උබට නොන්ඩි වෙන සීන් එකක් ගැන නම් ප්‍රශ්නේ මම පොඩි විසදුමක් කියන්නම් එකෙන් බේරෙන්ට. එතකොට shape කර ගත්තකි.
උබ කෙල්ලෝ දෙන්න හම්බ වෙලා කෙලින්ම මේ විදිහට කියපන් දෙන්නම ඉන්න තැන කලින් වගේම full relax පිට serious look එකක් නැතුව.
"මම පොඩි ඔට්ටුවක් දාල හිටියේ යාළුවො සෙට් එකක් එක්ක, කෙල්ලෝ මෙච්චරක්ගෙන් සතියක් ඇතුලත අහනවා කියල, මම දන්නවා ඔයාල මම කියපු එක serious ගන්නේ නෑ කියල. එකයි පෝලිමට ඇහුවේ. මම ඔට්ටුව දින්නා, ඔයාලට ප්‍රශ්නයක් නෑ නේද?"
කියල, ඊට පස්සේ ඉතින් හොදට fun talk එකක් දාල, හොදට හිනා වෙලා මාරු වෙයන්,ඔය සීන් එක උබේ office එකේ යාළුවොන්ටත් කියපන්.ඕක උබගෙන්ම ආරංචි උනාම හොදයි පිට උන්ගෙන් ආරංචි උනොත් උන් උබව පච කරයි. හැබැයි මතක තියා ගනින් හැම වෙලේම ජෝක් පිට උබේ look එක තියා ගන්ට නැත්තන් කට්ටිය විශ්වාස කරන්නේ නැති වෙයි. උබ කිව්වා වගේ උබ උන් එක්ක එදා අමුතු විදිහටනේ හැසිරිලා තියෙන්නේ එක උන් තේරුම් ගනී. හැබැයි පුතෝ ආයේ ඔෆිස් එකෙන් නම් කෑල්ලක් දාගන්නවා බොරු.
උබ ඔච්චරම මෝඩද බන් එක පාර එකම තැන ඉන්න කෙල්ලෝ දෙන්නෙක්ගෙන් අහන්ට?
එකම විසදුම ඒක ජෝක් එකක් කියන තැනට උන්ට ඒත්තු යන විදිහට ඉන්න එක.
උබට ටික කාලයක් යනකන් ඔය රග පෑම කරන්ට වෙයි.