This is how we met.... (Updating)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,909
    113
    Death Vally
    pererooo Dil* ta nidiyanna kiyala umba type karahanko... :P
    ela kathawa ban :D

    අඩේ පවු නේ බං. ගෙදර ගිහිල්ලත් මම නෙට් එකේම එල්ලිලා ඉන්නකොට. පැය කීයද අපි දෙන්නා ගෙදර ඉන්නේ. උදේ පාන්දරම ලියන්න ගන්නවා!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,909
    113
    Death Vally
    ලංකාවට ආපු දවසෙ ඉඳන්ම පෙරා කෝල් කරනවා දකින්න ආසයි වරෙං කියලා.මම කියනවා දැකල විතරක් මදි. තව මොනව හරි කරන්න ඕනෙ කියලා :lol::lol:

    කොහොම හරි ඇවිත් සතියක් වත් යන්න කලින් මම මුගෙ ඔෆිස් එකට ගියා :):)
    නෑ නෑ තර්ස්ටන් එක ලඟ බැහැපං කියල මූ මාව එක්කං යන්න ආවා.
    අන්න එදා තමයි පෙරාව දැක්කෙ.අපි කලින් හම්බවෙල නොතිබුනට ඒ වෙනකොටත් අපිට තිබුනෙ අවුරුදු ගානක ඉඳන් දන්න අදූනන යාලු ෆිට් එකක් :yes::yes:

    පෙරා ගෙ ඔෆින් එකට ගියාම මූ එක එක රසට තේ එවනවා :P:P
    පොඩ්ඩයි ලැජ්ජ වගේ උනාට මූ තරහ වෙයි කියල මම නම් දෙකක්ම බිව්වා.තව එකක් එවන්න හදල බොහොම අමාරුවෙන් එපා කිව්වෙ.
    තේ ගේන ගෑණු කෙනාගෙ මූණ බලන්න කොහොමෙයි ඔහොම තේ බීල :lol::lol:

    :lol::lol:
    අඩේ.. ඔය උඹ බීවේ ජාති දෙකක් විතරයි. හිටපං මම ටිකක් උඹට ගෙනත් දෙන්නම්.. :cool:
     

    stharanga2005

    Junior member
  • Mar 27, 2008
    417
    18
    18
    Hanwella
    බොහෝම ස්තුතිය් චමිත් සහෝ, ඔය දුන්න ටූල් එකෙන් මම දැන් සිංහල ටයිප් කරන්නේ.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,657
    3,668
    113
    මාතර - මාලෙබ් - melbourne
    tumblr_lgixl4qsKk1qzcq51o1_500_thumb1.gif
    tumblr_lgixl4qsKk1qzcq51o1_500_thumb1.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,909
    113
    Death Vally
    ඔන්න ඉතිං මම ඉස්ටේසම ඉස්සරහට ගිහිල්ලා ටිකක් විපරමෙන් වටපිට බැලුවා. කට්ටිය කොහෙද ඉන්නේ කියලා. කළුවරත් වැටිලා නිසා ටිකක් අමාරුයි. ඔහොම ටික වෙලාවක් වටපිට බලමින් ඉන්නකොට මගේ ඉස්සරහින් දෙන්නෙක් ඇවිදගෙන ගියා. එකෙක් අතේ සිලි බෑග් එකක්. ඒ පාං මල්ලක්. අනෙකගේ අතේ බෑග් එකක්. පාං මල්ල අතේ තිබුන එකා චාමික කියලා කරුවලේ මම අඳුර ගත්තා. අනෙක් එකා ජේ.කේ. ඊට පිටිපස්සෙන් තව තුන් දෙනෙක්, ඉන් එකෙක් නිකා කියලා මම අඳුර ගත්තා. අනිත් දෙන්නාගෙන් බෝල්ට්ගේ පින්තූරයක් කලින් දැකලා තිබුන නිසා මම ඌව අඳුරගත්තා. අනිත් එක්කෙනා ශුවර් එකටම දිළුම් වෙන්න ඕනේ කියලා මම හිතා ගත්තා.දැං මෙන්න මුං යනවා කොටුවේ ගුවන් පාලම දිහාට. ගුවන් පාලම උඩට ගොඩ වෙච්ච මුං පාරේ එහා පැත්තට හිමින් හිමින් යන හැටි මම බලාගෙන හිටියා. දැං මුං පාරෙ එහා පැත්තට ගිහිල්ලා. පාරේ එහා පැත්තේ තියෙන බොගෝම වැදගත් ස්ථානයක මිනිත්තු කීපයක් ගත කල අපේ කට්ටිය ආයේ ගුවන් පාලම දිගේ ඉස්ටේසම පැත්තට ගාටනවා මම ඉස්ටේසම යට ඉඳලා බලාගෙන. මුං ඔක්කොම පහලට බහිනකං ඉඳලා මම ආයේ කෝල් එකක් ගත්තා ජේ.කේ.ට.
    මම : හලෝ මචං..
    ජේ.කේ. : ඔව් මචං.
    මම : දැං ඔක්කොම හරිද මචං? කීයටද කෝච්චිය? ( මම නිකං දුම්රිය කාලසටහන දන්නේ නෑ වගේ)
    ජේ.කේ : අටට මචං තියෙන්නේ. ටිකට් ගත්තෙත් නෑ තාම. ඉක්මනට ටිකට් ගන්න ඔනේ මචං
    මම : හරි හරි මචං. ප්‍රවේසමෙන් ගිහින් වරෙන් එහෙනම්.

    ඔහොම කියපු මම ෆෝන් එක කට් කලා. අපේ කට්ටිය ටිකට් කවුන්ටරේට ගිහින් පට්ටිපොලට ටිකට් ගන්න හැටි මම බලාගෙන. එහෙම ඉඳලා ටිකකින් මමත් ඒ කවුන්ටරෙන්ම පට්ටිපොලට ටිකට් ගත්තා. අරගෙන බැලුවා කට්ටිය කෝ කියලා. මුං කට්ටිය හිටගෙන ඉන්නවා ඉස්ටේසම කෙරවලට වෙන්න. මම පිටිපස්සෙන් ගිහින් ජේ.කේ.ගෙයි චාමිකගෙයි කරට අත දැම්මා. දෙන්නා එක පාරටම මගේ මූන බැලුවා. "අම්මට හුඩු.. මෙන්න මූ ඇවිල්ලා" ජේ.කේ. ගේ කටින් පිට වෙච්ච වචන ටික මට තවම මතකයි. චාමික පුදුමයෙන් වගේ මගේ දිහා බැලුවා. නිකාටත් පිටට තට්ටුවක් දැම්මා මම. ඒත් බෝල්ටයි දිලුමයි තාම හොල්මං." මචං බෝල්ට් මේ ඉන්නේ හමීශ්" ජේ.කේ. බෝල්ටාටයි දිලුම්ටයි මාව අඳුන්වලා දුන්නේ එහෙමයි. මම එකා ඇදගෙන හිටියේ එලකිරි.කොම් ටී ශර්ට් එක. උං දෙන්නා ජේ.කේ. කියඔඋ දේ විශ්වාස කරා. "හලෝ මචං" බෝල්ට් මට අතට අත දුන්නා. කෝච්චියට වෙලාව ලඟ නිසා අපි ඇතුලට යන්න හැදුවා. "ඇත්තටම මේ කවුද බං?" බෝල්ටා ජේ.කේ.ගෙන් ඇහුවා. "මේ බං අපේ පෙරේරා" ජේ.කේ.ට කියන්න හම්බ උනේ එච්චරයි. "අඩෝ &^%%$^%$^%$" කියලා වචන පෙලක් දිග ඇරපු බෝල්ට මාව බදා ගත්තා. වචන පෙල ඉතිං එතන හිටිය උං දැනගත්තාම ඇති. :P ඔන්න ඔහොමයි මගේ දෙවෙනි මනමාලයාව ඉස්සෙල්ලාම හම්බ උනේ :P

    කොහොම හරි අපි ට්‍රිප් එක ගියා. JaasBandara සෑහෙන කට්ටක් කාලා සෑහෙන වෙලාවක් බලං ඉඳලා ගම්පොල ඉස්ටේසමෙන් කෝච්චියට ගොඩ උනා. බන්ඩා ඉස්ටේසමට ආපු හැටි, ඉස්ටේසමේ හිටිය හැටි, හම්බවෙච්ච කට්ටිය ඒ ඔක්කොම රස කතා. ඒවා බන්ඩා ත්‍රෙඩ් එකේ ඉස්සරහට පෝස්ට් කරාවි. කොහොම හරි ගම්පොල ඉස්ටේසමෙන් බන්ඩා නැග්ගා. ඌටත් තිබුනේ බොහොම උණුසුම් පිලිගැනීමක්.
    අපි අපේ පළවෙනි ට්‍රිප් එක සෑහෙන්න සාර්ථකව අවසන් කලා.


    155135_10150091465481418_7197092_n.jpg


    75887_10150091466436418_199657_n.jpg


    75128_10150091466591418_4893536_n.jpg


    155435_10150091467871418_5692147_n.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,909
    113
    Death Vally
    කොහොම හරි පළවෙනි ට්‍රිප් එක ඉතාමත් සාර්ථකව අවසන් කරන්න පුළුවන් උනා. ට්‍රිප් එකෙන් පස්සේ අපි අතර තිබුනේ පුදුම විදියේ බැදීමක්. ලෙංගතුකමක්. අපි හැම දවසකම වගේ ස්කයිප් එකෙන් කතාබහ කලා. චැට් කරා. ඔහොම දවස් ගෙවිලා ගියා. කොහොම හරි චාමිකගේ උපන්දිනේ ලං උනා. මට හොඳට මතකයි චාමිකගේ උපන්දිනේ යෙදිලා තිබුනේ ඉරිදා දවසක. මට ඒ ඉරිදා දවසේ මාතර ගිහින් මගේ ආච්චි අම්මාව කොළඹ එක්කගෙන එන්න යෙදිලයි තිබුනේ. මම කල්පනා කරා චාමිකගේ උපන්දිනේ දවසේ පොඩි Surprise එකක් දෙන්න ඕනේ කියලා. ඉස්සර ඉතිං එලකිරි එකේඋපන්දිනයක් අතාරින්නේ නෑ නේ. මම චාමිකගේ උපන්දිනේට කලින් දවසේ ඒ කියන්නේ සෙනසුරාදා රෑම චාමිකට සුභපතලා ත්‍රෙඩ් එකක් දැම්මා. මගේ ප්ලෑන් එක උනේ චාමිකට නොකියා චාමිකව බලන්න ගෙදර යන එක. මූට තෑගි හැටියට ඌ බොන්න ආසා තේ වර්ගයෙන් පැකට්ස් ටිකකුත් අරගත්තා. කොහොම හරි උදේ පාන්දර 03ට විතර නැගිටපු මම චාමිකට විශ් කරලා SMS එකක් එහෙම දාලා මාතර යන්න පිටත් උනා. SMS එක දැම්මේ පොඩි හරි සැකයක් නොවෙන විදියට. පාන්දර 04ට විතර් ගෙදරින් පිටත් වෙච්ච මම කොටුවෙන් මාතර බස් එකක නැග්ගා. ගාල්ලට ටිකට් අරගත්තත් චාමිකගේ ගෙවල් තියෙන ඉසව්වක් මම දැනගෙන හිටියේ නෑ. ගෙදර යන්නේ මූට හොරෙන්නේ..මොකෝ ඉතිං මුගෙන් කෝල් කරලා අහන්න කියල යෑ ... දහ අතේ කල්පනා කොරා මූ කවදා හරි දවසක ගේ තියෙන හරියක් ගැන කියලා තියෙයිද කියලා. ඒත් පොඩි හරි හෝඩුවාවකට තිබුනේ දක්ෂින ලංකා කෑම්ප් එක හරියේ කියලා විතරයි. කොච්චර කල්පනා කරත් මට පොඩි හරි හෝඩුවාවක් මතක් කරගන්න ලැබුනේ නෑ. කොහොමහරි කල්පනාවෙන්ම කල්පනාවෙන් බස් එක ගාල්ලට කිට්ටු උනා. වෙලාව හරියටම උදේ 07යි. මම ගාල්ලෙන් බැහැගත්තා. ඉරිදා උදේ ගාල්ලේ පන්තියන කොල්ලෝ කෙල්ලො පිරිලා. මම අනන්තවත් ගාල්ලේ ගිහින් ඇති. ඉහෙ කෙස් ගානට ගාල්ල හරහා මාතර ගිහිල්ල ඇති. ගාල්ල ටවුන් එකේ අනන්තවත් ඇවිදලා ඇති. ඒත් මෙච්චර ලොකු ටවුන් එකේ මම කොහොමද චාමිකව හොයන්නේ. පලවෙනි පාරට මම පරාද උනා වගේ හැඟීමක් මට ආවා. මට තිබුන එකම තුරුම්පු දෙක චාමික ගාල්ලේ කච්චේරියේ වැඩකරනවා කියන එකයි දක්ෂින ලංකා කඳවුර හරියේ ඉන්නවා කියන එකයි විතරමයි. ඒ ඔක්කොටම කලින් මට ඉශ්ටකරගන්න ලොකූ අවශ්‍යතාවයක් තිබුනා. උදේ පාන්දර ඉඳන් අමාරුවෙන් හිටියේ. සුදුසු ස්ථානයක් බලලා ඒ අවශ්‍යතාවය ඉෂ්ටකරගත්ත මම කොහොම හරි චාමිකගේ ගේ හොයාගන්නවා කියන අදහසින් ගාල්ල ටවුන් එකේ ඉඳන් නාවුක කඳවුර පැත්තට ඇවිදින්න ගත්තා.