Smart eBikes 2014/2015

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Smart eBike කියන්නෙ, නවීන තාක්ෂණය උපයෝගී කරගෙන වැඩි දියුණු කල, අපි කවුරුත් දන්න පාපැදියටමයි. මෙහිදී මූලික වශයෙන් කෙරෙන්නේ, මෝටරයක් මගින් පාපැදිය පැදීමට පහසු කරන තල්ලුවක් ලබාදීමයි. වැඩි ආයාසයකින් තොරව පාපැදිය පැදීමේ හැකියාවක් මෙහිදී ලැබේ.

    eBike එකක ප්‍රධාන වාසි 4ක් තියනවා.
    01. පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍යක් වීම. :love:
    02. වාහන තදබදයට විසඳුමක් වීම. :love::love:
    03. ඉන්දන ගැටළුවට විසඳුමක් වීම. :love::love::love:
    04. මිනිස් සෞඛ්‍ය ඉහල නැංවීමට ඉවහල් වීම. :love::love::love::love:

    ප්‍රකට සමාගම් රාශියක් මෙම eBike නිෂ්පාදනයට මේ වන විට අතගසා ඇති අතර බටහිර රටවල මෙම පාපැදි භාවිතය සීග්‍රයෙන් පැතිරෙන යන trend එකක් වි ඇත.

    අපි මුලින්ම Audi සමාගමේ නිෂ්පාදනයක් ගැන බලමු.
    audishow.jpg

    යුරෝපයේ දක්ෂතම auto engineerලා, software engineerලා, electronic engineerලා, scientistලා සහ නවීන designerලාගේ බොහොමයක් දායක කරගනිමින් ගොඩනැගෙන සංකල්ප මත තමා Audi eBike නිෂ්පාදනය වෙන්නෙ.
    audi2.jpg

    කාබන් ෆයිබර් වලින් තැනූ full-suspension සැකිල්ල හා රෝද පාපැදියට අලංකාර මෙන්ම, ඉතා සැහැල්ලු හා ශක්තිමත් නිමාවක් ලබාදෙන අතර, බොහෝමයක් eBike නිෂ්පාදකයන් මෙන්ම Audi සමාගමද මෙම පාපැදි සැකිල්ලට lifetime warrenty එකක් ලබාදෙනවා. ඉදිරිපස suspension ෆෝක් එක පවා මෙම පාපැදියටම වෙනුවෙන්ම කල නිර්මාණයක් වන අතර; මෙහි රිම් යුගලය නිමවා ඇත්තේ eBike නිෂ්පාදනයේ ප්‍රමුඛතම සමාගම වන PG Bikes හි Blacktrail පාපැදියේ සුවිශේෂී රිම් පද්ධතියට සමාන වන අන්දමිනි.
    audi4.jpg

    audi2.jpg

    audi5.jpg

    බොහොමයක් eBike වලට මෙන්ම, Audi eBike එකටත් පහසුවෙන්ම තනිරෝදයෙන් ගමන් කිරීමේ හැකියාව පවතිනවා. පිටුපස මෙන්ම ඉදිරිපස රෝදයේද සමබරතාව රැකගැනීමට හැකි වන පරිදි program කර ඇති eBike ද මේ වන විට වෙළඳපොලේ පවතී.
    audi6.jpg

    සීට් එක, පස්සට ඇදී, ගැස්සීම් පාලනය කරගත හැකි අන්දමෙන් නිපදවා ඇත.
    audi7.jpg

    හයිඩ්‍රොලික් හා කාබන් ෆයිබර් වලින් නිපද වූ බ්‍රේක් පද්දතියට ඉදිරිපස හා පසුපස රෝද දෙකටම ඩිස්ක් බ්‍රේක් මගින් සම්බන්ධ වේ.
    audi8.jpg

    බොහෝ eBike, digital display එකකින් සමන්විත වන අතර, GPS sensor සහ Mobile phone charge කිරීමේ හැකියාවද ඇත.
    audi10.jpg

    ලංකාවත් ලැම්බොගිනි හදන වෙලාවෙ, ලංකාවෙ මිනිස්සුන්ට ගැලපෙන eBike එකක් හැදුවා නම් මොකද? ;)
    මෙන්න මේ වීඩියෝවෙ හොඳ eBike ගොඩක් තියනවා.
    Watch the video and comment What is your favorite? :love::love::love:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Rep ++
    මටත් ඹය බයිසිකල් පිස්සුව තියේ
    ඹක downhill bike body ඒකකට කරලා තියෙන්නේ මචන් උපරිම durability ඒකක් තියෙන්නේ ඹවාට තමා මේ තියෙන්නේ ඹරිජිනල් ඒකක්

    Angle-GloryDH.jpg
     
    Last edited:

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    ලංකාවත් ලැම්බොගිනි හදන වෙලාවෙ, ලංකාවෙ මිනිස්සුන්ට ගැලපෙන eBike එකක් හැදුවා නම් මොකද? :yes:
    rep 4