රිද්දගත්තම ඕම ත්‍රෙඩ් දාන්න එපා යකො. දැන් ඔය ඉන්න තත්වෙනුත් පල්ලෙහාට වැටිලා වගා ලිඳට වැටෙන එකයි වෙන්නෙ.
අපේ සින්හල මෝඩඋන් ඔහොම තමයි බන්..



බලපන් හකීම් හම්බයා..
==========
රාවුෆ් හකීම් යනු මෝඩයකු නොවේ. ඔහු අතිශයින් සටකපට, බෙදුම්වාදී හා සමාජ විරෝදී දේශපාලකයෙකි. එමනිසා ඔහුගේ ප්‍රකාශය මෝඩ දේශපාලකයකුගේ මෝඩ ප්‍රකාශයක් ලෙස සලකා share කරමින් එයට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දෙමින් විනෝද නොවන්න. ඔහුගේ ප්‍රකාශයේ ප්‍රදාන අරමුණු දෙකක් මට පෙනේ.
පළමුවැන්න නම් සමාජයේ බෙදීමක් ඇති කිරීමයි. ජාතිය මත පදන්ම්ව දේශපාලනය කරන දේශපාලකයෙකු ලෙස පහුගිය සති දෙක ඔහුට අපළය. මිනිසුන් හමුදාවන්ට සහ ජනාදිපතිවරයාට කැමැත්තක් ඇති කර ගන්නා බව පමණක් නොව එක ජාතියක් වශයෙන් පොදුසතුරකුට එරෙහිව නැගී සිටින බව කාටත් පෙනුනි. ඔහුගේ ප්‍රකාශයට කුපිත වන මේ මොහොතේ බියෙන් හා තැතිගැන්මෙන් සිටින සිංහල හෝ ද්‍රවිඩ ජනතාව ජාතිවාදී ප්‍රකාශ කිරීමට හොදටම ඉඩ ඇති බවත් ඉන් ගොඩ නැගෙමින් පවතින සමගිය බිදෙනබවත් ඔහු පළපුරුද්දෙන් දනී. එය සිදු වෙමින් පවතින බව අපටත් දැන් හොදටම පෙනේ.
ඔහුගේ දෙවෙනි අරමුණ ඊටත් වඩා ම්ලේච්ඡ එකක් විය හැක.තමාගේ කතාව අසන තමන්ට චන්දය දුන් අයගෙන් අතිශය නූගත් කොටස බිය නිසා ප්‍රතිකාර සදහා යොමු නොවී සිටීමට ඉඩ ඇති බව ඔහු දනී. එමගින් මෙම වසංගතය මර්දනයට රජය ගෙන යන සාර්ථක වැඩ පිලිවෙල අඩපන විය හැකි බවද ඔහු දනී. මෙය මොහු අතඩංගුවට පත් විය යුතු අපරාධයකි.
කෙසේ වෙතත් මේ මොහොත අපි සැවොම ඉවසීමෙන් හා ඇස් ඇරගෙන ගත කල යුතු හෝරාවකි.








