Self Study කරල IT Jobs ගත්ත උන් වරෙන්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,652
    1
    51,382
    113
    ප*යාගල
    sorry.com
    උබල ඉගෙන ගත්තෙ මොනවද? කොහොමද ජොබ් හොයාග්ත්තෙ.. කාපු කට්ට සහ අත්දැකීම් මොනවද කියල කොටාගෙන යමු. ❤️ අලුතින් ගේමක් ගහන උන්ට උදව්ව්වක් වෙයි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,982
    113
    උබල ඉගෙන ගත්තෙ මොනවද? කොහොමද ජොබ් හොයාග්ත්තෙ.. කාපු කට්ට සහ අත්දැකීම් මොනවද කියල කොටාගෙන යමු. ❤️ අලුතින් ගේමක් ගහන උන්ට උදව්ව්වක් වෙයි
    Balan giyama maath hitanne mamath self study tama. Uni ekey teach karapu eka labbakwath use une ne. Okkoma aluth dewal.

    team ekey mokekwath teach karanne ne, taniyen igena ganna ona. Customerla gaawa chora wela (mul kaaley), paya ganan naala tama igena gaththe.

    but dan e igena gaththa hamadema saahena help wela mama karana job ekata. Also mata edge ekak deela tiyenawa.

    Oka gana mama issara liyapu thread ekak

    https://elakiri.com/threads/how-to-be-better-or-be-the-best-at-what-you-do-the-360-view.2056985/
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    a/l තුන්පාරක් පේල් වෙලා 2018 ගියා travel company එකකට tour consultant කියන position එකට. ඒ ගියේ a/l වලට french කරපු නිසා. එතන ඉන්ටර්වීව් එකේදි md ඇහුවා මෙතන website එක redevelope කරන්නයි තව social media පැත්ත බලාගන්නයි පුළුවන්ද කියලා. මන් හා කිව්වා (o/l a/l ICT කරලා තිබුනා, ඉස්කෝලෙ තරඟෙකට ඩොට් නෙට් වලින් periodic table ප්‍රෝග්‍රෑම් එකක් හදලා තිබුණා, යාළුවොන්ට පොඩි පොඩි ටූල්ස් හදලා දීලා තියෙනවා තව personal website එකක් තිබුනා)

    එතන මාස 7ක් විතර වැඩ කරා web developer විදියට ඊට පස්සේ digital marketing කරන කම්පනි එකකට ගියා එතන එච්චරකල් වැඩ කරේ නෑ. ඊට පස්සේ තමයි SaaS startup එකකට ගියේ frontend developer කෙනෙක් විදියට. එතන අවුරුදු දෙකක් වැඩ කරලා තමයි දැන් වැඩ කරන්නේ financial services කම්පනි එකක frontend developer කෙනෙක් විදියට. අවුරුදු 4+ industrial experience තියනවා.

    මට නම් ලොකූම කට්ට තමයි මචං communication. introvert නිසා කෙනෙක්ට text එකක් දාන්න කලින් උගෙ හිත කියවන්න ට්‍රයි කරනවා. උඩ කියලා තියන SaaS කම්පනි එකෙන් මාව අස්කරා communication ප්‍රශ්නෙ නිසා.

    තව ඉතින් අළුත් තැනකට ගියාම එතන්ට adapt වෙන්න තියන අමාරුව (වෙන රටක shift එකකට වැඩකරන එක එහෙම ෂේප්). සමහර clientsල developersලගෙ education පැත්ත බලන එක. degree තියන මැනේජර්ලා degree එකක් කරපන් කරපන් කියලා මැරෙන්න හදන එක.

    මම දැන් වැඩ කරන තැන ඩිග්‍රි නෑ කියලා tech interviews දෙකක් තිබ්බා. කොහොමහරි ඒක ගොඩදාගන්න පුළුවන්නම් ගොඩ. portfolio website එකක් තියනම් තවත් හොඳයි.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    මුලින්ම මම ගියෙ රත්නපුර ටෙක්නිකල් කොලේජ්. nvq level 4 කරලා ඒකෙ VB.Net තමා ඔය ප්‍රොග්‍රැමින් ඇම්ම හැදුනෙ. පස්සෙ තමා ඩිග්‍රි එකක් කලේ.

    බැජ් එකේ පලවෙනි 10 අතර හිටියෙ, (ලොකු කමට කිව්වා නෙමෙයි. මම වගේ තව උන් ඇති මේ සීන් එක වෙන, ඒ නිසයි කියන්නෙ :) )
    ඒත් intern එකකට යන්න මාර ගේමක් දෙන්න උනේ, හේතුව කඩ්ඩ. දන්න දේ කියාගන්න බැරි උනා. ඒ වගේම තමා ඉස් ඉස්සෙලම intern interview ගිය තැන. වර්චුසා ගියෙ, ඉන්ටර්විව් එක පැය 2යි විනාඩි 40යි. මාර දේවල් ටිකක් ඇහුවෙ. අඩුම ගානෙ මම ඊට පස්සෙ SSE interview යද්දිවත් ඇහුවෙ නෑ එහෙම දේවල්. මට මන් ගැනම එපා උනා. ජීවිතේට ජොබකට යන්න බැරිවෙයි හිතුවා. උබලා දන්නෙ නෑ මම ඔරුගොඩවත්තෙ බෝක්කුවක් උඩ වාඩිවෙලා කල්පනා කරපු තරමක්. මාර දුක හිතුනා එදානම් මට.

    පස්සෙ තමා තේරුනෙ ඌ මගෙන් ආතල් එකක් අරන් තියෙන්නෙ කියලා. :lol:
    ඒ වගේ සක්කිලි ඩයල් ඉන්නවා බන්. දැන් කියන්න එපා ඌ ඉතින් හොඳ එකෙක් හොයලා තියෙන්නෙ කියලා. මට කලින් කැලනි කැම්පස් එකේ කොල්ලා ඇතුලට ගිහින් විනාඩි 10න් ආවා. ඇහුවෙ ෆොර්ම් එකක් html වලින් ලියලා පෙන්න්නන කිව්වලු :lol:

    මේ වගේ ඒවා අනාගතේ උබලට වෙයි, සැලෙන්න එපා අලුතෙන් එන කොල්ලො කෙල්ලො :)

    හරි මුලින්ම ගිය ප්ලේස් එකේ ඉඳලා මේ වෙනකන්ම තමා කරන්නෙ බැක් එන්ඩ් with .Net Technologies.

    කඩ්ඩ පොඩ්ඩක් දන්න දේ කියාගන්න පුලුවන් ගානට ගොඩ දාගත්තා. තනියම තමා ඉගෙන ගන්නෙ ඉතින් ටෙක්නොලොජීස් නම්. SE ඉද්දි තනියම ප්‍රොජෙක්ට් එකක් ඇදගෙන යන්න උනා.ටිකක් පරන ටෙක්නොලොජීස් තිබ්බෙ. උන් මාව ඒ ප්‍රොජෙක්ට් එකෙන් ගැලෙව්වෙ නෑ කොච්චර රික්ස්වෙස්ට් කලත් , මොකද ongoing feature developments තිබ්බා. ටීම් එකෙ අනිත් සෙට් එක ඒ අස්සෙ කලේ Domain-Driven Design එකට මේකම rewrite කරපු එක. පස්සෙ අවුරුද්දක් විතර ගිහින් මාවත් දැම්මා ඒකට, හැමිනේශන් කරකවලා අතඇරියා වගේ. :lol: ඒවා ඉගෙන ගත්තෙනම් තනියම රෑට රෑට විඩියෝස් / documentations බලලා. ඊට පස්සෙ පැන්නා වෙන තැනකට SSE. ඒකෙ අලුතෙන් සෙට් උනේ docker & K8sතමා. ඒ ටික ඉගෙන ගනිමින් කරගෙන යනවා. :)

    සේර්ම ගත්තොත් අවුරුදු 3.5යි experience එක.

    ඉතින් ඔහොම තමා, මටනම් කියන්න තියෙන්නෙ ජොබ් එපා කරවන බැල්ලිගෙ පුතාලා ඉන්න තැන් වල ඉන්න එපා කියලා තමා. එහෙම උනා මාර විදිහට field එක එපා වෙන්නෙ. ටෙක්නොලොජීස් ඉගෙන ගන්න පුලුවන්. ඒක නෙමෙයි ගේම අර වගේ උන් එක්ක වසන එක. මේ ලඟදිත් අර FB software engineer group එකේ කොල්ලෙක් මාර විදිහට වැටිලා පෝස්ට් එකක් දාලා තිබ්බා. මම ඉතින් සීන් එක පැහැදිලි කරලා කමෙන්ට් එකක් දැම්මා. මට දැනට 10+ කොල්ලො private මැසේජ් කරලා උන්ට වෙලා තියෙන දේවල් වලින් ගොඩ එන විදිහ අහන්නෙ. මම පුලුවන් විදිහට උන්ගෙ මොරාල් අප් කලා. පව් ගොඩක් උන්ට වැඩ පුලුවන් ඒ උනාට පෙලක් පකයි උන්ව කාලා downgrade කරලම. එහෙම වෙන්න එපා!!! උබලත් ඒ දේ කරනවනම් අලුත් එන පොඩි කොල්ලන්ට, දැන්වත් නතර කරපන්. උන් එන්නෙ කීයක් හරි හොයන්න මිසක් තෝපෙ ගැනු එක්ක බුදියන්න නෙමේ :)
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    අප්පෝ සාපයක් මේක නම් . IT IT
    Eka athakin ow, IT dan sapayak wela, Tika denek kupurak ehema ketuwata kamak na :D
    දැන් පදුරකට ගැහුවම 100 විතර IT කරන උන් . ඇයි ඇහුවම සල්ලි ලැබෙනවලු හැබැයි දන්න IT එකක් නෑ ප්‍රශ්ණයක් ඇහුවම බේසික් කමාන්ඩ් එකක්වත් දන් නෑ . මම දන්න QA එන්ජියර්ලා ඉන්නවා ලැප් එක ෆෝමැට් කරන්න 12-13 පොඩි කොල්ලන්න්ට එන්න කියනවා . ඕකයි තත්වේ උන් ස්කෝප් එකෙන් පිට කිසිම දෙයක් දන් නෑ ගිරව් වගේ අර කියලා දෙන ටික කරනව කන්තෝරුවේ වගේ. දැන් IT එන්ජිනියරින් නෑ ඉන්නේ ගිරව්
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,033
    27,684
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අප්පෝ සාපයක් මේක නම් . IT IT

    දැන් පදුරකට ගැහුවම 100 විතර IT කරන උන් . ඇයි ඇහුවම සල්ලි ලැබෙනවලු හැබැයි දන්න IT එකක් නෑ ප්‍රශ්ණයක් ඇහුවම බේසික් කමාන්ඩ් එකක්වත් දන් නෑ . මම දන්න QA එන්ජියර්ලා ඉන්නවා ලැප් එක ෆෝමැට් කරන්න 12-13 පොඩි කොල්ලන්න්ට එන්න කියනවා . ඕකයි තත්වේ උන් ස්කෝප් එකෙන් පිට කිසිම දෙයක් දන් නෑ ගිරව් වගේ අර කියලා දෙන ටික කරනව කන්තෝරුවේ වගේ. දැන් IT එන්ජිනියරින් නෑ ඉන්නේ ගිරව්
    QA mokatada machine format karanne.
    ekata thamai technician la inne.
    podi kale idan gedara machine thibba un thama owa karanna danne.
    IT igena gannama computer allapu un owa danne na. danaganna oneth na
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    QA mokatada machine format karanne.
    ekata thamai technician la inne.
    podi kale idan gedara machine thibba un thama owa karanna danne.
    IT igena gannama computer allapu un owa danne na. danaganna oneth na
    තමන්ගේ පසනල් ලැප් එක ෆෝමැට් කරගන්න බැරි QA කම දීපන් ලමයෙකුට .

    " IT igena gannama computer allapu un owa danne na. danaganna oneth na "

    මේ තියෙන්නේ උබේ කටින්ම කියලා ලංකාවේ IT ඉන්ඩස්ට්‍රි එක ගැන 😂 මරු . කෝඩ් ට්‍රබල්ශුටින් කරන්න පුලුවන් උනාට තමන්ගේ ලැප් එකේ බේසික් ට්‍රබල්ශුටින් එකක් කරගන්න ඉගෙනගන්න ඕනේ නෑලු . හරි බන් එල
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,033
    27,684
    113
    36
    Mirihana
    alis.alberta.ca
    තමන්ගේ පසනල් ලැප් එක ෆෝමැට් කරගන්න බැරි QA කම දීපන් ලමයෙකුට .

    " IT igena gannama computer allapu un owa danne na. danaganna oneth na "

    මේ තියෙන්නේ උබේ කටින්ම කියලා ලංකාවේ IT ඉන්ඩස්ට්‍රි එක ගැන 😂 මරු . කෝඩ් ට්‍රබල්ශුටින් කරන්න පුලුවන් උනාට තමන්ගේ ලැප් එකේ බේසික් ට්‍රබල්ශුටින් එකක් කරගන්න ඉගෙනගන්න ඕනේ නෑලු . හරි බන් එල

    Godak welawata thamange lap eka kiyala ekak na. Thiyenne office eken hambunu eka. eka thamanta ona widiyata eka eka dewal karanna ba.
    E dewal karanne IT department eken. danne nattam igena ganin
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    Godak welawata thamange lap eka kiyala ekak na. Thiyenne office eken hambunu eka. eka thamanta ona widiyata eka eka dewal karanna ba.
    E dewal karanne IT department eken. danne nattam igena ganin
    මම ඔෆිස් ලැප් එකක් ගැන කිව්වේ නෑ. එකෙත් ප්‍රොජෙක්ටර් එකට ගහලා ස්කීන් ශෙයා කරගන්න බැරි. සූම් කෝල් එකේ ඕඩියෝ හදාගන්න බැරි කස්ටිය නැතුවාම නොවේ. මම කිව්ව 12-13 කොල්ලන්ට එන්න කියන්නේ ගෙදර මැසින් එක ගොඩ දාන්න 😂😂