Bartleet Balapn Asia Asset ekath hodai bnn
mama danna wdyta bn ATRAD eka ikmanata market eka overtake krai danatama un main companies tika allala tynne bn
ea Unaata Atrade kisima User Friendly na ban, choarama app ekak , mama Atrade, Direct fn dekama use karnawa mata hoda direct fn thama
Acl ehemath goda kollo..eth man godak gaththey Tokyo. Ubc ekath naginawa kiyala aranchiyak awa. Eka nisa ekenuth gaththha .
ow Maath ACL 64ta wage gaththe iye dunna 102ta , TKYO-X tika thawama hold karan innawa ekath 100 kittuwa up wenna thiyena ida wedi
------
Post added on Jan 14, 2021 at 10:01 AM
#RENU
අජිත් නිවාඩ් කබ්රාල්ගේ පුත් චතුර රේනුකා සිටි හොටෙල්ස් පීඑල්සී අධ්යක්ෂ මණ්ඩලයට
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන රේනුකා සිටි හොටෙල්ස් පීඑල්සී සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස චතුර වී කබ්රාල් මහතා පත් කෙරී ඇතැයි එම සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය නිවේදනය කර සිටියි.
2021 ජනවාරි 13 වැනිදා සිට මෙම නව පත් කිරීම සිදු කෙරී තිබේ. එහිදී සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස චතුර කබ්රාල් මහතා පත්වීම් ලැබ තිබේ.
මේ අතර අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත්වීම් ලබන දිනය වනවිට ඒ මහතා වෙත රේනුකා සිටි හොටෙල්ස් පීඑල්සී සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.
ඒ මහතා වත්මන් රජයේ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුත්‍රයාද වෙයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යා සහ තාක්ෂණවේදව පිළිබඳ මිසූරි විශ්වවිද්‍යාලයෙන් යාන්ත්‍රික ඉංජිනේරුවිද්‍යාව පිළිබඳ උපාධිය හිමි කර ගෙන ඇති චතුර කබ්රාල් මහතා මේ වනවිට කොළඹ වරාය නගර පෞද්ගලික සමාගමේ කළමනාකරුවෙකු ලෙසද කටයුතු කරයි. එසේම ඒ මහතා මේ වනවිට අපනයන සංවර්ධන මණ්ඩලයේද අධ්‍යක්ෂවරයෙකු ලෙස ධුරය දරයි.
මීට පෙර චතුර කබ්රාල් මහතා කැලනි වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී, The Fortress Resort and Spa PLC සහ වැලිබල් පවර් එරත්න පීඑල්සී යන සමාගම්වල අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කර තිබේ. එසේම හේලීස් එම්ජීටී නිටිං මිල්ස් පීඑල්සී සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද ඒ මහතා කටයුතු කර ඇත.
මීට අමතරව චතුර කබ්රාල් මහතා බ්‍රැන්ඩික්ස් ආයතනයේද රැකියාව කර ඇති අතර ජෝන් කීල්ස් හොටෙල් මැනේජ්මන්ට් සර්විසස් සමාගමේ පුහුණු කළමනාකරුවෙකු ලෙසද පුහුණුව ලබා ඇත. ඒ මහතා ශාන්ත පීතර් විද්‍යාලයේ සහ කොළඹ බ්‍රිටිෂ් ස්කූල්හිද ආදි සිසුවෙකු වෙයි.
enbsl
------
Post added on Jan 14, 2021 at 12:48 PM
#EXPO - එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස්
FitsAir සමාගම A320/A330 ගුවන් යානා දෙකක් මිලදී ගැනීමට යයි
එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සමූහය යටතේ ක්‍රියාත්මක ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම ඉදිරියේදී සිය ගුවන් සමාගම සඳහා එයාර්බස් A320 හෝ A330 මාදිලියේ ගුවන් යානා දෙකක් කල්බදු පදනම මත මිලදී ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
ඒ අනුව මේ වනවිට එම ගුවන් යානා නඩත්තු කිරීම සඳහා දැනුම සහිත සුදුසුකම් ලත් ඉංජිනේරුවරුන් මෙන්ම එම ගුවන් යානා පැදවියහැකි ගුවන් නියමුවන්ද ඉල්ලමින් දැන්වීම් පළ කිරීමට FitsAir සමාගම කටයුතු යොදා තිබේ.
ඒ අතරින් ගුවන් යානා සඳහා නව කපිතාන්වරුන් සතුව A320/A330 ගුවන් යානා පැදවීමේ පියාසර පැය 1000ක අත්දැකීමක් මෙන්ම ජෙට් ගුවන් යානාවක පියාසර පැය 5,000ක අත්දැකීමක් තිබීම සුදුසුකම් වෙයි. එසේම පළමු නිලධාරීන් සඳහා A320/A330 ගුවන් යානා පැදවීමේ පියාසර පැය 500ක අත්දැකීමක් පැවතිය යුතුය.
මෙලෙස කල්බදු පදනමින් මිලදී ගන්නා ගුවන් යානා දෙක අතරින් එකක් භාණ්ඩ ප්‍රවාහනයටත්, අනෙක මගීන් ප්‍රවාහනයටත් යෙදවෙන බව පැවසෙයි.
එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයට අයත්ව තිබූ එක්ස්පෝ එයාර් සමාගම 2013 වසරේදී මෙලෙස Fits Air ලෙස සන්නාමය වෙනස් කර නැවත දියත් කෙරිණි. එක්ස්පෝ ලංකා සමූහය කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක්ව තිබියදී එයි අධ්‍යක්ෂවරුන්ට ගුවන් යානා සමාගම පිළිබඳව පැනනගින ගැටලුවලට පිලිතුරු දීමට නොහැකිවීම එක්ස්පෝ එයාර් සමාගම එලෙස FitsAir නමින් වෙනස් සමාගමක් බවට පත් කිරීමට හේතු විය.
අද වනවිට FitsAir සමාගම සතුව ATR72-600 මාදිලියේ එක් ගුවන් යානයක්, සෙස්නා 152 මාදිලියේ යානා දෙකක් සහ සෙස්නා 208 මාදිලියේ ගුව්න යානා දෙකක් ඇත. එසේම ඒවියේෂන් එක්ස්ප්‍රස් සමාගම මගින් කල්බදු පදනම යටතේ ලබා ගත් A321 ගුවන් යානයක්ද සමාගම සතුය. එය මේ වනවිටත් ප්‍රදානවම ඩුබායි ඇතුළු තවත් ගමාන්නත වෙත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ලෙස ක්‍රියා කරයි.
enbsl
------
Post added on Jan 14, 2021 at 12:51 PM