machan kochchara loku battery ekak ganna onada 3kva ekakata? anika solar nathuwa grid ekek charge wenna set karoth paduda? passe solar panels da gannakan?
බැටරියෙ සයිස් එක තීරනය වෙන්න ඔයාට කොයි තරම් වෙලාවක් මොන වගේ වොට් ගානක් යූස් කරන්න ඕනද කියන එක මත
බැටරියෙ වෝල්ටේජ් එක Ah ගානෙන් වැඩි කරාම යුනිට් කීයක් ස්ටෝ කරන්න පුලුවන්ද කියලා හොයා ගන්න පුලුවන්
උදාහරනයක් විදියට 24v, 100Ah කියන්නෙ = 24000Wh = 2.4KWh = යුනිට් 2.4යි,
ඔයා යූස් කරන බඩු ටිකේ වොට් ගනන් සහ ඒව යූස් කරන වෙලාව දන්නවා නං මේක හදා ගන්න පුලුවන්.
50% dischaging kiuwe case da? danne na me subject eka ekai
බැටරියෙ කෑපෑසිටි එක සම්පූර්ණයෙන්ම යූස් කරොත් බැටරිය ගොඩක් කල් යූස් කරන්න බැහැ, ලෙඩ් ඇසිඩ් නං 50% තමයි යූස් කරන්න පුලුවන්, ඒ කියන්නෙ 100Ah එකක් ගත්තොතින්, ඇත්තටම යූස් කරන්න පුලුවන් 50Ah වගේ කියන එක.
Li ion/LiFePO4 වගේ නං 80%ක් විතර යූස් කරන්න පුලුවන්, හැබැයි ඒවත් 50% වගේ යූස් කරනවා නං ගොඩක් කල් යූස් කරන්න පුලුවන්.
කලින් හදපු විදියට, 24v/100Ah ලෙඩ් ඇසිඩ් බැටරියක නං ඇත්තටම යූස් කරන්න පුලුවන් වෙන්නෙ යුනිට් 1.2ක් වගේ, Li ion/LiFePO4 වගේ නං යුනිට් 2ක් වගේ, inverter වල ලොස් එහමත් තියනවා එතකොට මේ ගානෙනුත් 80%-90% අතර ගානක් තමයි ප්රැක්ටිකලි අපිට යූස් කරන්න පුලුවන් වෙන්නෙ.