Sinhala ෆොන්ට් ලොකු උදව්වක්

ForexGuru

Active member
  • Oct 13, 2015
    123
    37
    28
    Sinhala ෆොන්ට් ලොකු උදව්වක්

    මචංලා,
    මේ ෆොන්ට් පැක් ටික තියෙන කෙනෙක් අප්ලෝඩ් කරනවද?
    New Medhaavi, Isiwara, Alakamanda, Pabawatee , Disapamok

    ලොකු උදව්වක්. online පර්චස් කරලා හරි කමක් නෑ. ගන්න විදිහක් කියහල්ලකෝ.. :(

    පරණ ත්‍රෙඩ් වල ලින්ක් දාන්න එපා බං. ඒවගේ තියෙන ඩවුන්ලෝඩ් ලින්ක් වැඩ නෑ එකක්වත්. :confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Isiwara Fonts කියල ගූගල් සර්ච් කරල බලන්න. ඔය පැකේජ් එක සල්ලි දීල ගන්න ඕන එකක්.
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    මං ගාව මෙන්න මේ Font ටික තියෙනවා...ඕනි නම් PM කරන්න...ඔක්කොම රු. 1000/- කට දෙනවා

    Screenshot-7.png
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    මම මේ නිකමට ඉසිවර සයිට් එකට ගිහින් බැලුවා, ෆොන්ට් 3ක් පර්සනල් යූස් රු. 15,000ක්? :shocked::shocked::shocked:

    කොන්දේසි

    දිවයිනේ ඇති අංග සම්පූර්ණ එක ම පරිගණක සිංහල අක්ෂර මාලාව වන මෙය, මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ම මාධ්‍ය ආයතන, දැවැන්ත ම පොත් ප්‍රකාශකයන්, වෙළෙඳ ප්‍රචාරක ආයතන සහ රජයේ කාර්යාල විසින් භාවිතයට ගනු ලැබේ.

    වින්ඩෝස් 98, වින්ඩෝස් 2000, වින්ඩෝස් XP, වින්ඩෝස් 7 සහ ඇපල් මැකින්ටොෂ් යන පරිගණක පද්ධති සියල්ලේ ම ක්‍රියාත්මක වන මේ අක්ෂර මාලාව පී.සී පරිගණක සඳහා ඔබේ පරිගණකයට ඇතුළත් කර ගැනීමේ කාර්යය, ඔබ වෙනුවෙන් පමණක් ම නිපදවූ සී. ඩී. තැටියක් මඟින් ඉතා පහසුවෙන් ඔබට ම කර ගැනීමට හැකි වන අයුරින් තාක්ෂණික වර්ධනයක් ද ලබා ඇත.
    ඉසිවර අක්ෂර මාලාව ඔබ මිල දී ගත් අවස්ථාවේ ඇතුළු කළ පරිගණකය හෝ පරිගණකවලට මිස වෙනත් පරිගණකයකට හෝ පරිගණකවලට මාරු කිරීම කිසි සේත් ම (තාවකාලික ව හෝ) කළ නො හැකි ය. ලියවිල්ලක් මුද්‍රණය කිරීමට මුද්‍රණ යන්ත්‍රය, අක්ෂර මාලාව ඇතුළු කළ පරිගණකයට ම සම්බන්ධ කර තිබිය යුතු වේ. අක්ෂර මෝස්තර ප්‍රවාහනය (Diskette,CD, DVD, Flash Drive, Extra Hard Disk මඟින්) කළ නො හැකි ය. පොසිටිව් ගැනීම වැනි පිටතින් කර ගැනිය යුතු කාර්යයක් සඳහා අකුරු අවශ්‍ය නො වන ආකාරයකට (කර්ව් කිරීම) සකස් කොට යැවිය යුතු වෙයි. අද පවතින මෘදුකාංග පිටපත් (Software Versions)සඳහා පමණක් වලංගු වෙයි. ක්වාර්ක් එක්ස්ප්‍රස් (Quark Express)හි ක්‍රියාත්මක නො වේ. Adobe CS- 5දක්වා පමණයි. තමන් ක්‍රියාත්මක වන පරිගණක වර්ගය සහ මෘදුකාංග මුලින් ම දැනුම් දෙන්න. ඔබ පරිගණකයෙන් සිංහලෙන් වැඩ කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඊට ගැළපෙන මෘදුකාංග පිටපත් දැන ගෙන ඒවා පමණක් භාවිත කරන්න. දිනෙන් දින එකතු වන මෘදුකාගෙ පරිගණකයට ඇතුළත් කර ගෙන පැමිණිලි නො කරන්න. Server සමඟ Network කිරීමේ දී ගැටලු මතු විය හැකි ය. ඉදිරියේ දී පිටරට වලින් පැමිණෙන වින්ඩෝස් පද්ධතියක හෝ මෘදුකාංගයක ක්‍රියාත්මක නො වීමට ඉඩ ඇත. ‘ඉසිවර’ ඒ සඳහා අලුත් වන තෙක් පැරණි ක්‍රමයක කටයුතු කර ගෙන යෑමට ඔබට සිදු වන බව පැහැදිලි ව තේරුම් ගෙන භාවිතයට එළඹෙන්න. සිංහලෙන් වැඩ කිරීම මූලික පරමාර්ථය බවට ඔබේ පරිගණක ඉංජිනේරුවන් දැනුවත් කර තබන්න.

    ඔබේ ඇණවුම ලැබුණු විගස ඊට අදාළ සී.ඩී. තැටි නිපදවනු ලබන අතර, අදාළ මුදල ගෙවීමෙන් පසු ඒවා රැගෙන යෑමට ඔබට හැකි ය.

    අක්ෂර මාලාව සහ මෘදුකාංග මිල දී ගැනීමට පෙර සම්පූර්ණයෙන් සෑහීමට පත් වීමට වග බලා ගන්න. ඒවා ක්‍රියාත්මක වන ආකාරයට භාවිත කළ යුතු වනවා මිස වරින් වර ඔබට අවශ්‍ය වන ආකාරයට වෙනස් නො කෙරෙන බව මෙයින් දැනුම් දෙමු.

    :rofl::rofl::rofl:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔය ලබ්බේ ඉසිවර ෆොන්ට් ටික විජේසේකර නෙමේයි..
    ටයිප් කරන්න ගියාම එපා වෙනවා.