‍රිකට් ක්‍රීඩකයින් ලැයිස්තුවේ පස්වැනි ස්ථානය උසුලන්නේ දකුණු අප්‍රිකානු නායක, විශිෂ්ට පිතිකරු ඒබී ඩි විලියර්ස් විසිනුයි. මේ ලැයිස්තුවේ ඉහල ස්ථාන අත්පත් කරගෙන සිටින ඉන්දීය නායක විරාත් කෝලි සහ කොදෙවු ක්‍රීඩක ක්‍රිස් ගේල් වගේම ඩිවිලියර්සුත් ක්‍රීඩා කරන්නේ බැංගලෝර් රෝයල් වැලෙන්ජර්ස් IPL කණ්ඩායමටයි. දකුණු අප්‍රිකාවට සහ IPL වලට ක්‍රීඩා කිරීමෙන් ඩිවිලියර්ස් උපයන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 4ක් පමණ වෙනවා.
4. රෝහිත් ශර්මා – ඉන්දියාව
වසරකට උපයන මුදල – ඇමරිකානු ඩොලර් මිලියන 6 (රු. මිලියන 900+)
ඉන්දීය කණ්ඩායමටත්, මුම්බායි ඉන්දියන්ස් IPL කණ්ඩායමටත් නැතිවම බැරි ක්‍රීඩකයෙන් වන රෝහිත් ශර්මා තමයි අංක හතරෙ රැඳී ඉන්නෙ. IPL තරඟාවලියේදී මුලින්ම “ඩෙකෑන් චාජර්ස්” කණ්ඩායමට ක්‍රීඩා කල ශර්මාව 2011 වෙන්දේසියේදී මුම්බායි කණ්ඩායම විසින් මිලදී ගනු ලබන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 2ක් වැනි දැවැන්ත මුදලකටයි. මේ වන විට රෝහිත් ශර්මා මුම්බායි පිලේ නායකත්වයද උසුලනවා.
3. ක්‍රිස් ගේල් – බටහිර ඉන්දීය කොදෙවු
වසරකට උපයන මුදල – ඇමරිකානු ඩොලර් මිලියන 7.5 (රු. මිලියන 1100+)
විස්සයි විස්ස පිටියට නැතුවම බැරි ක්‍රීඩකයෙක් වන ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමට වැඩිපුර ක්‍රීඩා කරනවා නොපෙනුනත්, ලෝකයේ ප්‍රධාන පෙළේ විස්සයි විස්ස තරඟාවලි බොහොමයක ගේල්ගේ දස්කම් අපිට බලාගන්න හැකියාව තිබෙනවා. මේ තරඟාවලි වලට සහභාගි වෙලා ගේල් උපයන මුදල වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 4.5ක් පමණ වන බවයි සඳහන් වන්නේ. ඊට අමතරව විවිධ අනුග්‍රාහක ගිවිසුම් හරහා ගේල් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 3ක පමණ මුදලක් උපයන බව සැලයි.
2. මහේන්ද්‍ර සිං දෝනි – ඉන්දියාව
වසරකට උපයන මුදල – ඇමරිකානු ඩොලර් මිලියන 19.7 (රු. මිලියන 3000+)
මහේන්ද්‍ර සිං දෝනි කියන්නේ වසර ගණනාවක් පිට පිටම ලෝකයේ ඉහලම ආදායම් ලාභී ක්‍රිකට් ක්‍රීඩකයා හැටියට වැජඹුන, ධනවත්ම ක්‍රීඩකයන් තෝරන ෆෝර්බ්ස් ලයිස්තුවටත් කිහිප වරක්ම ඇතුළත් වුණ ක්‍රීඩකයෙක්. නමුත් ඉන්දීය කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමත් එක්කම දෝනි මේ ධනවත් ලැයිස්තුවෙන් ටිකක් විතර පල්ලම් බැහැල තියනවා. වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 20ක විතර ආදායමක් ලබන දෝනි රීබොක්, එයාර්සෙල්, සෝනි වැනි ජනප්‍රිය වෙළඳ නාම රැසකම සන්නාම ප්‍රවර්ධකයෙක් හැටියටත් කටයුතු කරල තියනව. ඉන්දියානු පාපන්දු සුපර් ලීග් එකේ Chennaiyin FC පාපන්දු කණ්ඩායමේ සම හිමිකරු වන්නේත් එම්. එස් දෝනි තමයි.
1. විරාත් කෝලි – ඉන්දියාව
වසරකට උපයන මුදල – ඇමරිකානු ඩොලර් මිලියන 22-26 අතර (රු. මිලියන 3300+)
වර්තමාන ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි තමයි මේ වෙද්දි ලෝකයේ වසරකට වැඩිම ආදායම් උපයන ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ. පහුගිය අවුරුද්ද විතර වෙනකම් මේ ස්ථානයේ හිටපු මහේන්ද්‍ර සිං දෝනිව දෙවැනි තැනට දාල තමයි විරාත් 1වන ස්ථානයට එන්නෙ. විරාත් වාර්ෂිකව උපයන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 22 – 26 අතර වන බවක් තමයි දැනගන්නට ලැබෙන්නෙ. ප්‍රථම වරට ලෝකයේ වැඩිම ආදායම් ලාභී ක්‍රීඩකයන් 100 දෙනාගෙ ෆෝර්බ්ස් ලැයිස්තුවට ඇතුළත් වෙන්නටත් මේ වසරේදී කෝලිට අවස්ථාව ලැබුණ. කෝලිට හිමි වුනේ එහි 89 වැනි ස්ථානයයි. ඉන්දීය කණ්ඩායමට සහ IPL හි රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමෙන් උපයන මුදලට අමතරව අනුග්‍රාහක ගිවිසුම් හරහාත් විරාත් කෝලි ඉතාම ඉහල ආදායමක් ලබනව. මෑතකදී PUMA සමාගම එක්ක ඉන්දීය රුපියල් කෝටි 100ක් වටිනා ගිවිසුමකට ඇතුලත් වෙන්නටද කෝලිට හැකියාව ලැබුණා.
Sadly there's no SL players
if this was informative consider a rep+

Last edited: