තොරතුරු වැඩි උනා, නමුත් එකක් වත් තේරුමක් ඇති තොරතුරු නෙමෙයි..
12 වසරේදී යනකොට ක්‍රියේටි විටි එක ඉවරයි. තමන් ඉන්ටරස්ට් දේ මොකක්ද කියල හොයාගන්න මුල් කාලේ යොදවන්න ඕන. එහෙම නැතුව අපරාදේ නිකන් කුණු ලොට් එකක් ඔලුවට දාගන්නේ..
ඔය ප්රෝග්රමින් වල තියෙනේ ලේසි ලෝඩර් කියල එකක්. අවශ්‍ය උනහම විතරයි අදාළ දේ ඉගෙනගන්න ඕන. උදාහරණයකට අපිට ඉන්ටර්නෙට් එකේ තියෙන තොරතුරු සේරම අපිට ඔලුවට දාගන්න එකේ තේරුමක් නැහැනේ. අපිට ඉන්ටරස්ට් එකක් විතරයි අපි හොයල ඒක ඉගෙනගන්නේ.
අපේ පොඩි කාලේ හිතේ තිබුන කුතුහලය නිසා ආපු ප්‍රශ්න සහ ක්රියෙටිවිටි එක සම්පුර්ණයෙන්ම මරල, මෙයාල දෙන ප්‍රශ්න වලට, අපි මෙයාලම දෙන උත්තර දීපු එකයි කලේ. මොකද අපිට බය කරලා තියෙන්නේ මෙයාල අහන ප්‍රශ්නෙට මෙයාලගේ උත්තරේ දුන්නේ නැතිනම් අපිට අනාගතයක් නැහැ කියල.
එහෙම නෙමෙයි වෙන්න ඕන, information කියන දේ Free ගන්න තියෙන්න ඕන. ඉන්ටරස්ට් කෙනාට එක ලේසියෙන් හොයාගන්න.
සහ මිනිස්සු ඒ දේවල් හොයාගෙන ඉහලට ගිහින් කරලා තියෙන දේවල් පෙන්න තියෙන්න ඕන. අන්න එතකොට තමයි ඉන්ටරස්ට් එකක් ඇවිල්ල ඒ ඔස්සේ ඒ මිනිහට අවශ්‍ය දේ ඉගෙනගෙන සෙට් වෙන දේ විතරක් ඉගෙනගෙන යන්නෙ. ඔය කෙහෙල්මල් exam කරා කියල ඩිග්රි කළා කියල මේලෝකේ තේරුමක් නැහැනේ. අන්තිමට සේරම expire වෙනවා. වෙන මොකක් හරි කම්පැනි එකකට වැඩ කරලා නාකි වෙලා මැරිලා යනවා. මෙලෝ රහක් නැති ජිවිත.
උන්ගේ ජීවිතෙන් වැඩක් ගන්නේ දේශපලුවෙක් විතරයි (කතිරේ ගහගන්න)
7, 8, වසරේදී ඔහොම efficient system එකක් තිබුනොත්, ගොඩක් impotent දෙයක් ඉගෙනගනියි ඒ වසරට යනකොට. එතකොට 12 වසරට ගිහින් ඉගෙනගන්න එකාට වඩා 7,8 වසරේදී ඉගෙනගන්නවා වැදගත් දෙයක් ඒ මිනිහ, 12 වසරේදී තේරුමක් නැති කෙහෙල්මල් ගොඩක් ඔලුවට කොටලා පුරව ගන්නේ නැතිව. අපි 1 වසරේ ඉඳන් 12 වසරට යනකන් ඉගෙනගත්ත දේවල් වලින් සත පහක වැඩක් නැති දේවල් කෝටි ගානක් තියෙනවා ඇති. අපරාදේ වැය වෙච්ච කාලෙයි මහන්සියයි ශක්තියයි. බිත්ති හතරකට කොටු වෙලා බංකු/පුටු උඩට වෙලා හැමෝම ඉගෙනගන්න හදන මගුල තේරුමක් නැති කාලකන්නි රේස් එකකට අහු වෙලා තේරුමක් නැති මගුල් කරලා මැරිලා යනවා. මෙලෝ රහක් නැහැ නේද?