SL Cricket Team එකට_විරෝධය දක්වති
ඉන්දියාව හමුවේ පැවැති එක්දින තරගයේදී කඩුලු 9 ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පිලට එරෙහිව ප්‍රේක්‍ෂකයෝ පිරිසක් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරියේ අද (20) රාත්‍රීයේ කෑකෝ ගසමින් ‘හූ’ කියමින් විරෝධතා දැක්වූහ.
මෙම විරෝධතාව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ බස් රථයට ක්‍රීඩාංගණයෙන් පිටවීමට නොහැකි තත්ත්වයක්ද ඇති විය.
ප්‍රේක්‍ෂකයෝ ‘අපිට දියව් අපේ ක්‍රිකට්’, ‘අපිට ඕනේ 96 ක්‍රිකට්’ යයි කියමින් කණ්ඩායමට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දොස් නැගූහ.
ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙසින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රියේ ඉන්දීය පිල හමුවේත් කඩුලු 9 ක ඛේදජනක පරාජයක් ලැබීය.
තත්ත්වය මැඩ පැවැත්වීමට කැරළි මර්දන පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මැදිහත් වූ අතර අවසානයේ හෙල්මට් පැළද සිටි පොලිස් කැරළි මර්දන නිලධාරිහූ ප්‍රේක්‍ෂකයන් පළවා හැරියහ. ප්‍රේක්‍ෂයන් පළවා හැර මාර්ගය නිදහස් කරගන්නා තෙක් කණ්ඩායමේ බස්රථය ක්‍රීඩාංගණය තුළ නවතාගෙන සිටියේය.
ශ්‍රී ලංකා පිලට විරෝධය දක්වති

ගොං ෆකයල පැරදුන හැමදාම කියන්නේ ප්‍රේක්ෂකයෝ අප සමගයි, අද අප්සෙට් හෙට ගහනවා එදාටත් ප්‍රේක්ෂකයෝ අපි සමගයි අපිට හරි සතුටුයි කියලා.

තව මැච් දෙකක්වත් දින්නේ නැත්නම් වර්ල්ඩ් කප් යන්නත් බැරිලු