මම මේකේ අවුරුදු 3ක් පරන මෙම්බර් කෙනෙක්. මට අවුරුදු 26ක් වෙනව. කෙල්ලෙක් නෑ තවම මම මේ සයිට් එකේ ත්‍රෙඩ් එකක් දැක්ක කෙල්ලො දාගන්නනම් ලැජ්ජාව පැත්තකට තියල ඕනවට වැඩිය හිතන්නෙ නැතිව ෆුල් රිලැක්ස් පිට හැම කෙල්ලගෙන්ම කෙලින්ම අහන්න කියල. අකමැති උනොත් කිසිඅවුලක්නෑ වචනයයිනේ නාස්ති උනේ කියල. ඕක කියෙව්වම මටත් මාර කික් එකක් ආව. මට තේරුනා ඇත්තතමයිනේ මූ මේ කියල තියෙන්නේ කියල. අපි අපි විසින්ම බැදල තියාගන්නව වගේ ගතියක් දැනුන. මම ඒ කික් එකේ හිටියේ.
මම සාමාන්‍යයෙන් ගොඩක් ලැජ්ජ පොරකුත් නෙමේ ඒත් වැඩිය කෙල්ලො එක්ක වැඩිය ගැවසෙන්න කතාවට යන්නෑ, සෑහෙන්න අඩුවෙන්තමයි කතා කරන්නේ. හිනා උනත් ලාවට හිනා වෙන්නේ. උන් දිහි බලල මනෝ පාර දාන එකතමයි කරන්නේ. බැලුවත් බලන්නේ හොරෙන් උන්ට නොපෙනෙන්න.
අර රිප්ලයි එක කියෙව්වට පස්සේ යූටියුබ් පැත්තෙත් ගියා එක වීඩියෝ එකක් බැලුව. ඒකෙත් මේ කිරියෙ කෙනා කිව්ව දේම තමයි කිව්වේ. ඒකෙන් පස්සේ තව වීඩියෝ එකක් ඔහොම මම වීඩියෝ 100ක් විතර බැලුව කෙල්ලො දාගන්න හැටි. මම එදා රෑම හිතුව මම වෙනස් වෙන්න ඕන කියල. මම ගැන මොනා හිතුවත් කමක් නෑ වැඩර් වගේ ගානක්වත් නැතුව අහල දාන්න ඕන කියල හිතා ගත්ත එදා නිදාගන්න ගියේ ඒ කික් එකෙන්.
එදා මම ඔෆිස් ගියෙත් ඒ කික් එකෙන් ඔෆිස් වෑන් එකේදිත් වෙනදට වැඩි මම පට්ට ඕපන් විදියට කෙල්ලො ඔක්කො හෙන ෆෙරෙන්ඩ්ලි විදියට ගියේ. උනුත් වෙනදට වැඩිය මාත් එක්ක ෆිට් උනා.
ඔෆිස් එකේ මගේ හිත ගිය ලස්සන කෙල්ලො දෙන්නෙක් ඉන්නව. මම අවස්ථා දෙකකදි හෙන ගහන්න වගේ උන් දෙන්න ගානට ගිහින් වල් පල් ටිකක් දොඩවල කෙලින්ම ඇහුව ඔයාට කොල්ලෙක් ඉන්නවද කියල. උන් දෙන්නම නෑ කියල ඇයි කියල ඇහුව. මම කිව්ව අහ් එහෙනම් ලොකු දෙයක්. මම කැමතියි ඔයාට ඔයා මොකද කියන්නේ කියල. උන් දෙන්නම හිනා වෙලා ගොලු උනා. උන් කතා කරන්න හදනකොටම මම අයිමත් ඒකම කිව්ව. එක කෙල්ලෙක් මම තල්ලු කරල දැම්ම පුටුවෙන්.
එදා දවස පුරාවටම මම හිටියේ නිකන් හිටියේ පිස්සුවෙන් වගේ. පට්ට එනර්ජි එකකින්. හෙන සද්දෙට කතා කර කර හයියෙන් ඇවිද ඇවිද, ඇක්ෂන් උනත් හෙන ෆාස්ට් ඉන්න හැම එකාමට විහිලු කර කර. මාත් එක්ක වැඩ කරන එකෙක් ඇහුව උබට මොකෝ අද වෙලා තියෙන්නේ. තෝ ගන්ජවත් ගැහුවද කියල.
හැබැයි අර කෙල්ලො දෙන්නගෙන් කැමැත්ත ඇහුවට පස්සේ ටිකක් මම රත් උනා වගේ උනා. අර පට්ට එනර්ජි එක ටිකක් අඩු උනා වගේ. ආපහු මම අර ඉස්සර හිටපු එකා වගේ වෙනව වගේ තේරුනා. දාඩිය දාන්න ගත්ත, කරන වැඩටික කරන්න අමාරු උනා ඔලුව හෝ ගාල විකාර වලින් පිරෙන්න ගත්ත ඒ අර කෙල්ලො දෙන්න මොනව හිතනව ඇතිද අරව මේව. ඒත් අහන්න කලින් නම් මොනා උනත් ගානක් නැති ගානට දැනුනේ.
එදා ලන්ච් එක ගන්න කොට. අර කෙල්ලො දෙන්න මහ චාටර් විදියට මගේ දිහා බල බල හිනා වෙනව. උන් දෙන්න මොනවද කතා කර කර එපා වෙන්නම හිනා උනා. ශුවර් මම ගැන. උන් දෙන්න කන්නේ එකට. මට ඒ වෙලේ නම් ටිකක් එපා උනා. ඒ වැඩේ නොකර ඉන්නයි තිබුනේ කියල හිතුන. ඒත් ඒ වෙලාමේ මම හෙන ගේමක් දීල කලින් වගේම හැසිරුනා.
මම රජා වගේ කිසි ගානක්නැතුව ගිහින් අර කෙල්ලොන්ගෙන් කැමැත්ත ඇහුවට. පස්සේ මට උන් පාස් කරල යන්නවත්, උන්ගේ මූන බලන්නවත් බැරි ගතියක් දැනුන,මම උන්ව මග අරින්න ට්‍රයි කරා. එන්න එන්නම මගේ එනර්ජි එක පට්ට විදියට අඩු වෙලා. වෙනද හිටිය නෝමල් ටිකක් ලැජ්ජාශීලි ඩයල් එකම උනා. කොච්චර ට්‍රයි කරත් අර තත්වෙ ආරෝපනය කරගන්න බැරි උනා. මට හිතුනෙම මම ගම කාගත්ත කියල. අද මම මග ඇරල ගෙදරත් ආවෙ. හෙන ඉරිද එක පට්ට ලෙකු දෙයක්. ආයි සදුද මට වැඩට යන්න මොකද්ද වගේ බන්. වස ලැජ්ජාවක් දැනෙනව.

අර කෙල්ලො දෙන්න හරි උන් ඒ කතාව කිව්ව වෙන්න කෙල්ලෙක් අපේ සෙට් එකට කිව්වොත් මට නෝන්ඩිකාල කාඩ් හදාගෙන වහ කාල කැලේට රිංගන්න වෙන්නේ.
අර වීඩියෝ ටික කොච්චර බැලුවත් ආයි ඒ තත්වෙ ඇගට එන්නෑ බන්.
මට හිතෙන්නේම මම කෙලව ගත්ත කියල. අර කෙල්ලො දෙන්න වැඩ කරන කෙල්ලො ගොඩකට කියලද දන්නෑ මට හිතුනෙම උන් මගේ දිහා හවස බැලුවෙම පට්ට නෝන්ජල් විදියට කියල. 
ශිට් බන් එපා වෙනව.

Last edited: