Seethala Yahana - සීතල යහනා - Out Now!

LasithF

Junior member
  • Oct 21, 2020
    43
    70
    18
    www.youtube.com
    මීට අවුරුද්දකට විතර කලින් මම මගේ සඳලුතලේ දුමක් ගහ ගහ හිටියා. එදා රෑ වැස්සෙන් තෙමුනු, ඒත් සඳ එලියෙන් ආලෝක වුනු රැයක්. ඔහොම ඉන්න ගමන්, එක පාරටම මගේ ඔළුවට මේ වචන ටික පාවෙලා ආවා - “මේ රැයේ සඳ පාට ගෑවුනු වැස්සේ, හාදු හොයා ඈ කොහෙ යනවාදෝ?” එහෙමයි මේ සින්දුව ඉපදුණේ.

    ඒ දවසේ ඉදන් අවුරුද්දකට පස්සේ, කම්කටොලු ගොඩක් අතරේ, මගේ ආදරණීය යහළුවන්ගෙයි, සංගීතඥයන් කීපදෙනෙක් ගේ උදව්වෙන් දැන් මේ සින්දුව ලෑස්තියි. අපි මේ සින්දුව හදනගමනේ විඳපු තෘප්තිය ඕගොල්ලොන් මේක අහද්දී දැනේවී කියල අපි බලාපොරොත්තු වෙනවා.



    මම මගේ පලවෙනි original එක කරපු දවසේ ඉදන් Elakiri එකේ set එක මට පට්ටම support එකක් දීල තියෙනවා. මට හැමදාමත් ඒක වටිනවා.

    මේ සින්දුව ඔගොල්ලොන්ට set වෙනවා නම්, ඔගොල්ලොන්ගේ Instagram, Facebook, TikTok, Story වල එහෙම share කරල පුලුවන් නම් මට මේකටත් support එකක් දෙන්න. ඇත්තටම මේ දවස් වල promotions කරන්න කියල ලොකු budget එකක් නැහැ. සින්දුවලට ආස කට්ටිය ඒගොල්ලොන්ගේ යාලුවන් එක්ක share කරන එක තමා මට අලුත් listeners ලා හොයාගන්න තියෙන හොදම ක්‍රමය. අනික, paid promotions වලට වඩා මම හිතනවා ඒක වටිනවා කියල.

    Thank you මචන් ලා!