1gbps ekai dekama tyanwa kiyanna waradak na
1Gbps ekata monthly rate eka wadida ?
1gbps ekai dekama tyanwa kiyanna waradak na
මේ බන් සයිට් එකේ තියෙන්නේ megaline එකෙන් fiber මාරු වෙනවා නම් 7500 ගන්නවා කියලනේ
මේ ප්‍රශ්නය මෙහෙම Poll එකක් දාල අහන්න පුලුවන් දෙයක් නෙමෙයි. තමන්ගෙ අවශ්‍යතාවයමත තීරණය වෙන දෙයක්. මේකෙ සමහර අය නිකං දීල ෆයිබර් නොගෙන ඉන්නව. මම වෙනම ගෙදර ළඟට එනකල්ම කේබල් අදින්න සල්ලි ගෙවල බර ගානක් වියදම් කරල කට්ටක් කාල මෙහේ Regional Manager ගෙනුත් Approval අරගෙන කනෙක්ෂන් එක ගත්ත. කෙනාගෙන් කෙනාට අවශ්‍යතාවය අනුව වෙනස්.
කොහොමහරි සමස්තයක් විදියට කිව්වොත්.
වාසි.
1. ස්පීඩ් එක(මේක ගැන කතා කරල වැඩක් නෑ. අහසට පොළව වගේ වෙනසක් තියෙනව ස්පීඩ් එකේ)
2. අප්ලෝඩ් ස්පීඩ් එක(මේක තමයි මම නම් ෆයිබර් ගන්න ලොකුම හේතුව. ඒකත් අහසට පොළව වගේ වෙනසක්)
3. Connection Stability & Latency, Ping (කනෙක්ෂන් එක මාර කොලිටියි. පින් එක හෙම හෙනම අඩුයි. 7ms වගේ යන්නෙ)
4. අකුණු අනං මනං කේස් මුකුත්ම නෑ(මේකත් ලොකුම වාසියක්).
5. වැස්සට ඩ්‍රොප් වෙනව වගේ දේවල් වෙන්නෙ නෑ.(සමහර ADSL Connection වල මෙහෙම වෙනව)
6. PeoTV Use කරන කෙනෙක්නම් එක Line එකකට කනෙක්ෂන් 3ක් ගන්න පුලුවන්.
අවාසි.
1. බිලේ රුපියල් 50ක වගේ වෙනසක් වේවි(ෂුවර් නෑ).
2. කරන්ට් එක ගියොත් ටෙලිෆෝන් එක වැඩ නැතිවෙනව.
3. දුර වැඩි නම් තනෙක්ෂන් එකේ ලෙඩ වැඩියි.
* මෙන්න මේක තමයි ලොකුම කේස් එක. ගෙදර ඉඳල බෝක්ස් එකට තියෙන දුර වැඩි නම් ඒ වගේම ඔයා ටවුන් ඒරියා එකක නෙමෙයි නම් ඉන්නෙ දෙපාරක් හිතන්න ගන්න කලින්. මොකද ගහක අත්තක් කඩාගෙන වැටුනත් පොඩ්ඩ ඇත්නම් ලයින් එක කැඩෙනව. මේක නම් ලොකුම අවුලක්.
4. අවුලක් උනොත් ෆයිබර් හදන්න ඉන්න ටීම් අඩු නිසා ADSL වලට සාපේක්ෂව හදන්න යන කාලය වැඩි වෙයි.
5. ස්පීඩ් එක වැඩි නිසා හරියට පරිස්සමෙන් පාවිච්චි නොකරොත් ඩේට වාෂ්ප වෙයි.
Call karala kiwwa DP eka daddima gaththoth 2000 ta denawa kiyala