කාලෙකින් දෙයක් කියන්න හිතුනේ. හැම තැනම දකින නිසා. මේ මගේ අදහස. මේ අදහස මේ විදිහටම දරන මිනිස්සු ලංකාවේ ගොඩක් ඉන්නවා.
වෛද්‍ය නොවන අපිට නං ඔකේ කිසි වැදගත්කමක් නෑ බං. දැන් ඔය එකී මෙකි නොකී කරුණු ඔක්කොම තිබිලා නේ මේ අද වෙනකන් හිටි වෛද්‍යවරු ඔක්කොම ඉන්නේ.
එකත් එක් දිස්ත්‍රික්කයක වැඩි උසස්පෙළ සුදුසුකම් තියන ළමයි ඉද්දි, වෙන දිස්ත්‍රික්කයක අඩු සුදුසුකම් තියන ළමයි වෛද්‍යවරු වෙන්න තොර ගන්නේ මොන පදනමක් යටතේද?
ලංකාවේ A/L පටන් ගත්ත තැන ඉඳන්, විෂය නිර්දේශය හා සම්බන්ද අක්‍රමිකතා, විභාග සම්බන්ද අක්‍රමිකතා, විශ්වවිද්‍යාලයට තෝරා ගැනීමේදී සිද්දවෙන අක්‍රමිකතා, වගේ වද්යවරයෙක් වෙන තැන දක්වා සිද්දවෙන අක්‍රමිකතා ඔය ඕගොල්ලන්ගේ "වෛද්‍ය පීඨයක ගුණාත්මක භාවය ගැන අවසන් තාක්ෂණික තීරණය ලබා දෙන්නේ වෛද්‍ය කවුන්සලයේ " තාක්ෂණික තීරණයක් ද?
මේ දවස්වල වෛද්‍යවරු / වෛද්‍ය ශිෂ්‍යයෝ ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට තියන ඉවසගන්න බැරි ආදරේ හින්දම පාරේ!
ඇයි උන්,
උන් අතරෙන්ම වෛද්‍යවරු වෙච්චි මිනිසුන්ගෙන් බෙහෙත් අරන්,
මැරිච්ච ලෙඩ්ඩු වෙනුවෙන්,
අත පය බොරුවට කපපු අහිංසකයන් වෙනුවෙන්,
ළමයි මැරිච්ච අම්මලා වෙනුවෙන්,
තිබිච්ච ලෙඩ වෙනුවට අලුත් ලෙඩ හැදිච්ච අසරණයන් වෙනුවෙන්,
පාරට බැස්සේ නැත්තේ අද වෙනකම්? මොන පදනමක් යටතේද?
මේ ඔයාලා දන්නේ නැති නිසා මේ කියන්නේ, අපි බදුත් ගෙවලා, අපේ සල්ලි වලින් පඩිත් ගත්තට මොකද, අපිට නං රජයේ රෝහල් වලින් හරි හමන් ප්‍රතිකාරයක් ලැබෙන්නේ නෑ. ඒක තමා පහුගිය දශක කීපයේම උනේ, මන් ඒක ඔයාලා දන්නේ නැති නිසා කිවුවේ. අඩු ගානේ හරියට කතා කරන්නේවත් නෑ. කියන ලෙඩක් සත පහකට ගණන් ගන්නේ නෑ.
ඒ නිසා අපිට දැන් පිටින් උන් ප්‍රයිවට් කරන තැන වලට යන්න සිද්ද වෙලා! එකෙත් ලස්සනම වැඩේ, දැන් හරි හමන් බෙහෙතක් ගන්න specialist කෙනෙක් චැනල් කරන්න වෙලා තියෙනේ! වෙන උන්ගෙන් ගත්තොත් ඉවරයි! චැනලින් ගාස්තු 1500 යි, බෙහෙත් වලට 5000 යි සති දෙකට. මේ නිකන් සාමාන්‍ය ලෙඩ වලට.
අපි කොහොමත් සල්ලි දීලා බන් බෙහෙත් ගන්නේ. වෛද්‍ය ගාස්තුවත් අපි සල්ලි වලින් ගෙවන්නේ.
ඒ කරලත් උන් බෙහෙත් ලියන්නේ ඒ බෙහෙත් වල බ්‍රෑන්ඩ් නේම්ස් පෝසත් වෙන විදිහට උන්ටත් ගානක් එන විදිහට.
එහෙම කරලත්, ඕන තරම් ඔපරේෂන් වරද්දපු, මැරිච්ච, අතපය කපපු උන් අනන්තවත් ඉන්නවා මෙහෙ!
අපිට සයිටම් උන්ගෙන් බෙහෙත් අරන් අමුතුවෙන් මැරෙන්න ඕන නෑ! එහෙම වෙද්දී ඔය පාරට බැහැපු උන් එකෙක් වත් නෑ. උන් කියන්නේ උන් රට වෙනුවෙන් පාරට බහිනවා ලු! යකෝ එහෙනං අනිත් ඒවා වෙනුවෙනුත් පාරට බහින්න එපැයි? ඇයි සයිටම් විතරක්?
මම කියන්නේ සයිටම් තියෙන්න ඕන. ඒකෙත්, රජයේ කැම්පස් වලත්, ගුණාත්මක භාවය ලෝකේ පිළිගන්න සම්මත වෙච්චි ලෙවල් එකෙන් තියෙන්න ඕන. එහෙම නැති,
පෞද්ගලික විශ්වවිද්‍යාලත්,
රජයේ විශ්වවිද්‍යාලත්,
ඔක්කොම වහන්න ඕන! නැත්තම් ලෝකේ පිළිගන්න සම්මත වෙච්චි ගුණාත්මක භාවය හැම එකේම එකවගේ තියෙන්න ඕන.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, ඔය මොකා මොනවා කරත් කෙලවෙන්නේ අපිට. රජයේ උන් කෙලවන්නෙත් අපිට. පෞද්ගලික උන් කෙලවන්නෙත් අපිට. ලෙඩක් හැදුනම ඔය මොකත් අපිට වෙදකන් කරන්නේ අපෙන් සල්ලි අරං. එහෙම අරන් මැරෙන්නෙත් අපි. හෙම වෙද්දී ඔය එකෙක් වත් අපි වෙනුවෙන් අපේ පැත්තේ හිට ගන්න එන්නේ නෑ! උන් පාරට බහින්නේත් නෑ !
ඒ නිසා නිකන් පාරවල් වහලා අපේ කාලේ නාස්තිකරන කාලකන්නි වෙන්න එපා. අපිට වැඩ තියනවා. ඕගොල්ලන්ගේ ප්‍රශ්න ඕගොල්ලෝ විසඳගන්න. අපේ ප්‍රශ්න විසඳන්න එකෙක් වත් එන්නේ නෑ අපිම මිස.
ක්‍රීඩාංගනය ක් හරි පිට්ටනියක් හරි කුලියට අරන් එකේ කෑ ගහ ගන්න. අපිට පවු දෙන්ඩ එපා!