Software Price Help

ja2k17ja

Member
May 10, 2017
185
166
0
තිස්සමහාරාම
එලකිරි එකේ යාලුවන්ගෙන් පොඩි අදහසක් දැනගන්න ඕන, පොඩ්ඩක් ඇතුලට ඇවිල්ලා බලපං...
.
.
.
.
.
.

මම හදපු POS System එකක් Upwork එකේ Client කෙනෙක් ඉල්ලනවා බං 700USD වලට හැබැයි ඌ ඒක ඉල්ලන්නේ සෝස් කෝඩ් එකත් එක්කමයි,
මට තේරෙන්නෙ නම් මේ ගානට පට්ටම පාඩුයි වගේ(වැඩේ තියෙන්නෙ මම මේ සිස්ටම් එක ලංකාවෙ ඉන්ස්ටෝල් කරන්නේ රුපියල් 50,000කට ඒකත් අවුරුද්දට රෙන්ටල් එක්ක),
උඹල පොඩ්ඩක් අයිඩියා එකක් දීපංකො සාමාන්‍යයෙන් කීයකට වගේද මේ වගේ සිස්ටම් එකක් සෝස් කෝඩ් එකත් එක්ක දෙන්න පුලුවන්?

මේ ගාන ගැන උඹල මොකද හිතන්නේ?

පොඩ්ඩක් අදහස් ටිකක් දීපංකො
12++ වලින් සළකන්නම් අයිඩියා වලට

එල

මේක මගේ පුද්ගලික අත්දැකීමක්.
දැනට අවුරුදු 20කට විතර කලින් මටත් ඔයවගේ සිදියක් සිදුවුණා. A / L කරන කාලෙ. මටත් ඔයවගේ බයර් කෙනෙක් සෙට්වුනා. එයත් ඉල්ලුව source code ඔක්කොම එක්ක මම හදපු software එක $3000 කට. මට මතක විදියට ඒකාලේ රුපියල් ලක්ෂ දෙකකට පොඩ්ඩක් අඩුයි. හැමෝම කිව්වා දෙන්න එපා කියල. නමුත් මම ඒක එයා ඉල්ලපු ගානටම දුන්න. ඊට මාස කිහිපයකට පස්සෙ මම හැදුව වගේ සොෆ්ට්වරේ එකක් වෙනත් කෙනෙක් develop කරල Open Source විදියට release කරා :D
අන්තිමට මම software එක විකුනපු මනුස්සය අපහු මාව contact කරල කියනව එයා එක ගත්තෙ මගේ coding skills බලන්න කියල. එය මගේ coding වල අවුල් තැන් පෙන්නලා දීල A / L ඉවර වුනාට පස්සෙ එයත් එක්ක වැඩ කරන්න කිව්ව.

මම ඔයාට දෙන පණිවිඩය නම්. IT field එකේදී අපිට contacts අවශ්‍ය වෙනව. කවදාවත් අපිට ලැබෙන contacts අතහරින්න එපා.
දෙවෙනි පණිවිඩය කවදාවත් කේවල් කරන්න එපා. Yes හෝ NO විතරක් බාවිතා කරන්න. කවදාවත් කියන්න එපා "මට තව රුපියල් 2000ක් වත් දෙන්න" වගේ දේවල්. දෙන්න කැමතිනම් ඉල්ලන ගානට දෙන්න. දෙන්න අකමැතිනම් දෙන්න බෑ කියල කියන්න.

ගූඩ් ලක්!
 
  • Like
Reactions: D T and sithija.h

ja2k17ja

Member
May 10, 2017
185
166
0
තිස්සමහාරාම
ඔය ගණන් range එක අනුව තමයි බන් යන්නේ....දැන් accounting platform දෙන්නෙත් ලක්ෂ 3ත 4ත ..

එක නිසා පොස් system එකකට ඔය ගැන අවුලක් න...නැත්නම් තව වැඩි කරොත් u වෙන එකෙක්ට කියල indian එකෙක්ට කියල හද ගැනී තව තුට්ටු 2කට ...අනිත් එක උබ ඕක u වෙනුවෙන්ම code කරනවා නෙම්යිනේ ...

u වෙනුවෙන්ම code කරනවානම් අනිවා 1500 ක් වත් ගන්නවා...​
:yes::yes::yes::yes:
 
sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේක මගේ පුද්ගලික අත්දැකීමක්.
    දැනට අවුරුදු 20කට විතර කලින් මටත් ඔයවගේ සිදියක් සිදුවුණා. A / L කරන කාලෙ. මටත් ඔයවගේ බයර් කෙනෙක් සෙට්වුනා. එයත් ඉල්ලුව source code ඔක්කොම එක්ක මම හදපු software එක $3000 කට. මට මතක විදියට ඒකාලේ රුපියල් ලක්ෂ දෙකකට පොඩ්ඩක් අඩුයි. හැමෝම කිව්වා දෙන්න එපා කියල. නමුත් මම ඒක එයා ඉල්ලපු ගානටම දුන්න. ඊට මාස කිහිපයකට පස්සෙ මම හැදුව වගේ සොෆ්ට්වරේ එකක් වෙනත් කෙනෙක් develop කරල Open Source විදියට release කරා :D
    අන්තිමට මම software එක විකුනපු මනුස්සය අපහු මාව contact කරල කියනව එයා එක ගත්තෙ මගේ coding skills බලන්න කියල. එය මගේ coding වල අවුල් තැන් පෙන්නලා දීල A / L ඉවර වුනාට පස්සෙ එයත් එක්ක වැඩ කරන්න කිව්ව.

    මම ඔයාට දෙන පණිවිඩය නම්. IT field එකේදී අපිට contacts අවශ්‍ය වෙනව. කවදාවත් අපිට ලැබෙන contacts අතහරින්න එපා.
    දෙවෙනි පණිවිඩය කවදාවත් කේවල් කරන්න එපා. Yes හෝ NO විතරක් බාවිතා කරන්න. කවදාවත් කියන්න එපා "මට තව රුපියල් 2000ක් වත් දෙන්න" වගේ දේවල්. දෙන්න කැමතිනම් ඉල්ලන ගානට දෙන්න. දෙන්න අකමැතිනම් දෙන්න බෑ කියල කියන්න.

    ගූඩ් ලක්!

    Ela bn thanks for the advice mcn
    :) :)

    :) :)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේක මගේ පුද්ගලික අත්දැකීමක්.
    දැනට අවුරුදු 20කට විතර කලින් මටත් ඔයවගේ සිදියක් සිදුවුණා. A / L කරන කාලෙ. මටත් ඔයවගේ බයර් කෙනෙක් සෙට්වුනා. එයත් ඉල්ලුව source code ඔක්කොම එක්ක මම හදපු software එක $3000 කට. මට මතක විදියට ඒකාලේ රුපියල් ලක්ෂ දෙකකට පොඩ්ඩක් අඩුයි. හැමෝම කිව්වා දෙන්න එපා කියල. නමුත් මම ඒක එයා ඉල්ලපු ගානටම දුන්න. ඊට මාස කිහිපයකට පස්සෙ මම හැදුව වගේ සොෆ්ට්වරේ එකක් වෙනත් කෙනෙක් develop කරල Open Source විදියට release කරා :D
    අන්තිමට මම software එක විකුනපු මනුස්සය අපහු මාව contact කරල කියනව එයා එක ගත්තෙ මගේ coding skills බලන්න කියල. එය මගේ coding වල අවුල් තැන් පෙන්නලා දීල A / L ඉවර වුනාට පස්සෙ එයත් එක්ක වැඩ කරන්න කිව්ව.

    Wow.. 1997? Mona language ekenda heduwe? VB? Kohomada sell kare, i mean how did you find a buyer those days?
     
    ja2k17ja

    Member
    May 10, 2017
    185
    166
    0
    තිස්සමහාරාම
    Wow.. 1997? Mona language ekenda heduwe? VB? Kohomada sell kare, i mean how did you find a buyer those days?
    97 අග වගේ මතක. මම හැදුවෙ ඒ දවස් වල අපි internet යන්න බාවිතා කරපු Fax/voice modem එකෙන් පොඩි PBX එකක් යන්තම් IVR එකෙන් Welcome to .... කියල play කරගන්න පුළුවන් වුනා. call එක voice mail විදියට රෙකෝඩ් කරා. තනිකරම C වලින් තමයි ලිව්වේ :D RedHat 4 තමයි use කරේ. මම ඒ දවස්වල වල internet එකට වඩා usenet තමයි use කළේ. හුගක් දේවල් ඉගෙන ගත්තෙ Usenet එකෙන් සහ පොත් කියවල, ඉන්දියාවට ගිහිල්ල පොත් ගෙනාපු අවස්ථාත් තිබුන :) බයර් ව නම් හම්බවුනේ IRC (දැන් Freenode) එකෙන්. මම FTP එකෙන් app එක upload කරා . පොර මට චෙක් එකකින් තමයි සල්ලි එව්වේ ඒක මාරුකරන්න මාසයක් වගේ ගිය.
    ඒ දවස් වල IRC වල 20කට වැඩිය users ල හිටියෙ නෑ. ඒ දවස්වල අදුන ගත්ත අයගෙන් ගොඩ දෙනෙක් දැන් හුගක් වයසයි :( මාත් දැන් 40ට කිට්ටුයි :D
     
    • Like
    Reactions: HSW

    ඇත්තටම සතුටුයි,
    මාත් ඔයා වගේම තමයි, මගේ වයස දැන් අවු 20යි,
    මම වැඩ පටන් ගත්තේ 8වසරෙදි,
    ඔයා වගේම තමයි 12වසර වෙද්දි අපේ ඉස්කෝලෙ Relief System එකත් තනියම කළා, දැන් අවු 3ක් තිස්සේ ඒක රන් වෙනවා, ඒ කාලෙමයි මම මේ POS System එක Develop කළේ
    දැන් මේක Keels Super එකේ Pharmacy දෙකකත් රන් වෙනවා, ඒ විතරක් නෙමෙයි තැන් 12ක විතර දැනට රන් වෙනවා අවු 3ක් තිස්සේ, මම මේ සිස්ටම් එක හැදුවෙ අවු 17දි විතර.

    මට එ් නිසාමයි මේ සෝස් කෝඩ් එක දෙන්න ටිකක් අප්සට් ගියේ,

    හඳුනාගැනීම සතුටක්
     
    Last edited:
    • Like
    Reactions: HSW

    buwasl

    Member
    Oct 29, 2013
    34
    4
    0
    කෝඩ් එකත් එක්ක දුන්නා කියලා ලංකාවෙ විකුනන්න බැරි නෑනෙ.

    ට්‍රයි කරන්න ඔය ප්‍රොජෙක්ට් එකේ changes කරන්නත් agreement එකකට එන්න. එතකොට තව income එකක්.
     
    • Like
    Reactions: sithija.h

    ja2k17ja

    Member
    May 10, 2017
    185
    166
    0
    තිස්සමහාරාම

    ඇත්තටම සතුටුයි,
    මාත් ඔයා වගේම තමයි, මගේ වයස දැන් අවු 20යි,
    මම වැඩ පටන් ගත්තේ 8වසරෙදි,
    ඔයා වගේම තමයි 12වසර වෙද්දි අපේ ඉස්කෝලෙ Relief System එකත් තනියම කළා, දැන් අවු 3ක් තිස්සේ ඒක රන් වෙනවා, ඒ කාලෙමයි මම මේ POS System එක Develop කළේ
    දැන් මේක Keels Super එකේ Pharmacy දෙකකත් රන් වෙනවා, ඒ විතරක් නෙමෙයි තැන් 12ක විතර දැනට රන් වෙනවා අවු 3ක් තිස්සේ, මම මේ සිස්ටම් එක හැදුවෙ අවු 17දි විතර.

    මට එ් නිසාමයි මේ සෝස් කෝඩ් එක දෙන්න ටිකක් අප්සට් ගියේ,

    හඳුනාගැනීම සතුටක්
    ඇත්තටම සතුටක් දැනෙනව ඔයා ගැන දැනගන්න ලැබුනම. ලංකාවේ Education system එක අනුව රටට බිහි කරන්නෙ. රටට ඕනකරන දේවල් නෙවි. අපේ ආණ්ඩු කවදාවත් තේරුම් ගත්තේ නැ ළමයෙක් ගෙ වයස අවුරුදු 16 වෙනකොට එයාගේ මොලය උපරිම ක්‍රියාකාරීත්වයෙන් වැඩ කරනව කියල. ඒත් එයාලට වෙලා තියෙන්නෙ A / L කියන මර උගුලට අහුවෙලා තමාගේ හැකියාවන් මොට වෙලා යනකම් බලාගෙන ඉන්න. මම නම් දකින්නෙ 16 වෙනකොට එයාල තමාගේ උසස් අධ්‍යාපනය අවසන් කොට තියෙන්න ඕන.

    අනිත් එක තමා අපේ තියෙන සහතික පිටිපස්සෙ යන මානසිකත්වය. අපි යමක් ඉගෙන ගන්නෙ හොද සහතිකයක් ලබාගන්න කියල තමා අදකාලේ බොහෝ පිරිසක් හිතාගෙන ඉන්නෙ. අපිට උපාදියක්, සහතිකයක් නැතුව හොද රැකියාවක් කරන්න බෑ කියල සමහරු හිතාගෙන ඉන්නව. ඒක බොරුවක්.
    හොද රැකියාවකට අවශ්‍ය වන එකම දේ IQ සහ skills පමණයි.

    අදටත් මම බාවිතා කරන දේවල් වලින් පාසලෙන් කියල ඉගෙන ගෙන තියෙන්නෙ 3 වසරෙදි මම ඉගෙන ගත්ත 1+1 = 2, 2+3=5 හා 4 වසරේදී ඉගෙන ගත්ත 20/5=4 වගේ දේවල් විතරයි. එහෙම. අනෙක් සියලුම දේවල් මම ඉගෙන ගෙන තියෙන්නෙ තනියම ඒ අවුරුදු 13 ට පස්සෙ. එහෙම බලනකොට මට පේන්නෙ මම අවුරුදු 5ක් පාසලෙන් ඉගෙන ගෙන තියෙන දේවල් වලින් කිසිම වැඩක් නෑ කියල තමයි.

    වාසනාවකට මට අහම්බෙන් වගේ computer ගැන දන්න අයිය කෙනෙක් අදුනගන්න ලැබුන. එයා මට එයාගෙ Intel 286 ලැප්ටොප් එකක් සති 2කට use කරන්න දුන්න. ඊට පස්සෙ සති දෙක මාසයකටත් දික්වුණ :) මට ඒකාලෙ වෙනකොට computer එකක ක්‍රියාකාරිත්වය ගැන හොද අවබෝදයක් තිබුනට computer එකක් අතගාලවත් නැ. :D මම logics gates ගැන එයත් එක්ක එදා කතාකරල තමයි අද මේ වගේ එළකිරි එකේ ඉන්නෙ :)

    මම පොඩිකාලෙ electronics වලට ආස නිසා තාත්ත මට "සෙනිත් සිප්නැන" සගරාව ගෙනැල්ල දෙනව එකෙ logics gates ගැන හා microprocessor ගැන ලිපි ටිකක් තිබුන. හැමදේම කියවල හොදින් තේරුම් ගත්ත. නමුත් ඒ වෙනකොට මේ කියන කිසිම දෙයක් ඇහැට දැකල තිබුනේ නැ. මම ඒ සගරා ටික කියවල ඉගෙන ගත්ත ලොකුම දේ තමයි මෙන්න මේක "අවශ්‍යතාවය කොතන ද , මාර්ගයද එතන ඇත" මෙන්න මේ වැකිය "සෙනිත් සිප්නැන" (1992 වගේ මතක ) microprocessor පාඩමේ එක තැනක තිබුන. ඇත්තටම මේ වැකිය තමයි මව දිරිමත් කලේ.

    මම ඔයාට කියන්නෙ අපිට ලැබෙන හෝ ඇතිවෙන සම්බන්දතා වලට කවදාවත් මුදලින් වටිනා කමක් දෙන්න එපා. මම ඔය කියපු බයර් තමා 2008 වෙනකම් මගේ CTO.
    රුපියල් 8000 මොඩම් එකක් දාගෙන PBX හදපු මට ඊලග අවස්ථාව ලැබුනෙ $50,000ක් මිල Dialogic telephony cards 4ක් එක්ක සෙල්ලම් කරන්න.

    අනිත් එක තමා අපි ටිකක් හිතුවක්කාර වෙන්න ඕන. අනිත් අය කියන දේ ගැන ඇහුම්කන් දුන්නට. උපදෙස් වගේ දේවල් පිළිපදින්න ඕන ඒ අය තමාට වඩා සාර්ථක නම් පමණයි.

    ලංකාවේ ගොඩක් ඉන්නෙ තමන්ට අදාල field එක ගැන උපදෙසක් දීමට නොහැකි. තමන්ට කිසිම අදාලත්වයක් නැති දේවල් ගැන උපදෙස් දෙන පිරිසක්. බලන්න ඔය කොන්ඩෙ කපන්න සැලූන් එකකට ගියාම සැලූන් එකේ කොන්ඩෙ කපන මල්ලි රටේ ආර්ථිකය ගැන දෙන talk එක. :D එත් පොරට බෑ විනාඩි 10කින් කොන්ඩෙ කපන්න. :D

    තව දෙයක්.... ඇත්තටම ඔයා අවුරුදු 3ක් වැය කරලා තියෙන්නෙ POS එක හදන්න නෙවි. ඔයා ඒ කාලය වැය කරල තියෙන්නෙ අත්දැකීමක් ලබන්න. ඔයා ඒ ලබපු අත්දැකීම හැමදාමත් ඔයත් එක්ක රැදෙනව. ඒක ඔයා software එක විකුනන විට $700කට බයර් ලගට යන්නේ නෑ.

    ජිවිතේ ගැන target එකක් දාගන්න . 25 වෙනකම් full time development + study කරන්න. ඒ අතරේම job එකක් හොයාගන්න හෝ පොඩි income එකක් හදාගන්න(පොඩි පොඩි වියදම් ටික cover කරගන්න) 25 සිට ලෝකෙට වැඩක් කරන්න පුළුවන් පොරක් වෙන්න බලන්න.

    ගුඩ් ලක්.
     
    Last edited:
    • Like
    Reactions: ForgottenSand

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    වැඩි ගානකට දෙන්න ට්‍රයි කරහන් ඔය ඩිල් එක මිස් නොවෙන විදියට. නැත්නම් 700 ත් නෑනේ.

    :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    මම පොඩිකාලෙ electronics වලට ආස නිසා තාත්ත මට "සෙනිත් සිප්නැන" සගරාව ගෙනැල්ල දෙනව එකෙ logics gates ගැන හා microprocessor ගැන ලිපි ටිකක් තිබුන. හැමදේම කියවල හොදින් තේරුම් ගත්ත. නමුත් ඒ වෙනකොට මේ කියන කිසිම දෙයක් ඇහැට දැකල තිබුනේ නැ. මම ඒ සගරා ටික කියවල ඉගෙන ගත්ත ලොකුම දේ තමයි මෙන්න මේක "අවශ්‍යතාවය කොතන ද , මාර්ගයද එතන ඇත" මෙන්න මේ වැකිය "සෙනිත් සිප්නැන" (1992 වගේ මතක ) microprocessor පාඩමේ එක තැනක තිබුන. ඇත්තටම මේ වැකිය තමයි මව දිරිමත් කලේ.

    අය්යා ලග නැත්ද දැන් ඒ සෙනිත් පොත්....මමත් මුලින්ම electronics වලට ඇත තිබ්බේ සෙනිත් ලගේ පොතකින්....

    දැන් එවුන් දන්නේ නැති උනාට ඒ කලේ සෙනිත් කිව්වම electronics කරන එකෙක් දන්නේ නැතිනම්...උ හරියට කොලබ දන්නේ නැතිව ලංකාවේ ජිවත් වෙන එකෙක් වගේ...​
     
    ja2k17ja

    Member
    May 10, 2017
    185
    166
    0
    තිස්සමහාරාම
    අය්යා ලග නැත්ද දැන් ඒ සෙනිත් පොත්....මමත් මුලින්ම electronics වලට ඇත තිබ්බේ සෙනිත් ලගේ පොතකින්....

    දැන් එවුන් දන්නේ නැති උනාට ඒ කලේ සෙනිත් කිව්වම electronics කරන එකෙක් දන්නේ නැතිනම්...උ හරියට කොලබ දන්නේ නැතිව ලංකාවේ ජිවත් වෙන එකෙක් වගේ...​

    :yes::yes::yes::yes:

    මගේ සෙනිත් පොත්ටික මම මල්ලි කෙනෙකුට දුන්න. දැන් එය Canada වල පදිංචිය. පොරත් හොද developer කෙනෙක්. ගොඩක් කරන්නෙ firmware develop කරන එක. නිකමට වගේ අහල බලන්න ඕන පොත්ටිකට මොකද කලේ කියල.

    මම නිකන් google පාරක් දාල බැලුව. එතකොට http://senith.lk/shop/item/1289/senith-sipnena-magazine-43-48 මේක ලැබුන.

    මේ පොත් හුගක් වටිනව. ඒ කාලෙ මේවා කියවපු අය අද හොද තැන්වල.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,524
    6,499

    මට වයස 23යි දැනුයි programming ඉගෙනගන්න පටන්ගත්තෙ. ඔයලා අපිට වඩා ගොඩක් කලින් පටන් අරගෙන තියෙන්නෙ. වයස වැඩිනිසා මම වගෙ අයට කලින් පටන්ගත්ත අය තරම් හොද programmer කෙනෙක් වෙන්නෙ බැරිවෙයිද????? :sorry::sorry::sorry:
     
    ja2k17ja

    Member
    May 10, 2017
    185
    166
    0
    තිස්සමහාරාම
    මට වයස 23යි දැනුයි programming ඉගෙනගන්න පටන්ගත්තෙ. ඔයලා අපිට වඩා ගොඩක් කලින් පටන් අරගෙන තියෙන්නෙ. වයස වැඩිනිසා මම වගෙ අයට කලින් පටන්ගත්ත අය තරම් හොද programmer කෙනෙක් වෙන්නෙ බැරිවෙයිද????? :sorry::sorry::sorry:

    නැතෝ! එහෙම වෙන්නෑ. අපිට වඩා අද කාලෙ අයට ගොඩක් resources තියෙනව. අපිට ගොඩක් මහන්සි වෙන්න වුනා පොඩි දෙයක් වුනත් ඉගෙන ගන්න. ඒ කලේ අපිට තිබුනේ 28Kpbs අධි වේගී internet තමයි. ඔයාලට අපිට වඩා ගොඩක් දුර යන්න පුළුවන්. මොකද ඔයාලට පුළුවන් අපි නතර කරපු තැනින් පටන් ගන්න. මම කැමතියි මම ලබපු අත්දැකීම් බෙදාගන්න. අපි ඉගෙන ගන්න කපු කටු ඔයාල කන්න ඕන නෑ.

    You don't have to reinvent the wheel, just attach it to a new wagon.
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    Matanam hithenne,

    source code ekath ekka wikunanawanam proper agreement ekak sign karala denda kiyala. mokada, source code ekath ekka product eka sell karama, ekath ekka exclusive rights uuta yanawanam , ayeth eka wena ekekta wikunanda ubata bari wenawa.

    Eka nisa, exclusive rights umbata ena widihtath, source code modify karala sella karanda kalin umben written permission ganda wena widihtaktath, e hama sale ekakinmath podi comission ekak umbtath ena widihata agreement ekakata katha karapan.

    puluwan nam, encrypt karapu code ekak add karapan, umbe app eka install karama, licence eka verify karanda sidda wena widihe, umbage server script ekak haraha. - adahasak pamani,
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මට වයස 23යි දැනුයි programming ඉගෙනගන්න පටන්ගත්තෙ. ඔයලා අපිට වඩා ගොඩක් කලින් පටන් අරගෙන තියෙන්නෙ. වයස වැඩිනිසා මම වගෙ අයට කලින් පටන්ගත්ත අය තරම් හොද programmer කෙනෙක් වෙන්නෙ බැරිවෙයිද????? :sorry::sorry::sorry:

    බොට පිස්සුද...වයස කියන දේ අදාලම නැ ඉගෙන ගන්න....ඒ වගේම උබට වැඩ වයස අයත් ඕනේ තරම් ඉගෙන ගන්න පටන් ගන්නවා....:dull: