Rwanda wata Volkswagen gihin lu

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    කුලියාපිටියට නෑවිත් රුවන්ඩා ගිය වොක්ස්වැගන්



    Volkswagen-Rwenda__1532948221_58.153.204.229.jpg

    යුරෝපයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන වොක්ස්වැගන්, සිය නවතම මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව පසුගිය ජූනි 27 වැනි දා රුවන්ඩා වේ කිගාලි අගනුවර ආරම්භ කරන ලදී. ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ආයෝජන ව්‍යාපෘතියක් වන මෙමගින් නව රැකියා 1,000 ක් බිහි වන බව සඳහන් වේ.

    ආරම්භයේ දී මෙම කර්මාන්තශාලාවෙන් Volkswagen Polo මෝටර් රථ 5,000 ක් වාර්ෂිකව එකලස් කිරීමට සැලසුම් කර ඇති අතර අනතුරුව Passat, Tiguan, Amarok සහTeramont යනාදී මෝටර් රථ ද නිපදවීමට මේ වන විට සැලසුම් කර තිබේ.

    මාධ්‍යවේදිනියක, ලේඛිකාවක වන නීතිඥ රදිකා ගුණරත්න විසින් මේ සම්බන්ධයෙන් තබන ලද දීර්ඝ සටහනක් මේ දිනවල ෆේස්බුක් හරහා හුවමාරු වෙමින් පවතී. පහත දැක්වෙන්නේ, ජර්මනියේ වොක්ස්වැගන් කම්හල, රුවන්ඩාවේ කිගාලි අගනුවර වෙත ගිය ගමන ඇතුළුව තවත් ආනුශංගික කරුණු රැසකින් සමන්විත එම ලිපියයි. ඇය මෙම ලිපිය ආරම්භ කර ඇත්තේ “රුවන්ඩාවෙන් ඉගෙන ගනිමු“ යනුවෙනි.

    ඡායාරූපයෙන් දැක්වෙන්නේ කිගාලි අගනුවර පිහිටි වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව පිටතට පෙනෙන ආකාරයයි. මෙය 2018 ජූනි 27 දින රොයිටර් පුවත් සේවයේ Clement Uwiringiyimana විසින් ගන්නා ලද ඡායාරූපයකි.




    :lol::rofl:
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    රුවන්ඩාවෙන් ඉගෙන ගනිමු...


    රුවන්ඩාවට වොක්ස්වගන් (Volkswagen) කම්හල ගිය හැටි...!



    රුවන්ඩාවට වොක්ස්වගන් කම්හල ගිය හැටි පිළීබඳ කතාව වත්මන් රුවන්ඩාව ජනපති පොල් කගාමි ගේ නායකත්වය යටතේ රුවන්ඩාව යන ගමන පිළිබඳ සාක්ෂියකි.

    රුවන්ඩාව ලෝකයේ දුප්පත්ම රටවල් 50 න් එකකි. එසේම ත්‍රීරෝද රථ ගණනටම මෝටර් රථ තිබෙන ලංකාව මෙන් නොව, රුවන්ඩාවේ මෝටර් රථ හිමිකරුවන් ගණන ද ඉතා අල්ප ය. නමුත් පසුගිය ජූනි මාසයේ රුවන්ඩාවේ ආරම්භ කළ ප්‍රථම වොක්ස්වැගන් කම්හල මේ වන විට ඉතා හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබේ.

    යුරෝපයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන වොක්ස්වැගන්, සිය අලුත්ම කම්හල පිහිටුවීම සඳහා කිසිදු පැකිළීමකින් තොරව තෝරාගත්තේ රුවන්ඩාවේ කිගාලි අගනුවරයි.

    මෙම ජර්මානු මෝටර් රථ සමාගමේ අලුත්ම රුවන්ඩා එකලස් කිරීම වන්නේ Polo ය. පළමු අදියරේදී එම වර්ගයේ කාර් 5000 ක් එකලස් කිරීමට යෝජිත ය. ඒ හැරුණු විට Passat, Tiguan, Amarok සහTeramont වර්ගයේ මෝටර් රථ ද එහිදී නිපදවෙනු ඇති.

    ඒ සඳහා අමුද්‍රව්‍ය වශයෙන් යොදාගන්නේ කෙන්යාව හරහා දකුණු අප්‍රිකාවේ සිට රුවන්ඩාව වෙත නැව්ගත කරනු ලබන මෝටර් රථ කොටස් හා අමුද්‍රව්‍යයන් ය. එය ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ආයෝජනයකි. රැකියා 1000 ක් මේ පළමු අදියරේදී උත්පාදනය වේ.

    රුවන්ඩාව ජීවත් කරවීමට නම් වසරකට ඇමරිකානු ඩොලර් බිලියනයක විදේශ ආධාර අවශ්‍ය ය. රුවන්ඩාවේ ජනගහනය මිලියන 12 කි. ඒ අතරින් මෝටර් රථයක් හිමි අය සිටිනුයේ මුළු රටටම ලක්ෂ 2 ක් පමණකි. මෙම මෝටර් රථවලින් ද වැඩි කොටස සෙකන්ඩ් හෑන්ඩ් ජපන් කාර් ය. නමුත් ඒ තත්වය ඉදිරියේදී වෙනස් වනු ඇත.

    2015 මහ මැතිවරණ සමයේදී ලංකාවේ කුලියාපිටිය ප්‍රදේශයට වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ගෙන එන බවට දේශපාලකයන් ගැසූ කයිවාරු ඔබට මතක ඇති. නමුත් එය අවසානයේ ගියේ කුලියාපිටියට නොව කිගාලියට ය.

    රුවන්ඩාව සැබවින්ම අපට වඩා ගව් ගණනක් ඉදිරියෙනි. අද වන විට රුවන්ඩාව අප්‍රිකාවේ ඩිජිටල් විප්ලවයේ පෙර ගමන්කරුවෙකි. පොදු බස් රථ, රෝහල්, ටැක්සි රථගාල්වල පවා ෆ්‍රී වයිෆයි තිබේ. කොරියා ටෙලිකොම් සමාගමේ හවුල්කාරිත්වය යටතේ ජනගහනයෙන් 95%කට 4G පහසුකම් ලබාදීමට සැලසුම් කර තිබේ. ඔබට රුවන්ඩාවේ දී දින 2 කින් සියලු නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කර, ව්‍යාපාරයක් ආරම්භ කළ හැක. ෆිච් ශ්‍රේණිගත කිරීම්වලට අනුව රුවන්ඩාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබමින් සිටින රටකි. රුවන්ඩාවේ ජනගහනයෙන් 90%කට වඩා සෞඛ්‍ය රක්ෂණ තිබේ.

    රුවන්ඩාවේ මිලියන 12 ක ජනගහනයෙන් මිලියන 1ක්ම 2006-2011 අතර කාලයේදී දුප්පත්කම පිටුදැක ඇත. ඒ සඳහා ගෘහ කේන්ද්‍රීය සංවර්ධන විසඳුම් ඔවුන් විසින් හඳුන්වා දෙනු ලැබිණි. Girinka වැඩසටහන එයින් එකකි. මේ යටතේ රටේ සෑම දුප්පත් පවුලකටම එළදෙනක් ලබාදුන්නේ කෘෂිකාර්මික කටයුතුවල පහසුව සඳහා පමණක් නොව ඔවුන්ගේ මන්දපෝෂණ අවදානම ද දුරලීම සඳහා ය. කුඩා ව්‍යාපාර අවස්ථා ද ඒ අනුව ජනනය විණි. 2007 වසරේදී රුවන්ඩාව ප්ලාස්ටික් බෑග් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළ පළමු රට බවට පත්විය. ලෝකයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී වෙනස්කම් අවම රටවල් අතරින් රුවන්ඩාව පුරා වර්ෂ ගණනක් තිස්සේ පසුවන්නේ මුල් දස දෙනා අතර ය.

    සෑම මාසයකම අවසන් සෙනසුරාදා රුවන්ඩා වැසියෝ සිය ජනාධිපතිවරයා ද සමග ‘උමුගන්ඩා‘ දිනය සමරති. එය වනාහී ජාතික ප්‍රජා සේවා දිනයයි. රුවන්ඩා වැසියන් එදිනට ස්වෙච්ඡාවෙන් රජයේ ගොඩනැගිලිවල ඉදිකිරීමේ කටයුතුවලට සහාය දෙති. කෘෂිකර්මයට රුකුල් දෙන තෙත් බිම් ශුද්ධ පවිත්‍ර කර ගනිති. සිය නගර සහ ගම් පිරිසිදු කර ගනිති. මේ වන විට කිගාලි අගනුවර සැලකෙන්නේ ලෝකයේ පිරිසිදුම නගරයක් ලෙස ය.

    මේ බොහෝ ජයග්‍රහණවල පෙර ගමන්කරුවා ජනපති පෝල් කගාමේ (Paul Kagame) ය. ‘‘වොක්ස්වැගන් කම්හල රුවන්ඩාව ආර්ථික ප්‍රතිසංස්කරණ වෙත යන ගමනේ අලුත් පරිච්ඡේදයක්‘ බව ඔහු කීවේය.

    පෝල් කගාමි භාරගත්තේ 90 දශකයේදී ටුට්සි – හුටූ සංහාරවලින් ලක්ෂ 8 ක් පිරිමින් කැති ගෑ දේශයකි. මේ රටේ පිරිමින් හිඟ ය. රටේ ශ්‍රම බලකායෙන් 86% ක් කාන්තාවන් ය. අද දිනය වන විට රුවන්ඩාව හැඳින්වෙන්නේ ‘අප්‍රිකාවේ සිංගප්පූරුව‘ යනුවෙනි. එදා සිංගප්පූරුවේ නිර්මාතෘවරුන් සුද්දා දමා ගිය ලංකාව පෙන්නා, ‘මේ තිබෙන්නේ ආසියාවේ මීළඟ ආශ්චර්යය‘ යැයි කීවේය. පසුකලෙක මේ යෙදුම ලංකා දේශපාලනයේ ප්‍රහසනයක් බවට පත්වෙද්දී රුවන්ඩාව දැන් අප්‍රිකාවේ නියම ආශ්චර්යය බවට පත් වෙමින් තිබේ.
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Lankawata oka awath ape un ruwandawe wage adu padiyata wada karanna kamathi wena ekak naha. Ewagema mase gane strike thiyei.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,178
    13,050
    113
    33
    ෆින්ලන්ඩ්
    Lankawe anith fields walath goduk manawa shrmaya(labor force) aewa bangaladesh , kenya wage den yanawa bun.

    Ape rate den labor force adui. and ganun.. Issara wage den minissu 15 -20 ta weda karanna aenne nehe. apith aehema ne...
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වොක්ස්වැගන් නෙමෙයි උඹේ ගෙදර වැඩේට මොකද උනේ?
    අරූ එක්ක සෙට්ල් උනාද?
    නැත්නම් පොලීසි ගියාද?
    උගේ නම හරි දාපන් තව එකෙක් හරි බේරෙන්න,
    උඹ ත්‍රෙඩ් එක දාලා දැන් සද්ද නැහැ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වොක්සාවැගන් ඉවරයි බන් දැන්. වික්කමසිංහ මහත්තය හදන්නේ මතුගම කුරුදු වවල ඒ සල්ලි වලින් ලංකාවේම කාර් ෆැක්ටරියක් හදන්න 2050 වෙද්දී :yes::cool:
     
    • Like
    Reactions: agrmrs

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    වොක්ස්වැගන් නෙමෙයි උඹේ ගෙදර වැඩේට මොකද උනේ?
    අරූ එක්ක සෙට්ල් උනාද?
    නැත්නම් පොලීසි ගියාද?
    උගේ නම හරි දාපන් තව එකෙක් හරි බේරෙන්න,
    උඹ ත්‍රෙඩ් එක දාලා දැන් සද්ද නැහැ

    Ayi ban mama kiwwe masayak balanawa kiyala.ada room eke window eke glass ekakuth crack wela ban.dan oya 3 weni eka.sathi thunai ge bara deela.:angry:.uta kiwwahama u kiyanawa A/C eka nisa wenna athilu.:rofl:.mama kiwwa e room eke witharak nemeyi crack wela thiyenne awith balapan kiyala.u ennam kiwwa.balamuko awe nathnam..awe nathnam aniva dannam.:yes:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Ayi ban mama kiwwe masayak balanawa kiyala.ada room eke window eke glass ekakuth crack wela ban.dan oya 3 weni eka.sathi thunai gr bara deela.:angry:.uta kiwwahama u kiyanawa A/C eka nisa wenna athilu.:rofl:.mama kiwwa e room eke witharak nemeyi crack wela thiyenne awith balapan kiyala.u ennam kiwwa.balamuko awe nathnam..awe nathnam aniva dannam.:yes:


    බලලා කියපන්කෝ,
    ඌ නම් ගල් ආදෙක් වගේ
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113

    බලලා කියපන්කෝ,
    ඌ නම් ගල් ආදෙක් වගේ

    Ow ban A/C eka dammahama glass crack wenawada.:rofl:anika daanneth 28°C wage.ekath reta withari..mokada babata godak cool eka hoda nahane.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Lankawata oka awath ape un ruwandawe wage adu padiyata wada karanna kamathi wena ekak naha. Ewagema mase gane strike thiyei.
    හරියට හරි ස්ට්‍රයික් ? හෙතුව කසිකබල් සමාජවාදය මුල් බැස ගැනීමෙ ආදීනව.

    මේ කසිකබල් මත මෙ රටෙ පවතින්නෙ ඊනියා නිදහස නිසා,
    එත් අපෙ වගෙ රටක් ගොඩ යන්න නම් මිත්‍යාවෙන් ඥාතිසංග්‍රහයෙන් හොරකමෙන් තොර ඒකාධිපතියෙක් ඉන්න ඔනි.
    සිංගප්පුරුවෙ ලී කුවාන් යූ වගෙම අප්‍රිකාවෙ සිංගප්පූරුව වුණ රුවන්ඩාවෙ කගාමෙ කියන්නෙත් ඉහත කී ලක්ෂණ ඇති ඒකාධිපතින්.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Lankawe anith fields walath goduk manawa shrmaya(labor force) aewa bangaladesh , kenya wage den yanawa bun.

    Ape rate den labor force adui. and ganun.. Issara wage den minissu 15 -20 ta weda karanna aenne nehe. apith aehema ne...




    ඔව් මන් අහලා තියෙන විදියට ගාමන්ට්ස් එහෙම වැහිගෙන යන සීන් එකක් තියෙන්නෙ මෙ රටෙ.

    අපෙ රටෙ ලොකු ලොකු බ්‍රැන්ඩ්ස් වල ෆැක්ටරීස් ඉන්දුනීසියාවෙ, වියට්නාමෙ වගෙ විවෘත කරනවා කියලා ආරංචි
    අපෙ ඒ වෙනුවට අයි ටී ෆීල්ඩ් එක තමා එන්නෙ.

    ඉතිං අයි ටී වලත් අපෙ උන් ලක්ෂෙ පඩි නෙ හොයන්නෙ. ඒ හෙතුව නිසා තමා ඉන්දියාව එක්ක එට්ක සීපා වගෙ එව්වා අත්සන් කරන්න යන්නෙ. රනිල ඊලඟ ඡන්දෙ පැරදෙන්න කලින් ඕක අත්සන් කරනව.

    අපෙ එවුන්ගෙ උද්දච්ඡ කම නිසා ඉන්දියාවෙන් වතුවල වැඩ කරන්න කම්කරුවො ආව, වෙල්ලාලයො ආව, ඔය වෙල්ලාලයො තමා උතුරෙ දෙමල්ලු.
    හිස්ටරි රිපීට් ඉට් සෙල්ෆ් නෙ ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වොක්සාවැගන් ඉවරයි බන් දැන්. වික්කමසිංහ මහත්තය හදන්නේ මතුගම කුරුදු වවල ඒ සල්ලි වලින් ලංකාවේම කාර් ෆැක්ටරියක් හදන්න 2050 වෙද්දී :yes::cool:

    :rofl::rofl::rofl:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,149
    1
    57,190
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරියට හරි ස්ට්‍රයික් ? හෙතුව කසිකබල් සමාජවාදය මුල් බැස ගැනීමෙ ආදීනව.

    මේ කසිකබල් මත මෙ රටෙ පවතින්නෙ ඊනියා නිදහස නිසා,
    එත් අපෙ වගෙ රටක් ගොඩ යන්න නම් මිත්‍යාවෙන් ඥාතිසංග්‍රහයෙන් හොරකමෙන් තොර ඒකාධිපතියෙක් ඉන්න ඔනි.
    සිංගප්පුරුවෙ ලී කුවාන් යූ වගෙම අප්‍රිකාවෙ සිංගප්පූරුව වුණ රුවන්ඩාවෙ කගාමෙ කියන්නෙත් ඉහත කී ලක්ෂණ ඇති ඒකාධිපතින්.

    :D
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    වොක්සාවැගන් ඉවරයි බන් දැන්. වික්කමසිංහ මහත්තය හදන්නේ මතුගම කුරුදු වවල ඒ සල්ලි වලින් ලංකාවේම කාර් ෆැක්ටරියක් හදන්න 2050 වෙද්දී :yes::cool:
    පොර මැරිල යන එකක් නැද්ද බන් ඊට කලින්:shocked::shocked::(
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    හරියට හරි ස්ට්‍රයික් ? හෙතුව කසිකබල් සමාජවාදය මුල් බැස ගැනීමෙ ආදීනව.

    මේ කසිකබල් මත මෙ රටෙ පවතින්නෙ ඊනියා නිදහස නිසා,
    එත් අපෙ වගෙ රටක් ගොඩ යන්න නම් මිත්‍යාවෙන් ඥාතිසංග්‍රහයෙන් හොරකමෙන් තොර ඒකාධිපතියෙක් ඉන්න ඔනි.
    සිංගප්පුරුවෙ ලී කුවාන් යූ වගෙම අප්‍රිකාවෙ සිංගප්පූරුව වුණ රුවන්ඩාවෙ කගාමෙ කියන්නෙත් ඉහත කී ලක්ෂණ ඇති ඒකාධිපතින්.


    Ow ekanam aththa.eth government eken kiyapu boruwa thama awula.:D

    Lankawe anith fields walath goduk manawa shrmaya(labor force) aewa bangaladesh , kenya wage den yanawa bun.

    Ape rate den labor force adui. and ganun.. Issara wage den minissu 15 -20 ta weda karanna aenne nehe. apith aehema ne...


    :yes: Lankawe dan labour cost eka godak wadi. Ewagema labour kenekta ona tharam hondata gewana job thiyanawa. Stike karala ain kalath ganna ona tharam company thiyanawa. Apita pitaratin minissu genna wela thiyenne dan.

    Oya kawru enawa kiwwath normal labour skill ekak nam ona unta wena ratawala karana eka lankawata wada patta labai.
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,432
    1,380
    113
    Who will invest in Sri Lanka with our highly politically unionized lethargic labour, red tape and bribe taking officials and lack of infrastructure.