ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ අගෝස්තු මාසය දක්වා කල්දමා තිබේ.
ඉන්දීය ක්‍රීඩකයින් අදාළ තරගාවලියට සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබීම හේතුවෙන් තරගාවලිය පැවැත්වීම පිළිබඳ ගැටලු මතුව තිබුණි.
ඒ අනුව අදාළ තරගාවලිය ලබන වසරේ දී පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
එම තරගාවලිය මේ මස 19 වැනි දින සිට ආරම්භ වීමට නියමිතව තිබුණි.
කෙසේවුව ද විදෙස් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයකින් තොරව අන්තර් පළාත් පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
Code:
ada derana