යන්තම් හරි මොලයක් තියන කෙනෙකුට අන්තර් ජාලයට ගොසින් හොයා ගන්න පුලුවන් එයාර් බෑග් සෙන්සර් එක හොයා ගත්තේ කවුද කියල.
මුලින්ම ඇලන් බ්‍රීඩ් කියන පුද්ගලය තමයි 1968 දි එයාර් බෑග් සෙන්සර් එක සොයා ගෙන ඒ සඳහා පේටන්ට් එකක් ලබා ගන්නේ . එහි නොම්මරය ( US # 5071161 )
මින් පසු එහි යම් යම් වෙනස් කම් සොයාගැනීම සඳහා කිහිපදෙනෙකුම පෙටන්ට් බලපත්‍ර ලබාගෙන තිබෙනවා
ඒ අතර 'පල්ලේවත්ත ගමරාලාගේ රොහාන්' කියන ලාංකිකයෙකුගෙ නම නම් නැහැ.
දැන් මෙන්න තවත් ප්‍රවෘතියක්.
2017 පෙබරවාරි මාසයේ ජපානයේ ටොයටා සමාගම සඳහා එයර් බෑග් සෙන්සර් හදන උප කොන්ත්‍රාත් ( SUB CONTRACTOR ) සමාගමක් වන හර්නස් කියන සමාගමේ ලංකාවේ කලමණාකාර අධ්‍යක්ෂක වන රොහාන් පල්ලේවත්ත ඩේලි මිරර් පත්තරයට කියනවා අපි හදන එයාර් බෑග් සෙන්සර් සඳහා පේටන්ට් එක තියන සමාගම මිලදී ගන්න අපි උත්සාහ කරවා කියලා. එතකොට පේටන්ට් එකේ අයිතියත් හාර්නස් සමාගමට ලැබෙන නිසා ඉස්සරහට ව්‍යාපාර වලට හොඳයි කියලා.
මේ කියන්නේ එයාර් බෑග් සෙන්සර් ඒක හොයා ගත්ත නිසා ජනාධිපති කමට සුදුසුයි කියල අපේ සමහර බූරු වහන්සේලා විස්වාස කරන කෝටි පති ව්‍යාපාරික මහත්තයා. ඒ කියන්නේ රොහාන් පල්ලේවත්ත එයාර් බෑග් සෙන්සර් එක තමුන් හොයාගත්ත කියල රට වටේ යමින් කියන්නේ තමුන්ගේ මාමා සිරිසේන ජාතියේම පට්ටපල් බොරුවක්
හෝව් හෝව් තව පොඩි කාරණයක් 2002 ලංකා හර්නස් කියන කොම්පැනිය ලංකාවේ පටන් ගත්තේ ජපන් ජාතිකයෙක්. රොහාන් පල්ලේ වත්ත කියල ජපන් බාසාව කතා කරන්න පුලුවන් තරුණයෙක්ව එහි රස්සාවට ගත්තා.අද ඔහු එහි කලමණාකාර අධ්‍යක්ෂයක. හැබැයි අපි දන්න තරමටනම් කලමණාකාර අධ්‍යක්ෂයක කියන්නෙත් තවත් එක රස්සාවක් පමනයි. අයිතිකරු නොමෙයි.
ඉතිං කමක් නැහැ එදා 'පල්ලෙ වත්තේ ගමරාලලාගේ සිරිසේනට' අහු වෙච්ච කට්ටිය හෙට ඔහුගේ ඥාති සොහොයුරු 'පල්ලෙ වත්තේ ගමරාලලාගේ රොහාන්ට' අහුවෙන එක දෙයියන්නාන්සෙටවත් වලක්වන්න පුලුවන් දෙයක් නෙමෙයි.